IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සත් සමුදුරින් එතෙර ගියත් ගම අමතක නොකරයි

ජර්මන් - ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ අනුග්‍රහය මත මාතර අනුර විද්‍යාලයේ අභිනව නව පරිපාලන දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කෙරිණි.

ජර්මන් - ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ උප සභාපතිනි එඩල්ට්‍රැඩ් ෆින්ගර් මහත්මිය එම සංගමයේ සාමාජික හැරල් හොච්ග්‍රැෆෝ ප්‍රධාන ආරාධිතයෝ වූහ.

මාතර අනුර විද්‍යාලයේ දරු දැරියන් දර්ශනීය පෙරහරකින් ඔවුන් මාතර රාහුල හංදියේ සිට පාසල වෙත කැඳවා ගෙන ගිය අතර උණුසුම් පිළිගැනීමකින් අනතුරුව උත්සවය ඇරැඹිණි.

පුස්තකාලය, විදුහල්පති කාමරය, පරිපාලන ගොඩනැගිල්ල ආදී ඒකක ගණනාවකින් සමන්විත නව ගොඩනැගිල්ල ෆින්ගර් මහත්මිය විවෘත කළාය. පසුව ඇය සිසු දැරියන් සමග වේදිකාව මතට ගොඩවී අලංකාර නර්ථනයකද නිරත වූවාය.

මෙම කටයුත්ත සඳහා මුල්වී ක්‍රියා කළ ජර්මන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ සභාපති සිවිල් ඉංජිනේරු සාගර අබේගුණවර්ධන මහතා දරු දැරියන් වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් එවා තිබිණි. ෆින්ගර් මහත්මිය එය ඉදිරිපත් කළාය.

එහිදී අදහස් දැක්වූ ෆින්ගර් මහත්මිය මෙසේ කීවාය.

‘අපි සුනාමි ව්‍යසනයෙන් පසුව වසර 10 ක් තිස්සේ මෙහි සිටිනවා. මම අද 12 වැනි වතාවට ලංකාවට ආවේ. මේ පාසලට වගේම තවත් පාසල් දෙකක ගොඩනැගිලි හදන්න අපි උදව් උපකාර කළා. ඒත් ඒවා නිසි පරිදි නඩත්තු කරනවාද කියලා අපට ප්‍රශ්නයක් මතුවී තිබෙනවා. ඒත් මේ පාසලේ එහෙම නොවෙයි. ඔවුන් නිසි පරිදි අප විසින් ලබාදෙන සම්පත් ප්‍රයෝජනයට ගන්නවා. ඒ වගේම අපට ලොකු පිළිගැනීමකුත් ලබාදී තිබෙනවා. යුද ගැටුම් හේතුවෙන් දහස් ගණනක් දිනකට යුරෝපයට ඇදී එනවා. ඇඳිවත පමණක් සහිතව එන ඔවුනට උදව් කිරීම ප්‍රමුඛ කාර්යයක් වෙලා තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළත් ඔබ වෙත ලබාදෙන මේ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ලබාගන්නා ලෙස ඉල්ලා සිටිනවා‘

නැටුම්, ගැයුම්, වැයුම්, නාට්‍ය ආදියෙන් වර්ණවත්වූ උත්සවයට ජර්මන් - ශ්‍රි ලංකා මිත්‍රත්ව සංගමයේ කැඳවුම්කරු රුවන් අබේගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (0)

සත් සමුදුරින් එතෙර ගියත් ගම අමතක නොකරයි

සමන්තිකා පෙරේරා Monday, 31 August 2015 11:32 AM

ඉතා හොඳ වැඩක්.අගය කරමි.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 292 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site