IMG-LOGO

සත්‍ය සෙවීමේ කමිටුවක්, නව ව්‍යවස්ථාවක් ගැන මංගල කියයි

සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීම සඳහා වන නව පනතක් ලබන ඔක්තෝබර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර කීවේය.

මෙම කොමිසම පිහිටුවීමට අදාළව දැනටමත් මහජනතාවගේ අදහස් ලබා ගැනීමේ කටයුතු රජය විසින් සිදු කර ගෙන යන බවත් එම සියලූ කටයුතු අවසන් වීමෙන් පසුව මේ සම්බන්ධයෙන් වන නව පනත ඉදිරිපත් කෙරෙන බවද අමාත්‍යවරයා පැවසීය.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සඳහා වන ව්‍යවස්ථා කෙටුම්පතක් ලබන නොවැම්බර් මාසයේ මැද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය බලාපොරොත්තු වන බවද මෙම නව ව්‍යවස්ථා කොටුම්පත බොහෝ දුරට එම මාසයේ ඉදිරිපත් කෙරෙන 2017 අයවැය යෝජනා වලට පෙර ඉදිරිපත් කෙරෙනු ඇතැයි‍ෙ සමරවීර මහතා කීවේය.

විදේශ අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (29) විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීය.



අදහස් (0)

සත්‍ය සෙවීමේ කමිටුවක්, නව ව්‍යවස්ථාවක් ගැන මංගල කියයි

තෙන්නකෝන් Tuesday, 30 August 2016 06:37 AM

මේ තේරුම් ගෙන මහජන නියෝජිතයන් ඊලග ඡන්දෙදි පත්කරගත්තොත් නේද හොඳ? (ර)

:       0       0

සොපි Tuesday, 30 August 2016 06:34 AM

පොදු ජනතාවට දැන් සත්‍ය පසක් වෙලා ඉවරයි. (ර)

:       0       0

බණ්ඩාර Monday, 29 August 2016 08:03 PM

මේ අය අර සත්‍ය, මේ සත්‍ය කිය කියා කොමිසන් සභා පවත්වන්නේ මේ අපට තියෙන ආදරේට නොවේ කියලා අපි දන්නවා (නි)

:       0       0

ගයාන් Tuesday, 30 August 2016 10:17 AM

දැන් මේ රට දුවන්නේ ඇමරිකන් ඕන එපාකම් වලට අනුව .අතුරුදන් වීමේ පනත හැදුවේ අැමරිකාවෙදීලු ?නව ව්‍යවස්ථාව සම්මත කරනකම් රට සල්ලි ලැබෙන්නේ නැතිලු ? උ /නැ එකතු කළාම ඇමරිකාව කඳවුර ගහන්න බලන් ඉන්නවලු ?2020 දී ලංකාව ඇමරිකාවේ කැල්ලක් වේවිද මන්ද ?.එතකොට රනිල් ? (බ)

:       0       0

ධම්ම Tuesday, 30 August 2016 02:12 AM

මට චන්ද්‍රිකාගේ ආණ්ඩුව මතක්වුණා. කොමිසම්,කොමිසම්, නිමක් නැති කොමිසම්. අන්තිමේදී වෙච්ච දෙයක් නැහැ. (නි)

:       0       0

ඇසළ Tuesday, 30 August 2016 02:45 AM

රටේ තියන ප්‍රධාන ප්‍රශ්න තමයි සත්‍ය සෙවීම, අතුරුදහන් අය සෙවීම, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ඔය තුන කරපුහම රට ස්වයංපෝෂිතයි ප්‍රශ්න මුකුත් නැහැ . හුදී ජනයා යෙහෙන් වැජඹෙයි නේද? (බ)

:       0       0

සිරි Tuesday, 30 August 2016 03:52 AM

ඇත්ත හොයනනවා කියල බොරු කියනවට වඩා හොද නැද්ද ඇත්ත කිව්වොත් (ම)

:       0       0

උෂේන්ද්‍ර Tuesday, 30 August 2016 06:04 AM

ඔබේ වාර්තාව අනුව නව ව්‍යවස්ථාවක් හදනවා නම් අනිවාර්යෙන්න්ම බලය බෙදීමක් හෝ රට බෙදීමකට ඉඩ නොතබන්න. රටක් බෙදා ගත යුත්තේ යුද්දයකින් මිස වයවස්තාවකින් නොවේ. රටක් ආරක්ෂා කර ගත යුත්තේ හොඳ අධිකරණ ක්‍රමයකින් සහ හොඳ බලවත් යුද්ධ හමුදාවක් ඇති කිරීමෙන් පමණි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 221 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 557 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site