සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීම සඳහා වන නව පනතක් ලබන ඔක්තෝබර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර කීවේය.
මෙම කොමිසම පිහිටුවීමට අදාළව දැනටමත් මහජනතාවගේ අදහස් ලබා ගැනීමේ කටයුතු රජය විසින් සිදු කර ගෙන යන බවත් එම සියලූ කටයුතු අවසන් වීමෙන් පසුව මේ සම්බන්ධයෙන් වන නව පනත ඉදිරිපත් කෙරෙන බවද අමාත්‍යවරයා පැවසීය.
නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සඳහා වන ව්‍යවස්ථා කෙටුම්පතක් ලබන නොවැම්බර් මාසයේ මැද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය බලාපොරොත්තු වන බවද මෙම නව ව්‍යවස්ථා කොටුම්පත බොහෝ දුරට එම මාසයේ ඉදිරිපත් කෙරෙන 2017 අයවැය යෝජනා වලට පෙර ඉදිරිපත් කෙරෙනු ඇතැයිෙ සමරවීර මහතා කීවේය.
විදේශ අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (29) විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තේරුම් ගෙන මහජන නියෝජිතයන් ඊලග ඡන්දෙදි පත්කරගත්තොත් නේද හොඳ? (ර)
පොදු ජනතාවට දැන් සත්‍ය පසක් වෙලා ඉවරයි. (ර)
මේ අය අර සත්‍ය, මේ සත්‍ය කිය කියා කොමිසන් සභා පවත්වන්නේ මේ අපට තියෙන ආදරේට නොවේ කියලා අපි දන්නවා (නි)
දැන් මේ රට දුවන්නේ ඇමරිකන් ඕන එපාකම් වලට අනුව .අතුරුදන් වීමේ පනත හැදුවේ අැමරිකාවෙදීලු ?නව ව්‍යවස්ථාව සම්මත කරනකම් රට සල්ලි ලැබෙන්නේ නැතිලු ? උ /නැ එකතු කළාම ඇමරිකාව කඳවුර ගහන්න බලන් ඉන්නවලු ?2020 දී ලංකාව ඇමරිකාවේ කැල්ලක් වේවිද මන්ද ?.එතකොට රනිල් ? (බ)
මට චන්ද්‍රිකාගේ ආණ්ඩුව මතක්වුණා. කොමිසම්,කොමිසම්, නිමක් නැති කොමිසම්. අන්තිමේදී වෙච්ච දෙයක් නැහැ. (නි)
රටේ තියන ප්‍රධාන ප්‍රශ්න තමයි සත්‍ය සෙවීම, අතුරුදහන් අය සෙවීම, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ඔය තුන කරපුහම රට ස්වයංපෝෂිතයි ප්‍රශ්න මුකුත් නැහැ . හුදී ජනයා යෙහෙන් වැජඹෙයි නේද? (බ)
ඇත්ත හොයනනවා කියල බොරු කියනවට වඩා හොද නැද්ද ඇත්ත කිව්වොත් (ම)
ඔබේ වාර්තාව අනුව නව ව්‍යවස්ථාවක් හදනවා නම් අනිවාර්යෙන්න්ම බලය බෙදීමක් හෝ රට බෙදීමකට ඉඩ නොතබන්න. රටක් බෙදා ගත යුත්තේ යුද්දයකින් මිස වයවස්තාවකින් නොවේ. රටක් ආරක්ෂා කර ගත යුත්තේ හොඳ අධිකරණ ක්‍රමයකින් සහ හොඳ බලවත් යුද්ධ හමුදාවක් ඇති කිරීමෙන් පමණි. (ර)