එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ රාජකාරීන් සඳහා දකුණු සූඩානය බලා පිටත්ව යාමට නියමිත ගුවන් හමුදා හෙලිකොප්ටර් බලපන්තියේ ගුවන් භටයෝ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක වෙත තම උත්තමාචාර පුදකරමින් කටුනායක මුලික කඳවුරේදී අභිමානවත් අයුරින් විසිර ගියහ.
නිලධාරීන් 18 ක් සහ සෙසු නිලයන් 86 දෙනෙක්ගෙන් යුත් හෙලිකොප්ටර් බල පන්තියේ අණදෙන්නා ලෙස විංග් කමාන්ඩර් පී.ඒ.වී සමන්ත කටයුතු කරනු ලබයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව මාතෘ භූමියේ ආරක්ෂාව වෙනුවෙන් ඉටුකරන මෙහෙයද, විනය ගරුක හමුදාවක් ලෙස ලොවටම ආදර්ශමත්ව තම රාජකාරී නිසි පරිදි ඉටුකිරීමද සලකා බලා එය ඇගයීමක් ලෙස එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ රාජකාරීන් සඳහා දෙවන වරටත් සම්බන්ධවීමේ අවස්ථා උදා වී ඇත.
මින් පළමු අවස්ථාව ලෙස මධ්‍යම අප්‍රිකානු ජනරජයේ රාජකාරී සඳහා යොදවනු ලැබු ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ ගුවන් භටයෝ දැනට එහි සාර්ථකව තම රාජකාරී ඉටුකරමින් සිටිති.
එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ රාජකාරීන් සඳහා දකුණු සුඩානය බලා පිටත්ව යන මෙම ගුවන් හමුදා හෙලිකොප්ටර් බල පන්තිය සඳහා අවශ්‍ය රථ වාහන, උපකරණ සහ අනෙකුත් උපකරණ පසුගිය ජනවාරියේ නැව් මගින් එරටට යවනු ලැබිනි.
මෙම විසිර යාමේ උළෙලට ගුවන් හමාදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිෂ් මාෂල් ගගන බුලත්සිංහල ඇතුළු ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිලධාරීහු ඇතුළු සෙසු නිළයෝ විශාල පිරිසක් සහභාගී වුහ.












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2009 යුද්ධය ඉවර නිසා හොඳයි (නදී)
මුලු ලෝකෙටම වටින්නේ අපේ කොල්ලෝ. (නදී)
හර්ෂණ,එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ රාජකාරීන් සඳහා රටවල් ගණනාවක හමුදා සම්බන්ධ වෙනවා. මෙය ලංකාවට ලැබුන මහඟු අවස්ථාවක්. නැතුව ලංකාවේ හමුදාවට පමණක් ලැබුන අවස්ථාවක් නොවේ. (නි)
සුඩාන ජාතිකයෝ තාමත් සිවිල් සමාජගත නුන මහා එපාම කරපු ජාතියක්. ටික දෙනෙක් ඉන්නවා ඉගෙනගත්ත. බහුතරය වැඩකට නැති ජාතියක් ප්‍රවේසමෙන් ගනු දෙනු කල යුතුයි (නදී)
සුඩානයට ගිහින් පරිස්සමට ලංකාවට නැති ලෙඩනම් බෝ කරගෙන එන්න එපා . (අ)
මුලින්ම ගෞරවය හිමි වෙන්න ඕනේ ගෝඨාට නේද? (නදී)