IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සූඩාන පුහුණුව අවසන් කරයි

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ රාජකාරීන් සඳහා දකුණු සූඩානය බලා පිටත්ව යාමට නියමිත  ගුවන් හමුදා හෙලිකොප්ටර් බලපන්තියේ ගුවන් භටයෝ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක වෙත තම උත්තමාචාර පුදකරමින් කටුනායක මුලික කඳවුරේදී අභිමානවත් අයුරින් විසිර ගියහ.

නිලධාරීන් 18 ක් සහ සෙසු නිලයන් 86 දෙනෙක්ගෙන් යුත් හෙලිකොප්ටර් බල පන්තියේ  අණදෙන්නා ලෙස විංග් කමාන්ඩර් පී.ඒ.වී සමන්ත කටයුතු කරනු ලබයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව මාතෘ භූමියේ ආරක්ෂාව වෙනුවෙන් ඉටුකරන මෙහෙයද,  විනය ගරුක හමුදාවක් ලෙස ලොවටම ආදර්ශමත්ව තම රාජකාරී නිසි පරිදි ඉටුකිරීමද සලකා බලා එය  ඇගයීමක් ලෙස එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ රාජකාරීන් සඳහා දෙවන වරටත් සම්බන්ධවීමේ අවස්ථා උදා වී ඇත.

මින් පළමු අවස්ථාව ලෙස මධ්‍යම අප්‍රිකානු ජනරජයේ රාජකාරී සඳහා යොදවනු ලැබු ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ ගුවන් භටයෝ  දැනට එහි සාර්ථකව තම රාජකාරී ඉටුකරමින් සිටිති.

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ රාජකාරීන් සඳහා දකුණු සුඩානය බලා පිටත්ව යන  මෙම ගුවන් හමුදා හෙලිකොප්ටර් බල පන්තිය සඳහා අවශ්‍ය රථ වාහන, උපකරණ සහ අනෙකුත් උපකරණ පසුගිය ජනවාරියේ  නැව්  මගින් එරටට යවනු ලැබිනි.

මෙම විසිර යාමේ උළෙලට ගුවන් හමාදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිෂ් මාෂල් ගගන බුලත්සිංහල ඇතුළු ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිලධාරීහු ඇතුළු සෙසු නිළයෝ  විශාල පිරිසක් සහභාගී වුහ.

 5 6 10 12 13 25 35 36 37 38 DSC_8232 DSC_8282

 

 



අදහස් (0)

සූඩාන පුහුණුව අවසන් කරයි

දුමින්ද Saturday, 14 February 2015 03:29 AM

2009 යුද්ධය ඉවර නිසා හොඳයි (නදී)

:       0       0

හර්ෂණ Saturday, 14 February 2015 04:53 AM

මුලු ලෝකෙටම වටින්නේ අපේ කොල්ලෝ. (නදී)

:       0       0

මිහිඳු Saturday, 14 February 2015 06:10 AM

හර්ෂණ,එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ රාජකාරීන් සඳහා රටවල් ගණනාවක හමුදා සම්බන්ධ වෙනවා. මෙය ලංකාවට ලැබුන මහඟු අවස්ථාවක්. නැතුව ලංකාවේ හමුදාවට පමණක් ලැබුන අවස්ථාවක් නොවේ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 15 February 2015 06:08 AM

සුඩාන ජාතිකයෝ තාමත් සිවිල් සමාජගත නුන මහා එපාම කරපු ජාතියක්. ටික දෙනෙක් ඉන්නවා ඉගෙනගත්ත. බහුතරය වැඩකට නැති ජාතියක් ප්‍රවේසමෙන් ගනු දෙනු කල යුතුයි (නදී)

:       0       0

ඇන්ටන් Saturday, 14 February 2015 07:39 AM

සුඩානයට ගිහින් පරිස්සමට ලංකාවට නැති ලෙඩනම් බෝ කරගෙන එන්න එපා . (අ)

:       0       0

දහම් Saturday, 14 February 2015 08:40 AM

මුලින්ම ගෞරවය හිමි වෙන්න ඕනේ ගෝඨාට නේද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site