හය වසරක් තිස්සේ ගනුදෙනුකරුවන්ගේ ගිනුම්වලට බැර කළ යුතු ශත ප්‍රමාණය එසේ බැර නොකර වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර දුන් බව බණ්ඩාරවෙල පොලිස් අධිකාරී රොෂාන් විජේසිංහ මහතා කියයි.
රාජ්‍ය බැංකුවක ජ්‍යෙෂ්ඨ නිලධාරියකු විසින් මසේ වංචා කර ඇතැයි කියන මුදල රුපියල් ලක්ෂ 80කට වැඩි බව හෙළි වී ඇත.
රාජ්‍ය බැංකු බදුල්ල ප්‍රාදේශීය කාර්යාලය සිදු කළ අභ්‍යන්තර පරීක්ෂණයේදී හෙලි වූ තොරතුරු මත සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත.
කැතැන්පත්කරුවන්ට පොලී මුදල් වැනි විවිධ ගෙවීම් සිදු කිරීමේදී සහන් වන ශත ප්‍රමාණය වංචා සහගත ලෙස අදාල නිලධාරියා ඔහුගේ ගිනුමට බැර කර ගෙන ඇතැයි හෙලි තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කියන බැංකුවට පුළුවන්නේ මේ යාචකයව තමන්ගේ සේවින්ග්ස් ප්‍රොමෝෂන් ඇඩ් එහෙකට දාගන්න . වැඩේ එතකොට නියමෙට ප්‍රැක්ටිකල් වෙනවනේ. එහෙම වෙනවනම් වැඩේ නියම තමයි.(නදී)
ලක්ෂ අසුව මොනවද මේ ලගදි ලක්ෂ හාරදාහක් සිංගප්පුරුවේ හොං කොං බැංකුවට බැර කල මුදල් කොහෙන්ද ලැබුනේ කොහොමද ලැබුනේ කියා සොයා බලා මේ ලොකු හොරුන්වත් නීතිය ඉදිරියට පමුණුවන්න. (දී)
ලක්ෂ අසුව හදන්න සතේ ඒවා කොයිතරම් ඕනෙද (දී)
සතේ ඒ තරම් වටිනවාද (දී)
ජල බින්දූව බින්දුව එකතුකලත් කලේ පිරී ඇත.(නදී)
සතෙන් තමයි රුපියල හැදෙන්නේ (දී)
අම්මෝ රාධා ඔයා නියමයි (දී)
සතෙන් සතේ එකතු කරලා එකතු කරලා ............ (දී)
අහිංසක මනුස්සයෙක්, සතක් මංකොල්ල කළා මොනවා කරන්නද (දී)
මේ නිලධාරියට නම් දේශපාලන ප්‍රබලයන්ගේ කිසිම හිතවත් කමක් නැතුව ඇති.නැතිනම් අර වරෙන්තු ලැබූ යකඩ හොරු නිදැල්ලේ ඉන්නවා වගේ ගොට්ට අල්ලාගෙන බේරිලා ඉන්න තිබුන.නැතිනම් ඔය කවුරු හරි දමල හොරකමක මුවාවෙන් ලිපි ගොනු ටික උස්සන්න තිබුන. මේ යන අලුත්ම රිද්මය මේ මනුස්සය දන්නේ නැතුව ඇති. (දී)
දවසට ගනුදෙනු පන්දාහකින් අවම වශයෙන් සත පනහ ගානේ වෙන්කලොත් අවුරුදු නමයකින් ලක්ෂ අසූවක් හොයන්න පුළුවනි.(නදී)
අහිංසක දක්ෂකමක් (නි)
ඔයිට වඩා කොච්චර අපරාධ මේ රටේ වෙනවද? ඒ මනුස්සය අවුරුදු 6ක් මේක එකතු කරලා තියෙන්නේ. (දී)
බැංකු පිළිබ‍්ද ජනතාවගේ විශ්වාසය බිදෙනවා. එහෙම වුනොත් ලොකු ප්‍රශ්ණයක් තමයි.(නදී)
ලක්ෂ හාරදහ ලැබුනේ ඔය වගේ සතෙන් සතේ අවුරුදු ගණන් එකතු කරලා නොවේ. එක පාරම කුට්ටිය පිටින්මයි. (නදී)
පව්, ගිය ආත්මෙක ඔය බස් පෝලිම් වල සතේ සතේ එකතු කරන්න ඇති. ඕවා ජන්ම පුරුදු.(නදී)
මේ වගේ සිද්ද්දියක් කලිනුත් උනා වෙන රටක. (රට මතක නැහැ) මිනිහා ඉතාමත් සුක්ෂම අයුරින් ගිණුම්වල ඉතා පොඩි ප්‍රමාණයන් තමන්ගේ ගිණුමට බැර වන ලෙස පරිඝනක ගත කරලා තිබ්බා. ඒත් එම වංචාව අසු උනාට පස්සේ එම බැංකුව මිනිහව සේවයට ගත්තා, ඒ තරම් මොලයක් ඔවුන්ට කලින් හම්බවෙලා තිබුනේ නැති නිසා.(නදී)
ලක්ෂ අසුව මොනවද මේ ලගදි ලක්ෂ 66500 සිංගප්පුරුවේ හොං කොං බැංකුවට බැර කල මුදල් කොහෙන්ද ලැබුනේ කොහොමද ලැබුනේ කියා සොයා බලා මේ ලොකු හොරුන්වත් නීතිය ඉදිරියට පමුණුවන්න.(නදී)
රුපියල් ලක්ෂ හාරදාකට පස්සෙත් ලක්ෂ 66500ක ගනුදෙනුවක් සිද්ද වුනා කියලා අන්තර්ජාලය විස්තර සහිතවම පෙන්වා දී තිබුනා. දැන් ඉතින් කාගේ ගෙදරට හොරු පනිද දන්නේ නැහැ.(නදී)
කව්රුත් මේ ගැව වැඩි අවදානයක් යොමු නොකරපු කිසා තමයි මේ වැඩේ කරන්න පහසු වුනේ. ඔකත් එක්තරා විදිහක සක්විති ගේමක්. (නදී)
ඔය කියන කොමිස් මුදල දීපු පිටරැටිය කිව්වලු මට මේක දෙන එක නෙමේ ප්‍රශ්නේ .මෙහෙම අරන් කොහොමද රටක් දියුණු වෙන්නේ කියලා. ගම්මු තමා මේවා කියන්නේ අනේ මන්ද ?(නදී)