IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සාත්තරෙටත් කළින් දෙයියෝ බලති

කිරම  සිට තරුණියක මාවරලේ දේවාලයකට  පැමිණියාය.ඇය පූජා වට්ටිය දෝතින් ගෙන  තමන්ගේ වාරය එනතුරු දේවාල දොරටුව  ළඟ සිටියාය.ඇයට සිදු  වු කරදරයක්  හෝ අලාභයකට වගකිවයුත්තන් සොයා ගැනීම ඇගේ ඕනෑකම විය.

කුරුඳු තැලීම සඳහා අම්බලන්ගොඩ  සිට කිරම හදුගලට  පැමිණි තරුණයෝ දෙදෙනෙක් ද අනාගත තොරතුරු දැන ගැනීමටත්, සිතා ශාස්ත‍්‍රයන් ඇසීමට මෙම  ස්ථානයට පැමිණියහ.

තරුණයින් දෙදෙනා  ඈතින් දුටු තරුණයගේ මුහුණ මැලවී ගියාය.ඇය තම ජංගම දුරකථනයෙන් කාටදෝ ඇමතීමක් ගත්තාය.ඇමතුම දීමෙන් පසුව පුරුදු පරිදිම ඇය  ශාස්ත‍්‍ර ඇසීමේ  අපේක්ෂාවෙන් සිටියාය.

තරුණයන් දෙදෙනා දේවාලය අසලට ගියාය. ඔවුනට තරුණිය නෙත ගැටුණා පමණි. දෙදෙනට දෙදෙනා පුදුමයෙනුත්,බියමුසු ස්වරූපයකිනුත් එකිනෙකා  දෙස බලා ගත්හ.දෙන්නාට කඩිනමින් දේවාල භූමියෙන්  පිටව යෑමට පාරට පැමිණයෝය.ශාස්ත‍්‍ර ඇසීම අමතක වූවා සේය.

වේගයෙන් පැමිණි පොලිස් ජීප් රථයක්  ඔවුන් ළඟ නතර විය. තරුණයින් දෙදෙනාට ජීප් රථයට නගින ලෙස නියම කැරිණි. දෙදෙනා ජීප් රථයට ගොඩ වූවෝය.ඒ සමඟම එම ස්ථානයට  පෙර කී තරුණියද පැමිණියාය. ඇයද පොලිස් ජීප් රථයට නංවා ගත්  ජීප් රථය පිටත්ව ගියේය.

තරුණියගේ ගෙල බැඳි රන් මාලයක්  මීට දින ගණනකට පෙර පාරේදී කඩා ගත්තේ  එම තරුණයින් දෙදෙනා විසින් බව ඇය පොලීසියට කීවාය.

ශාස්ත්‍රය අහන්නැතිව කලින්ම ඇඟේ දුක දෙවියන්ට හෝ කියා ඇත.තරුණයන් දෙදෙනා දැන් රිමාන්ඩ් හිර ගෙදරය.



අදහස් (0)

සාත්තරෙටත් කළින් දෙයියෝ බලති

වරුණ Monday, 10 November 2014 11:59 PM

දෙවියන් කවදත් ගන්නේ හරි පැත්ත (නි)

:       0       0

බමුණු Tuesday, 11 November 2014 12:47 AM

පොලීසියේ කඩිනම් පියවර ගැන පොලිසියට ස්තුතියි. (නදී)

:       0       0

කුමාරි Monday, 10 November 2014 02:48 PM

කල කළ දේ පල පළ දේ කිව්වලු. (නදී)

:       0       0

වරුණ Tuesday, 11 November 2014 01:50 AM

මාල කඩන අයට නම් දෙන්න ඕනෑ ආයේ මතක හිටින්නම (නි)

:       0       0

නිහාල් Monday, 10 November 2014 03:37 PM

දැන් ඔන්න හෙට ඉදලා දේවාලේ කපුවා පෝස්ටර් ගහයි පේනවනේ දේවලේ අනුහස් කියලා. ටීව් පත්තර වලින් පෝලිමේ එයි. අන්තිමට මාසෙ දෙක තුනකට පස්සේ කපුවා හොරෙක් කියලා ඔය පත්තරේකම යයි.(හේ)

:       0       0

චිත්‍රා Monday, 10 November 2014 03:48 PM

මේවගේ දේ තමයි ගොඩක් සිදුවෙන්නේ.(හේ)

:       0       0

රූපවතී Monday, 10 November 2014 04:56 PM

මම නම් ගොඩාක්ම විශ්වාස කරන්නේ හැමදේටම වඩා ස්වභාව ධර්මය කියන දෙවියාය. සෑම ආගමකටම මම ගරු කරනවා (නි)

:       0       0

ගජේන් Monday, 10 November 2014 05:17 PM

දෙන දෙවියෝ අතටම ගෙනවිත් දෙනවා කියන්නේ මේවට තමයි (නි)

:       0       0

සත්‍යපාල Tuesday, 11 November 2014 05:45 AM

දැන් අපේ කට්ටිය ඔය කියන මාවරලේ දේවාලය හොයා ගෙන පෝලිමේ යන්න පටන් ගනීද දන්නේ නැහැ (දිල්).

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site