කිරම සිට තරුණියක මාවරලේ දේවාලයකට පැමිණියාය.ඇය පූජා වට්ටිය දෝතින් ගෙන තමන්ගේ වාරය එනතුරු දේවාල දොරටුව ළඟ සිටියාය.ඇයට සිදු වු කරදරයක් හෝ අලාභයකට වගකිවයුත්තන් සොයා ගැනීම ඇගේ ඕනෑකම විය.
කුරුඳු තැලීම සඳහා අම්බලන්ගොඩ සිට කිරම හදුගලට පැමිණි තරුණයෝ දෙදෙනෙක් ද අනාගත තොරතුරු දැන ගැනීමටත්, සිතා ශාස්ත‍්‍රයන් ඇසීමට මෙම ස්ථානයට පැමිණියහ.
තරුණයින් දෙදෙනා ඈතින් දුටු තරුණයගේ මුහුණ මැලවී ගියාය.ඇය තම ජංගම දුරකථනයෙන් කාටදෝ ඇමතීමක් ගත්තාය.ඇමතුම දීමෙන් පසුව පුරුදු පරිදිම ඇය ශාස්ත‍්‍ර ඇසීමේ අපේක්ෂාවෙන් සිටියාය.
තරුණයන් දෙදෙනා දේවාලය අසලට ගියාය. ඔවුනට තරුණිය නෙත ගැටුණා පමණි. දෙදෙනට දෙදෙනා පුදුමයෙනුත්,බියමුසු ස්වරූපයකිනුත් එකිනෙකා දෙස බලා ගත්හ.දෙන්නාට කඩිනමින් දේවාල භූමියෙන් පිටව යෑමට පාරට පැමිණයෝය.ශාස්ත‍්‍ර ඇසීම අමතක වූවා සේය.
වේගයෙන් පැමිණි පොලිස් ජීප් රථයක් ඔවුන් ළඟ නතර විය. තරුණයින් දෙදෙනාට ජීප් රථයට නගින ලෙස නියම කැරිණි. දෙදෙනා ජීප් රථයට ගොඩ වූවෝය.ඒ සමඟම එම ස්ථානයට පෙර කී තරුණියද පැමිණියාය. ඇයද පොලිස් ජීප් රථයට නංවා ගත් ජීප් රථය පිටත්ව ගියේය.
තරුණියගේ ගෙල බැඳි රන් මාලයක් මීට දින ගණනකට පෙර පාරේදී කඩා ගත්තේ එම තරුණයින් දෙදෙනා විසින් බව ඇය පොලීසියට කීවාය.
ශාස්ත්‍රය අහන්නැතිව කලින්ම ඇඟේ දුක දෙවියන්ට හෝ කියා ඇත.තරුණයන් දෙදෙනා දැන් රිමාන්ඩ් හිර ගෙදරය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියන් කවදත් ගන්නේ හරි පැත්ත (නි)
පොලීසියේ කඩිනම් පියවර ගැන පොලිසියට ස්තුතියි. (නදී)
කල කළ දේ පල පළ දේ කිව්වලු. (නදී)
මාල කඩන අයට නම් දෙන්න ඕනෑ ආයේ මතක හිටින්නම (නි)
දැන් ඔන්න හෙට ඉදලා දේවාලේ කපුවා පෝස්ටර් ගහයි පේනවනේ දේවලේ අනුහස් කියලා. ටීව් පත්තර වලින් පෝලිමේ එයි. අන්තිමට මාසෙ දෙක තුනකට පස්සේ කපුවා හොරෙක් කියලා ඔය පත්තරේකම යයි.(හේ)
මේවගේ දේ තමයි ගොඩක් සිදුවෙන්නේ.(හේ)
මම නම් ගොඩාක්ම විශ්වාස කරන්නේ හැමදේටම වඩා ස්වභාව ධර්මය කියන දෙවියාය. සෑම ආගමකටම මම ගරු කරනවා (නි)
දෙන දෙවියෝ අතටම ගෙනවිත් දෙනවා කියන්නේ මේවට තමයි (නි)
දැන් අපේ කට්ටිය ඔය කියන මාවරලේ දේවාලය හොයා ගෙන පෝලිමේ යන්න පටන් ගනීද දන්නේ නැහැ (දිල්).