සිරස සටන වැඩසටහනට අද සන්ධානයෙන් කිසිවෙකුත සහභාගී වූයේ නැත. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ නියෝජිත ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, හිටපු අමාත්‍ය හේමකුමාර නානායක්කාර, ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් හා එක්සත් ජාතික පක්ෂයෙන් ඌව විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු යන මහත්වරු සහභාගී වූහ. සන්ධානයෙන් සහභාගී නොවීම නිසා මුල් වටයෙන් ම වැඩසටහන අවසාන විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ නූතන දුටුගැමුණු ට කිව්වා නම් සටන් කරන හැටි කෙසේ වෙතත් ගුටි කන අන්දම ලොක්කට උනත් කියල දේවි. කේන්ද්‍රය බලවත් වූ විටක රජ කමට පත් උනත් ඔය කියන බඹරය සදා කාලයට ම වැල්ලේ කැරැකෙන්නේ නැති බව ඒ කේන්ද්‍රයේ ම ග්‍රහයන් නීච වූ විට පෙන්වා දෙනවා.ඒක තමයි ලෝක ස්වභාවය. (ස)
කොහොමත් දැන් සටනක් නැත. මෛත්‍රීපාල මහතා ජයගෙන හමාරය. අනිවාර්යෙන්ම මෛත්‍රී පාලනයක් එනවා, රටට වසන්තය උදා වෙනවා.(ම)
රටේ අනාගතය වෙනුවෙන්,අනාගත දරු පරම්පරාව වෙනුවෙන් ,මොකෝ එතනෝල් ගෙන්නුවේ අපි කියල කියන්නද? කුඩු සෙමෙන්ති කොට්ට ගණනින් ගෙන්නුවේ අපි කියල කියන්නද?(ම)
මේකම ආශ්චර්යක් නොවේද? (ම)
මේ විවාදයේ සංයුතිය දැක්කම මොකද හිතෙන්නේ..සන්ධානයට එක වටයක් එනකොට එකම මතවාදය දරන විපක්ෂයට වට හතරක්. ඔය සිරසේ ඉන්න කන්නාඩි පොලොගොත් එක්ක පහක්. ඉතින් එයාලටම වැඩේ කරගන්න දීල නිකන් ඉන්න ඇති.. අපි අනෙක් වැඩ සටහන් බලනවා..ඒවායේ ඔහොම ප්‍රශ්න නැහැ.සමබරයි. (ස)
රුපවාහිනිය , අයි .ටි එන නාලිකා ආණ්ඩුවේ අය පමණක් සමගින් වැඩසටහන් මෙහෙයවයි නම්, සිරස ආණ්ඩුවට නියෝජනයක් ලබා දීමත් ඇගයිය යුතුය. නමුත් එම අවස්ථාවත් මග හරින්නේ එක්කෝ මතයන් පල කිරීමට අපොහොසත් වීම හෝ ඒ සදහා පළපුරුදු නියෝජිතයන්ගේ හිගයක් නිසා විය යුතුය . (ස)
එක්සත් ජාතික පක්ෂයෙ ඌව විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහත්මගේ කුඩු ගෙන්වීම ගැන පාර්ලිමේන්තුවේ කරන කතාව නම් සුපිරි. (ස)
එදා සටන විකාශනය කපා දැම්මට උත්තර දෙන්න බැරි නිසා වෙන්න ඇති.. (ස)
සමන්ජය සිරසේ හිමිකරුවන්ට සමීපම ඥාති සම්බන්දතා තියන්නේ කාටද කියල දන්නවද? පසුගිය කාලයේ රනිල්ට එරෙහිව තදින්ම ක්‍රියා කල නාලිකාවත් සිරසම බවත් දන්නවද? (ම)
කවුරුත් නැත්නම්, බන්දුල අයියට යන්න තිබුනනේ.(ම)
මේ පාර තමයි නියම සටනට එන්නේ (නි)
සමහර ගරු ඇමති වරුන්ට අනුව වික්ටර් අයිවන්ගේ "චෞර රැජින" පොතවත් අරගෙන පැමිණියානම් ජාම බේරාගෙන යන්න තිබුනා. (ස)
සමහර උදවියට මැරබලය හැර වෙනත් බලයක් නැත. (නි)
සන්ධානේ කාටවත් අරාධනා කරලා නැතුව ඇති.(හේ)
කරන දේවල් වලට විවාද වලට ඇවිත් මොනා කියන්නද. අනික උගත් අය එක්ක සටන් වලට බයයි. බොරු හැමදාම කරන්නත් බෑනේ. අනේ අපොයි..(හේ).
දැන් ඔය වැඩසටහන් වැඩක් නෑ.(හේ)
දැන් සටනක් නෑ කියන එකද ? මේ පෙනෙන්නේ (ස)
සමන්ජය,ජනතා විමුක්ති පෙරමුණ මේ වනවිටත් තීරණයක් අරගෙන නැහැ පොදු අපේක්ෂකයාට සහයෝගය දක්වනවාද කියලා (නි)
මුන් ටික පිස්සු කෙලිනවා ,සුදු නෝනගේ රටෙන් ඩොලර් එනවා (ස)
පරාජය දැන්මම පිළිඅරගෙන වගේ (ස)
හොරු බයයි ඉගෙන ගත්තු මහත්වරුන්ට (ස)
කවුරුත් සටනක් නැති නිසා එන්න නැතුව ඇති.(හේ)
බය වෙලා (ස)
අම්මට සිරි! මෙහෙම අසිරි.... (ස)
විපක්ෂයේ මේ වගේ අය එක්ක මොන සටන්ද ? (ස)
කාටවත් කඩේ යන්නේ නැතුවයි මම මගේ අදහස් ලියන්නේ (නි)
ඇයි එහෙමනම් විපක්ෂ දේශපාලකයන් රාජ්‍ය මාධ්‍ය වලටත් එන්නේ නැත්තේ? (නි)
එනපොට හොඳ නැහැ. පොලොන්නරුවේ කූඩාරමත් ගලවාගෙන ගියා. මේ සේරම බයටයි. මහින්දගේ පරාජයේ පෙරමං සළකුණු. (ස)
හෙට අනිද්දා වෙනකොටකොහොමත් සටනක් නැත. ගෝලයෝ ටික කැලේ පනිනවා ෂුවර්. (ස)
මොළේ නැසුණු සිංහලයට කරුණු අනවශ්‍යයි. (ස)
කොටි ජාල සමග මොන වැඩසටහන්ද? (ස)
මෛත්‍රි මහත්තයා පිටිපස්සේ ඉන්න අය ගැන ගැබුරින් හිතල විශේෂයෙන් රට ගැනත් හිතලා තීරණයක් ගන්න (ම)
සටනක් නැතිවම වැඩසටහන ඉවරයි.(හේ)
මේ ප්‍රවෘත්තිය වැරදි. සටන වැඩසටහනට ආණ්ඩු පක්ෂයෙන් අාපු නැති එක ඇත්ත, ඒත් පළමු වටයෙන් ඉවර කරා කියන එක අසත්‍යයි. වෙනදා වගේම වට තුනකින් වැඩසටහන ඉවර වුනේ සාමාන්‍ය විදිහට. (ම)
මේ වගේ බුලට් එක්ක හැප්පෙන්න රත්තරන්ලා වගේ අයට බැරි නිසා මග අරිය වගේ. මේ නම් සොහොන් ලකුණුම තමා. ජය වේවා (ස)
කොහොමත් දැන් සටනක් නැත. මෛත්‍රීපාල මහතා ජයගෙන හමාරය. මෛත්‍රී පාලනයක් එනවා, වසන්තය එනවා සත්තයි. (නි)
හේෂාන්, මේ අය ඉන්නේ නියම විපක්ෂයේ ,හොඳේ (නි)
මේ වගේ විවාදයක් මම වෙබ් අඩවියකින් බැලුවා. ඒකේ එක් කාන්තාවක් එතනදී කළ කී දෑ ඇසුවා නම්, දැක්කා නම් හැබෑවටම මේ අය කවුද කියා හඳුනාගන්න පුළුවන්. මේ වගේ විවාදයකට ඇවිල්ලා හැසිරෙන්න දන්නේ නැත්නම් ඒවාට නෑවිත් ඉන්න එක රටට සේවයක්. (නි)
අනේ කාලේ වනේ වාසේ කිවුවලු! (නි)
මොකද දන්නෙ නැහැ නොගියේ? (නි)
ආපු අය සටනක් නැති නිසා එන්න නැත්තේ.(හේ)
අර විකාශනවල ප්‍රචාරය කප්පවා ගන්ඩ බැරිවෙන්නැති. (අ).
සටනක් දෙන්න තරම් හොද කණ්ඩායමක් නැතුව ඇති.ඇයි දැන දැනත් පැරදෙන්නේ කියලා එන්න නැතුව ඇති.(හේ)
ඇවිල්ලා ඉන්න කට්ටිය දැක්කහම බයවෙන්න ඇති (නි)
හු ... හු... හු ... (නි)
දැන්නම් අවසානය පෙනෙනවා වගේ. (ස)
නොයන්නේ යන්න බැරි නිසානේ (නි)
සටනට එන්නේ නොහොමද?වෙන්න යන දේ දන්නවනේ, මුහුණු මැලවිලා තියෙන හැටි පේනවා නේ? (ස)
කට්ටිය කොහේහරි යැව්වද? (නි)
කෝ මේ බන්දුල පෙරේරා? මොකද දැන්මම බයවෙලාද? (නි)
සිරසට කඩේ යන්න සන්ධානයට අවශ්‍ය නැහැ. සිරස පෙනී ඉන්නේ කා වෙනුවෙන්ද කියල හැමෝම දන්නවා. රජයේ නියෝජිතයන් අනිත් නාලිකා වලින් විවාද වලට ඒවි (ස)
මට පුදුම තවම මෙම ප්‍රවුර්තියටත් ආශ්චර්ය කියල කවුරුවත් මොකවත් නොලියපු එක ගැන (ස)
මාධ්‍යවෙදියා අපක්ෂපාත වියයුතුයි. (ස)
මේක ආශ්චර්යක්.(හේ)
සටනක් නැතුව තරගය දිනුම්.(හේ)
කතා කරන්න දේවල් නැතුව ඇති.(හේ)
මේවා දකිනකොට හිනාත් යනවා (නි)
අද ජනාධිපතිවරණයේ ප්‍රධාන කණ්ඩායම් දෙකයි ඉන්නේ. මහින්දගේ පිල සහ මෛත්‍රීගේ පිල. මෙතන ආසන්නව එකම මතය දරන සිවු දෙනෙක් සමඟ වාදයට විරුද්ධ පාර්ශ්වයෙන් එක අයෙකුට ආරාධනා කිරීම කොතරම් සාධාරණද කියලා හිතෙනවා (නි)
ඕකට තමයි කියන්නේ දිට්ට දම්ම වේදනීය කර්මය කියල හැම දාම බොරු කරන්න බැහැ කවදම හරි පඩිසන් දෙනවා. (ස)
මට නම් හරි සතුටුයි සන්ධානේ මන්ත්‍රීවරු සහභාගි නොවුණ එක ගැන. ජනතාව පෙන්වයි 18 වෙනිදායින් පස්සේ කවුද බයේ බොරුවට කෑගහන්නේ කියලා. (නි)
ලංකාදීපයට ජයවේවා, ප්‍රවෘත්ති ඉක්මනට අපක්ෂපාතීව පළකරනවාට (නි)
තමන් හා තමන්ගේ වැඩ ගැන යම්තරමක හරි විශ්වාසයක් තිබේ නම් මඟහරින්නේ මන්ද? (නි)
මට පුදුමත් හිතෙනවා (නි)
සටන කියන්නේ ස්වාධින වැඩසටහනක් නොවෙයි. එකට යාමෙන් වලකින ලෙස අපි අපේ ඇමතිතුමාට කිවේ හුඟක් කල් ඉඳලයි. දැන්වත් නවත්වපු එක හොඳයි. (ස)
සමහර චැනල් වලට නම් නොයන එකම හොදයි (ම)
සිරස මම එතරම් ප්‍රිය කරන නාලිකාවක් නෙමෙයි. ඒත් වර්ථමානයේ තිබෙන හොඳම දේශපාලනික වඩසටහන තමයි සටන. ගියවර සටන වැඩසටහන අවහිර කලේ කවුද කියල දැන් මුළු රටම දන්නවනේ. ඒකයි සන්ධනෙන් කවුරුවත් එන්න නැත්තේ. (ස)
එකම මතය දරන සිවු දෙනෙක් සමඟ වාදයට විරුද්ධ පාර්ශ්වයෙන් එක අයෙකුට ආරාධනා කිරීම කොතරම් සාධාරණද ?(හේ)
සටනට අපේ පවිත්‍ර අක්කි,රෝහිත මල්ලි, විමලේ මල්ලි, අලුත්ගමගේ මල්ලි, එන්න හිටියේ ,එත් ඔයාල කියන්න ගත්තොත් අපි ඔය හොයා ගත්ත පොඩි පොඩි පොකට් මනි ගැන. ලැජ්ජනේ. එක නිසා අවේ නැත්තේ. (ස)