ජපානයේ සත්වෝද්‍යානයකින් දෙහිවල සත්වෝද්‍යානයට ගෙන ආ රයිනෝසිරස් යුවළක් පැටවකු බිහි කැර ඇත. ලොව සිටින රයිනෝසිරස් විශේෂ පහක් අතරින් අතිශය දුර්ලභ විශේෂයක් ලෙස හඳුන්වන කළු රයිනෝසිරස් වර්ගයට මේ පැටවා අයත්වෙයි. ලෝක සංරක්ෂණ සංගමය පවසන්නේ ලෝකයේ මේ වර්ගයේ සතුන් සිටින්නේ 1500ට අඩු පිරිසක් බවයි.
වඳවීයාමේ තර්ජනයට මුහුණ දී ඇති සතුන් අතර කළු රයිනෝසරයන් වඩාත් අවදානකට පත්ව ඇතැයි පරිසරවේදීහු පෙන්වා දෙති. මේ පැටවා බිහිකළ රයිනෝසිරස් යුවළ 2012 දී ද පැටවකු බිහිකළහ. ඒ පැටවා ජීවත්වූයේ දින කිහිපයක් පමණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඇස් වහක් කටවහක් වදින්න එපා පොඩි පැටියාට. (අ)
මෙයාවත් හොඳින් බලාගත්තොත්? (අ)
මේ සත්තු අපිට දෙන්න කටයුතු කළ අය ගෙන්වලා මේ අළුත් පැටියා රැකගන්න කටයුතු කළොත් නේද හොඳ? (නි)
දැන්මම ලන්ඩන් සත්තු වත්තට බාරදෙන්න. දන්නවනේ අපේ අයගේ වැඩ... (නි)
අර සුදු නයාට, සුදු කැස්බෑවාට වෙච්ච දේ මේ කළු හිපෝට වෙයිද කියලා මට බයයි (නි)
හරිම සතුටු පුවතක්. අලුත් උපන් මේ පොඩි පැටියාට දීර්ඝායුෂ හා නිරෝගිමත් දිවියක් පතනවා. අපේ රටේ ඉන්න මිනිස්සු මේ අයව කොහොම බලාගනීද කියන එකයි ප්‍රශ්නය (නි)
රටේ මිනිස්සු කන බොන දේවල් වලට 100% කින් බදු ගහල මිනිස්සුන්ටවත් කන්න දෙන්නේ නැති රටේ සත්තුන්ට කන්න දේවිද?පවු අසරණ සත්තු. (අ)
දෙහිවල සත්වෝද්‍යානයේ කන්න නැතිව/සාත්තුව නැතිව විශාල සත්තු ප්‍රමාණයක් මිය ඇදෙනවා.එහෙම එකේ මේ සතාටත් දෙවියන්ගේම පිහිටයි.(අ)