(එච්.එම්.ධර්මපාල)
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධිකරණ නියෝග මත රැකබලා ගැනීමට කූඩුවක රඳවා සිටි සුදු පරෙවියකු එම සතුන් බාරව සිටි සේවකයා විසින් සොරකම් කර රැගෙන යමින් සිටියදී පරෙවි ආහාර සමග සත්වෝද්‍යානය ආසන්න මාර්ගයකදී දෙහිවල පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මේ සම්බන්ධයෙන් සත්වෝද්‍යාන බලධාරීන් විසින් පරෙවියා සොරකම් කිරිම පිළිබදව දෙහිවල පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඉදිරිපත් කරනු ලැබ ඇතැයි පොලීසිය පැවසීය.
අත්අඩංගුවට පත් සැකකරු දෙහිවල කවුඩාන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 37 ක් පමණ වන අතර සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ වසර 10 කට අධික කාලයක සිට සේවය කර පලපුරුදු අයෙකු වන බවත් පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පලපුරුද්ද හොදටම තියෙන බව නම් පේනවා.