(අංජුල මහික වීරරත්න)
විපක්ෂයේ කණ්ඩායම්වලට සටන් පාඨ නැති නිසා ආණ්ඩුව මැතිවරණ කල්දමන බවට සාවද්‍ය ප්‍රචාර ගෙන යමින් ජනතාව නොමඟ යැවීමේ උත්සාහයක නිරතව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී, එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
මැතිවරණවලට ශක්තිමත්ව මුහුණ දීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායමට ශක්තිය තිබෙන බව ද අබෙිවර්ධන මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මැතිවරණ සංශෝධන පනත් හේතුවෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ කල්දමන බවට විපක්ෂය නඟන චෝදනා රජය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මැතිවරණ නියමිත පරිදි නිසි වේලාවට පවත්වන බවත් අබෙිවර්ධන මහතා කීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මේ බව කීවෙි 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහෙලා කරන්නෙත් ඔය ටිකම තමයි
සජිත් වගේම මෙයත් විහිළු කතා කියන්න දක්ෂයි. මේ ආණ්ඩුවට විරුද්ධව කියන්න සටන් පාඨ නැහැ කියලා කියන්නෙ සිහි කල්පනාව අඩු වෙලා නිසා වෙන්න ඕනා, රටේ දැවෙන ප්‍රශ්න ඕන තරම් තියෙද්දී මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න දගලන්නේ චන්ද නොතියා ඉන්න හදන උප්පරවැට්ටියේ කොටස් ලෙස කියලා, රටේ ජනතාව කල්පනා කරන්නේ රනිල්ගේ පැටිකිරිය හොද නැති නිසා හා බලයට තියෙන කෑදරකම ගැන දන්න නිසායි.
NPP තොත්ත බබාලා බොරුව රට වටේ ගෙනියනවා 2019 වගේම ජනතාව අන්දවන්න. මේ ඩීල් පින් ඇමතියා ඊටත් එහා ගිහින් පට්ට පල බොරු කියනවා
ඡන්දෙන් ඇපත් නැතිව පැරදිලා ගෙදරට වෙලා ඔලුව කහ කහ හිටපු අය, හාම්පුතා රකින්න කියන දේවල්...
මෙයා මොනවා කියනවද? ඒ දවස්වල ෆුට් බයික් එකේ එනකොට නම් ඔය කතා තිබුණේ නෑ..නේ...!
මේ කියන්නේ බොරුවේ හිමිකරුවා....
එහෙමයි එහෙමයි අග බිසවුන් වහන්ස
සත පහක වැඩක් නැති මිනිහෙක්.unp එක විනාස කරන්න පාර කපපු ප්‍රදානියෙක්.නිස්සන්ක සේනාදිපතිව යහපාලන කාලෙදි ආරක්ශා කලේ මේ මනුස්සය.ඡන්ද ලක්ශ දෙකකට පල්ලම් බැස්සෙ මේ මිනිස්සු නිසා.තමන්ගේ ආසනය තුලවත් ඡන්ද පදනමක් නැතිව කය්ය ගහනව.
හරි ශෝක් විහිලු සපයනවා පිනට පාර්ලිමේන්තු ඇවිත්
රට හදන වැඩපිළිවෙලක් ඇති උන් ඒක කිය කිය යනවා .වැඩ පිළිවෙලක් නැති උන් ගොබ්බයො සටන් පාඨ කිය කියා යනවා .ඕවාට අහුවෙලා සංදර්ශන බලලා තමයි අපටයි රටටයි මේ කෙලවෙලා ඉන්නේ