මහරගම වත්තේගෙදර 532 සී සණස සමිතියෙහි බාහිර තැන්පත්කරුවන්ගේ මුදල් රුපියල් කෝටි 68ක් නිලධාරීන් වංචා කර ඇති බව කියමින් එම තැන්පත්කරුවෝ අද (23) බත්තරමුල්ලේ පිහිටි පළාත් සභා ගොඩනැගිල්ල වැටලූහ.
පිරිස පළාත් සභා ගොඩනැගිල්ලේ ගේට්ටුව කඩාගෙන එම පරිශ්‍රයට ඇතුළු වූහ.
පිරිස සමඟ සාකච්ඡා කළ ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා එම සමූපකාර සමිතිය සමූපකාර දෙපාර්තමේන්තුව යටතට පවරාගෙන අවශ්‍ය විමර්ශන සිදුකරන ලෙස බලධාරීන්ට නියෝග කළේය.
මේ අතර තැන්පත්කරුවන්ට සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලා පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරුන් යෝජනාවක් ගෙන ආවද එය විවාදයට නොගත යුතු බවට ආණ්ඩු පක්ෂය යෝජනා කළේය. මෙය විවාදයට ගත යුතු බවට ඡන්දය ලබාදුන්නේ ජ.වි.පෙ මන්ත්‍රීන් ඇතුළු 5 දෙනෙකු පමණක් බැවවින් එය විවාදයට ගත නොහැකි විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විවාදයට නොගතයුතුයි කියලා කියනවා නම් මේක මොනතරම් බරපතල කාරණාවක් වෙන්න ඕනෑ (නි)
රජයේ නිලධාරීන්ගේ ලොකුම රාජකාරිය තේරුම් නොගත් එකේ වරද තමයි
මේකට පළාත් සභාව වටලලා වැඩක් නැහැ ,හොරකම කරලා තියෙන්නේ ගමේ අයමනේ , ඒ අයගේ ගෙවල්නේ වටලන්න ඕන, සනසට නිලදාරී පත්කරන්නේ පළාත් සභාවෙන් නොවේනේ (අ)
මේක සමූපකාර දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ණය දෙන සමිතියක් නේද?