ශරීරය අවදානමකට පත් කරවන හදවත, මධ්‍යම ස්නායු පද්ධතිය වැඩි ඉන්ද්‍රියන්ට ස්ටෙම් සෙල්ස් (මූලික සෛල) භාවිත කර එම ඉන්ද්‍රිය ප්‍රකෘත්තිමත් කිරීමේ විස්මිත ක්‍රමවේදය ළඟදීම ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට යයි.
නාරි හා ප්‍රසව විශේෂඥ ශල්‍ය වෛද්‍ය මාහාචාර්ය හේමන්ත දොඩම්පහල මහතා පැවසුයේ මේ සඳහා වන අනුමැතිය ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට මේ වන විට හිමි වී ඇති බවයි.
ලොව පිළිගත් ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර සමාගමක් හා එක් වී ප්‍රමුඛ පෙළේ දේශීය ආයතනයක් මෙම කර්තව්‍යය ශ්‍රී ලංකාවේ ඇරැඹීමේ මූලික ක්‍රියාමාර්ග මේ වන විට කරගෙන යන බව ද මාහාචාර්ය වරයා කීවේය.
දුර්වල හෘදයට වස්තුව ශක්තිමත් කිරීම, ස්නායු පද්ධතිය දිරාපත් වීමේ දී ඇති වන සංකූලතා මගහැරීම, ආඝාත, පාකින්සන් වැඩි රෝග තත්ත්වයනට පත්වන්නන් එම තත්ත්වයෙන් ගලවා ගැනීම යනාදියත් මූලික සෛල බද්ධ කිරීමෙන් හැකිවන බවත්, ඊට අමතරව නල දරු තාක්ෂණය සක්‍රීය කරමින් ඊට අදාළව විවිධ කාර්යයන් ඉටු කිරීමට හැකි වන බවත් මාහාචාර්ය දොඩම්පහළ පැවසීය.
2025 දෙසැම්බර් මස 18
436
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ස්ටෙම් සෙල් ප්‍රතිකාරය ලංකාවටත්
මාලි Tuesday, 03 June 2014 05:46 PM
මේව ඉතින් දොස්තරලට හොද බිස්නස් එකක් (නදී)
රජින්ද Tuesday, 03 June 2014 01:17 PM
සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා...!!!(නදී)
ශාමිලා ඖච්ක්ලන්ඩ් Wednesday, 04 June 2014 08:38 AM
අනේ මේ ශීලා. හැම දෙයක්ම අපේ රටේ තිබුන කියලා බොරු ශෝ දන්නා එපා. සුද්දන්ගේ හැම දේකටම විරුද්ද වෙන කට්ටියක් මෙතන ඉන්නවා. (නදී)
නිශාර්ඩ් ප්‍රීනා Tuesday, 03 June 2014 02:11 PM
ඔක්කොම හොඳයි. සාමාන්‍ය ජනතාවට මේවාට අයකරන ගාස්තුව ඔරොත්තු දෙයිද ? (නි)
ප්‍රියංක Tuesday, 03 June 2014 02:11 PM
මිළත් ඒ වගේම වැඩිද දන්නෙ නැහැ (නි)
ඉන්දික Tuesday, 03 June 2014 03:23 PM
ජාත්‍යන්තර ආයතන සම්බන්ධ කර ගත්තට කමක් නැහැ. හැබැයි බලාගෙන, එකත් අයිති කර ගනී. (ස)
සිල්වා Tuesday, 03 June 2014 03:47 PM
හේමන්ත දොඩම්පහල මහතා දක්ෂයෙක්. මෙය ලංකාවේ සාර්ථක වේවි යැයි බලාපොරොත්තු වෙනවා (නි)
ශීලා Tuesday, 03 June 2014 04:01 PM
ඉපැරණි දේශීය ඥානය අපෙන් සුද්දන් හොරකම් කරගෙන ගොස් නැවත අපටම ලබාදෙනවා.... (නි)
නිමලා Tuesday, 03 June 2014 04:03 PM
බටහිර දේවල්, ඇමරිකන් දේවල් බාරගන්නවාට මම නම් අකමැතියි. මොනවා වුණත් ප්‍රවේශමෙන්.... (නි)