මීරිගම හරහා අද අළුයම හමා ගිය සැඩ සුළඟකින් කඩ සාප්පු හැට හැත්තෑවකට අලාභ හානි සිදු විය. නගරයේ ඇතැම් ගොඩනැගිලිවල වහල සුළඟට ගසාගෙන ගොස් තිබිණි. වරකපොල හා දංඕවිට මාර්ගයේ ගස් වැටීමෙන් විදුලිබලය ඇන හිටියේය. ජීවිත හානි කිසිවක් වාර්තාවී නැත.