ඩයලොග් ශූරයන්ගේ කුසලාන අන්තර් සමාජ පාපන්දු තරගාවලියේ තවත් තරග අටක් අද (22) පැවැත්වීමට නියමිතය. මෙම සති අන්තයට නියමිත සියලූම තරග අද දිනයේදී පවත්වා අවසන් කරන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පවසයි.
පොසොන් පෝය හෙටට (23 වැනිදා) යෙදී තිබෙන බැවින් මෙම සති අන්තයේ සියලූම තරග අද දිනයට යොදාගත් බව පාපන්දු සම්මේලනයේ මාධ්‍ය අධ්‍යක්ෂ රුක්මාල් පෙරේරා මහතා ”ලංකාදීප”යට පැවසීය.
අද (22) පැවැත්වීමට නියමිත තරග
- අනුරාධපුර සොලිඞ් සහ කුරුණෑගල පොලීසියේ අතර මාලිගාපිටිය කී‍්‍රඩාංගණයේදී.
- රත්නම් සහ නාවික හමුදාව අතර සී. ආර්. පිටියේදී.
- කඑතර බ්ලූස්ටාර්ස් සහ ගුවන් හමුදාව අතර කඑතර වර්නන් ප‍්‍රනාන්දු කී‍්‍රඩාපිටියේදී.
- ජාවාලේන් සහ මීගමුව යූත් අතර සිටිලීග් පිටියේදී.
- පොලීසිය සහ යුද හමුදාව අතර පොලිස් පිටියේදී.
- මීගමුව දොන් බොස්කෝ සහ රිනවුන් අතර දොන් බොස්කෝ පිටියේදී.
- වෙන්නප්පුව නිව්යංග්ස් සහ නාවලපිටිය අප්කන්ටි‍්‍ර පිල අතර වෙන්නප්පුව ඇල්බට් පීරිස් කී‍්‍රඩාංගණයේදී.
- බේරුවල සුපර්සන් සහ සෝන්ඩර්ස් අතර කැලණිය පාපන්දු පිටියේදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඑතර බ්ලූස්ටාර්ස් ඔබට ජය ! (ස)
අවම පහසුකම්, වැඩිම ජයග්‍රහන, වැඩිම ප්‍රෙක්ෂකයන් සිටින, කළුතර බ්ලූ ස්ටාර්, උණුසුම් සුභ පැතුම් !(ස)