ශරීරය අවදානමකට පත් කරවන හදවත, මධ්‍යම ස්නායු පද්ධතිය වැඩි ඉන්ද්‍රියන්ට ස්ටෙම් සෙල්ස් (මූලික සෛල) භාවිත කර එම ඉන්ද්‍රිය ප්‍රකෘත්තිමත් කිරීමේ විස්මිත ක්‍රමවේදය ළඟදීම ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට යයි.
නාරි හා ප්‍රසව විශේෂඥ ශල්‍ය වෛද්‍ය මාහාචාර්ය හේමන්ත දොඩම්පහල මහතා පැවසුයේ මේ සඳහා වන අනුමැතිය ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට මේ වන විට හිමි වී ඇති බවයි.
ලොව පිළිගත් ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර සමාගමක් හා එක් වී ප්‍රමුඛ පෙළේ දේශීය ආයතනයක් මෙම කර්තව්‍යය ශ්‍රී ලංකාවේ ඇරැඹීමේ මූලික ක්‍රියාමාර්ග මේ වන විට කරගෙන යන බව ද මාහාචාර්ය වරයා කීවේය.
දුර්වල හෘදයට වස්තුව ශක්තිමත් කිරීම, ස්නායු පද්ධතිය දිරාපත් වීමේ දී ඇති වන සංකූලතා මගහැරීම, ආඝාත, පාකින්සන් වැඩි රෝග තත්ත්වයනට පත්වන්නන් එම තත්ත්වයෙන් ගලවා ගැනීම යනාදියත් මූලික සෛල බද්ධ කිරීමෙන් හැකිවන බවත්, ඊට අමතරව නල දරු තාක්ෂණය සක්‍රීය කරමින් ඊට අදාළව විවිධ කාර්යයන් ඉටු කිරීමට හැකි වන බවත් මාහාචාර්ය දොඩම්පහළ පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේව ඉතින් දොස්තරලට හොද බිස්නස් එකක් (නදී)
සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා...!!!(නදී)
අනේ මේ ශීලා. හැම දෙයක්ම අපේ රටේ තිබුන කියලා බොරු ශෝ දන්නා එපා. සුද්දන්ගේ හැම දේකටම විරුද්ද වෙන කට්ටියක් මෙතන ඉන්නවා. (නදී)
ඔක්කොම හොඳයි. සාමාන්‍ය ජනතාවට මේවාට අයකරන ගාස්තුව ඔරොත්තු දෙයිද ? (නි)
මිළත් ඒ වගේම වැඩිද දන්නෙ නැහැ (නි)
ජාත්‍යන්තර ආයතන සම්බන්ධ කර ගත්තට කමක් නැහැ. හැබැයි බලාගෙන, එකත් අයිති කර ගනී. (ස)
හේමන්ත දොඩම්පහල මහතා දක්ෂයෙක්. මෙය ලංකාවේ සාර්ථක වේවි යැයි බලාපොරොත්තු වෙනවා (නි)
ඉපැරණි දේශීය ඥානය අපෙන් සුද්දන් හොරකම් කරගෙන ගොස් නැවත අපටම ලබාදෙනවා.... (නි)
බටහිර දේවල්, ඇමරිකන් දේවල් බාරගන්නවාට මම නම් අකමැතියි. මොනවා වුණත් ප්‍රවේශමෙන්.... (නි)