IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


සැත්කමට ආධාර සොයන්න ප‍්‍රසංගයක් කරන අකිල

2016-11-06-ent-51

ටෙලි නාට්‍ය, සිනමාව හරහා ක්ෂේත‍්‍රයට පැමිණි ඔහු මෑත කාලයේ ජනප‍්‍රිය රංගන ශිල්පියෙකු ලෙස පේ‍්‍රක්ෂක ආදරය දිනා ගත් අකිල සඳකැලූම්ය. මේ දිනවල කලා කටයුතුවලින් ටිකක් ඈත් වෙලා කියලා අපට ආරංචි වුණා. ඇත්තටම මේ දවස්වල ලොකු වැඩකට මහන්සි වෙනවා.

 

රංගනය පැත්තෙන් වැඩක්ද?

2016-11-06-ent-50අනේ නැහැ. මේ දවස්වල කලාව පැත්තේ වැඩ ටිකක් අඩුයි. කරපු නාට්‍ය කිහිපයක්ම තියෙනවා විකාශය වෙන්න. ඒ අතරේ ෆිල්ම් එකකටත් මේ දවල්වල සූදානම් වෙනවා.

ඇත්තටම මේ දවස්වල පෞද්ගලික ජීවිතේ කාරණාවක් නිසා පොඞ්ඩක් කාර්ය බහුල වෙලා ඉන්නේ. මගේ බිරිඳගේ තාත්තා කලක් රෝගාතුර වෙලා ඉඳලා දැන් හදිසි ශල්‍යකර්මයකට භාජනය කරන්න සිදු වෙලා තියෙනවා. ඒකට අපිට ලොකු මුදලක් අවශ්‍ය කරලා තියෙනවා. මගේ බිරිඳ රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යනවා.

පියාගේ සැත්කමට ලක්ෂ විස්සක් පමණ වැය වෙනවා. ඒ මුදල අපිට සොයා ගන්න අමාරුයි. ඉතින් අපි හිතුවා පවුලේ අය එකතු වෙලා මේ මුදල සොයා ගන්න සංගීත ප‍්‍රසංගයක් පවත්වන්න. මේවන විට ඒ සඳහා කටයුතු සියල්ල සූදානම් කරමින් යනවා.

 

කොහෙද තියෙන්නේ, කවදද කියලත් කියමු

නොවැම්බර් 13වැනිදා සවස 7.00ට මීගමුව ආවේ මරියා ඔඩිටෝරියම් එකේ තමයි තියෙන්නේ. නෙලූ අධිකාරී, භාචි සුසාන් ගායන ශිල්පීන් ශිල්පිනියන් විදිහට එදාට ඇවිල්ලා තාත්තා වෙනුවෙන් සින්දු කියනවා. කථනය කැලූම් ශ්‍රීමාල් අයියාගෙන්.

කලාකරුවෙක් විදිහට මට මේ වෙලාවේ පේ‍්‍රක්ෂක සහෘද මගේ හිතවතුන්ගේ උදව් අවශ්‍යයි. පියාගේ ශල්‍යකර්මයට ආධාර පිණිස කරන මේ සංගීත ප‍්‍රසංගය රසවිඳලා සහය වෙන්න කියලා ඉල්ලනවා. මගේ දුරකථන අංකය 0771852200.

කලාකරුවෙක් විදිහට ආරාධනා කරනවා මට කරන සහයෝගයක් ලෙස මේ මාසේ 13වැනිදා රාත‍්‍රි 7.00ට මීගමුව ආවේ මරියා ඔඩිටෝරියම් එකට එන්න ඇවිල්ලා ප‍්‍රසංගය නරඹලා සහයෝගයක් ලබා දෙන්න කියලා ඉල්ලනවා.

 

නදීශා අතුකෝරළ

 



අදහස් (0)

සැත්කමට ආධාර සොයන්න ප‍්‍රසංගයක් කරන අකිල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 367 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 305 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 474 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site