(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය බස් රථ අලුත් වැඩියාවට අවශ්‍ය අමතර කොටස් පංචිකාවත්තේ වෙළෙඳසල්වලින් පවා 2017 වර්ෂයේදී මිලදී ගෙන තිබූ බව විගණන විමර්ශනයකදී තොරතුරු අනාවරණයවී ඇත.
මධ්‍යම බස්රථ කාර්යාලයෙහි නිශ්චිත ප්‍රසම්පාදන සැලැස්මක් ක්‍රියාත්මක නොවුණු හෙයින් මේ තත්වය ඇති වුණු බව ජාතික විගණන කාර්යාලයේ වාර්තාවක සඳහන් වේ.
මේ අතර රුපියල් හැත්තෑ අට ලක්ෂයක් පමණ වටිනා ප්‍රතික්ෂේපිත අමතර කොටස් තොගයක් 2017 ඔක්තෝබර් 17 දින රැස්වූ අමාත්‍යංශ ප්‍රසම්පාදන කමිටුව විසින් මිලදී ගැනීමට තීරණය කරනු ලැබ තිබූ බවත් ඒ අනුව මිලදී ගත් අමතර කොටස් පසුව ඩිපෝ සහ ප්‍රාදේශීය වැඩපොළවලටද නිකුත් කර ඇති බවත් වාර්තාව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පංචිකාවත්තේ විකුණන්න තහනමක් නැත්නම් මිලට ගන්න තහනමක් නෑනේ. දාපු කොටසෙන් බස් එක දුවනවා නම් මිල සාධාරණ නම් පංචිකාවත්තෙන් ගත්තා කියන්න තියෙන තහනම මොකක්ද? මේ කියන විදිහට යම් අමතර කොටසක් නැත්නම් ඒක නෑ කියලා බස් කොට උඩ දැම්මා නම් කිසි ප්‍රශ්නයක් නෑ. ඩිපෝවක් පේන තෙක් මානයක නැති තැනකදි බස් එකක් කැඩුනොත් මේ කියන විදිහට යම් කිසි දවසක ටෙන්ඩර් පටිපාටි ගිහිල්ලා කොටස් එනකම් බස් එක දුවන්න බෑ. එතකොට ඒ දවස් වල ආදායම අහිමි වීම්, මගියා අපහසුතාවට පත් වීම් ගැන වගේ වගක් නෑ.