
(අංජුල මහික වීරරත්න)
විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස පත් කර තිබේ.
අරඹෙිපොළ මහත්මිය මෙම රාජ්‍ය අමාත්‍ය ධුරය සඳහා පත්කර ඇත්තේ ඇය දැනට දරන සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධුරයට අමතරවයි.
කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ගීතා කුමාරසිංහ මහත්මිය ඉවත් කිරීමෙන් එම ධුරය පුරප්පාඩු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීතාට ගෝටාගේ කාලේ කිසි දෙයක් ලැබුණේ නෑ ... දැන් කොහොමද රනිල්ගේ සැලකිලි
කාසි මහත්තයෝ, එහෙම කියන්න එපා. ඇයි සීතා නෝනාට ටෝච් එකකුයි කුඩේකුයි හම්බ වුණානේ. ඔහොම තමයි ලීක්වාන් යූ ලාගේ මහතීර්ලගේ හැටි. අලුත් එක්කෙනාත් තකතීර් වුනොත් තමයි පුදුමේ...
ඒ පිටුව පෙරලුවට සීතා පොත දන්නවා රනිලා, ඔහුට අව්ලක් නෑ තරහා වෙලා යන්න ගියත් ගීතා. :)
එතකොට නාමල් බේබි...?
බෙහෙත් දෙන්න ඕනෑ ඔයා දේශපාලනයට ඇවිත් නිකන් නාස්ති වෙනවා
ගෝඨාට අන්තප්පුරයෙන් වත් වැඩක් ගන්න කාලය නැතිවුණා. මෙයත් ඉතින් වර්ණනා කර කර හිටියා මග බල බලා…
කුඩයකුයි, ටෝච් එකකුයි දෙන්නද? සීතා දැන් උම්බෑ කියයිද දන්නේ නෑ...
ඕවා ඉතින් කී කාලෙකටද? අපිට මතක් වෙනවා ඒ කාලේ ගෝඨාගේ ගේ මීටීම් වල කතා කරපු තාලේ,හරියට අදෝනාවක් වගේ,අහගෙන ඉන්ඩත් අප්පිරියයි .උගත් දොස්තර නෝනාට වෙච්චි දේ ?.
කුඩා සීතාට ජයවෙව්වා
තවත් වියත් මගේ කෙනෙක්...!
නාමල්ගේ මාලදිවයින් ටුවර් එකක මෙයාවත් අරන් ගියා නේද…?
මේ ආරංචිය අහල කවුරු කොයි ආකාරයකට "ප්‍රකම්පනය" වෙයිද කියන්න බැහැ නේද ? මොක වෙන්නත් තව ටික දවසනෙ තියෙන්නේ.
තවත් අලුත් කුඩයකුත් ඕනෙද දන්නේ නෑ ?