මේ දිනවල අති සාර්ථකව තිරගත වෙන මායා චිත්‍රපටය ගැන එහි අධ්‍යක්ෂ ඩොනල්ඩ් ජයන්ත සමඟයි හදසර මේ කතාව.
කොහොමද ලැබෙන ප්‍රතිචාර?
ඇත්තටම ඉතාමත් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. දවස් 11 වෙද්දී දෙකෝටි හතළිස් එක්ලක්ෂයක ආදායමක් ලබලා තිබුණා. මෑත කාලේ අඩුම කාලයකින් වැඩිම ආදායමක් ලබපු චිත්‍රපටය බවට පත්වෙලා තියෙනවා. ඒ වගේම සිංහල, දමිළ සහ මුස්ලිම් මේ හැමෝම එකට නරඹන චිත්‍රපටයක් තමයි මායා කියන්නේ.
මායා කියන්නේ දමිළ අනුකාරක චිත්‍රපටයක්. ඇයි ඔබ මෙවැනි චිත්‍රපටයක් කළේ?
හැත්තෑව දශකයේ සිංහල සිනමාව ගන්නකෝ. Box Office වාර්තා තබපු චිත්‍රපට වන එදත් සූරයා අදත් සූරයා, අංජානා, නැවත හමුවෙමු , මාතලන්, අල්ලපු ගෙදර, මේ ඔක්කොම දමිළ චිත්‍රපට හැබැයි. ඒ චිත්‍රපට බොක්ස් ඔෆිස් වාර්තා තැබුවා. &කාංචනා” කියන කොපිය අරගෙන එහි අනුවර්තනයක් විදිහට අපි &මායා” චිත්‍රපටය නිර්මාණය කළේ. එහෙම නැතුව එහි කාබන් කොපියම නෙවෙයි. කොපිය වුණත් හොඳට කළොත්, ප්‍රේක්ෂකයන් එය ප්‍රතික්‍ෂේප කරන්නේ නැහැ. ආදරෙන් වැළඳ ගන්නවා මිසක්.
ඔබ හිතන්නේ සිනමා ප්‍රේක්ෂකාගාරය පිරෙන්න නම් මෙවැනි චිත්‍රපට කරන්න ඕනේ කියලද?
අනිවාර්යෙන්ම ප්‍රවේගය තිරගත වීමත් සමඟ සිනමා ශාලාවල කළමනාකරැවෝ අපට කිව්වේ අවුරැදු තිහකට පස්සේ ඔවුන් විසිල් ගහන සිනමා ප්‍රේක්ෂකයන් දුටු බව. ඒ ආකාරයටම සිනමා ප්‍රේක්ෂකයින්ගේ ප්‍රතිචාර නිසා මායා කියන චිත්‍රපටය තුළිනුත් ප්‍රේක්ෂකාගාරය පිරී ඉතිරී යනවා. ඒක නේද සිනමා නිර්මාණයක් හරහා වෙන්න ඕනේ. කඩල ගොට්ටක් අරගෙන සිනමා ශාලාව ඇතුළට යන ප්‍රේක්ෂකයා එළියට එද්දීත් ඒ කඩල ගොට්ට ඉතුරැ නම් ඔහු ඒ කාලය තුළ රසවිඳලා තියෙන්නේ සිනමා නිර්මාණය මිස කඩල ගොට්ට නෙවෙයි. මම නිර්මාණ කරන්නේ අන්න ඒ තැනට.
ඔබ කියලා තිබුණා මායා අක්කගේ චරිතය කරන්න මුලින් රංජන් රාමනායක බැහැ කිව්වා කියලා. ඒ ඇයි?
ඔව්, මුලින්ම මේ පිටපත රංජන් රාමනායකට දෙද්දී කැමති වුණේ නැහැ. පාරේ බැහැලා යන්න බැරිවෙයි, පාර්ලිමේන්තුවට යන්න ලැබෙන එකක් නැහැ කියලා. නමුත් ලංකාවේ මේ චරිතය කළ හැකි එකම නළුවා තමයි රංජන් රාමනායක.
කොහොමද ඔබ කැමති කරගත්තේ?
මේ චරිතය ෂාරැක් ඛාන් කරලා තියෙනවා. රජිනි කාන්ත් කරලා තියෙනවා. කමල් හසන් කරලා තියෙනවා. ඒ විස්තර කිව්වට පස්සේ ඔහු පිටපත කියවලා තමයි මේ චරිතයට කැමැති වුණේ. අන්තිමේ ඔහු අපෙන් එක ඉල්ලීමක් කළා. ඉන්දියාවෙන් වේෂ නිරෑපණ ශිල්පියෙක් ගෙන එන්න කියලා. පසුව අපි ලංකාවේ ඉන්න දක්ෂ වේෂ නිරෑපණ ශිල්පියෙක් වන නලීන් ප්‍රේමතිලක ලවා ඔහුව වේෂ නිරෑපණය කළා. එතකොට තමයි ඔහු මේ වැඩේට හරියටම කැමැති වුණේ.
ඇයි ඔබ මායා අක්කට සුදුසුම කෙනා රංජන් රාමනායකම කීවේ?
රන්ජන් ලංකාවේ ඉන්න ජනප්‍රිය නළුවෙක්. ජනතා සම්මානය එකදිගටම අවුරැදු දහයක් ලබාගත්තු නළුවෙක්. මගේ හොඳ හිතවතෙක්. ඔහු මෙහි හරි අපූරැවට රංගනයේ යෙදෙනවා. මායා අක්‌කාට සුදුසුම කෙනා තමයි රන්ජන්. චිත්‍රපටය බලපු අයත් මා එක්ක එකඟ වෙයි.
සෙසු චරිත ගැනත් මතක් කරමු
මාලන්ගේ චරිතය පුබුදු චතුරංග කරන්නේ. ඔහුත් ඉතාමත් හොඳින් රංගන දායකත්වය ලබාදෙනවා. ඒ වගේම නිල්මිණී කෝට්ටගේ, උපේක්ෂා ස්වර්ණමාලි, ගිරිරාජ් කෞෂල්‍ය රඟපානවා. මේ විදියට හැම චරිතයකටම මම ලංකාවෙ ඉන්න දක්ෂතම රංගන ශිල්පීන් යොදාගත්තේ. මම අද හිතනවා ඒ තෝරාගැනීම් සියල්ල සාර්ථකයි කියලා.
චිත්‍රපටයේ අවසන් දර්ශන කිහිපයේදී පමණයි රන්ජන් රාමනායක ඉන්නේ?
ඔව්, ඒ මෙහි කතා තේමාව ගත්තම මාලන් කියන තරැණයාට තමයි මායා අක්‌කා, රාජු, රාජුගේ පුතා කියන චරිත වැහෙන්නේ. කතා තේමාවේ මඟදී තමයි මායා අක්‌කාව ප්‍රේක්‍ෂකයන්ට දකින්න ලැබෙන්නේ.
යොදාගෙන තියෙන තාක්ෂණය ගැන කතා කළොත්?
ඔව් මේක 3D තාක්ෂණය යොදාගෙන කළේ. 3D වලින් කරපු ලංකාවේ පළමු චිත්‍රපටය තමයි මායා. තාක්ෂණය, ශබ්ද, සටන් ජවනිකා සහ දර්ශන තල හැමදෙයක්ම ඉහළ මට්ටමින් රෑපගත කළා.
අපි නිෂ්පාදක ගැනත් කතා කරමු
ආර්. සදේශ් කුමාර්, ශ්‍රීමතී සදේශ් කුමාර් විශාල මුදලක් වියදම් කරලා තමයි මායා චිත්‍රපටය කළේ. ඔහු ක්‍ෂේත්‍රයට තියෙන කැමැත්ත හින්දයි සිංහල චිත්‍රපට කරන්නේ. සදේශ් නිෂ්පාදනය කළ තව චිත්‍රපට දෙකක් තිරගත වෙන්න තියෙනවා. මේ චිත්‍රපටයට ලක්ෂ 700ක වියදමක් කළා. එක් සටන් ජවනිකාවක් කේරළ ප්‍රාන්තයේ සිදු කළා. ඒ සටන් ජවනිකාවට ලක්ෂ 90ක් පමණ වියදම් වුණා. මේ වගේ නිෂ්පාදකවරැ හිටියොත් තමයි සිංහල සිනමාව රුකෙන්නේ. ඉතින් මේ වගේ නිෂ්පාදකවරැන්ට රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන්න ඕනේ. මට කියන්න තියෙන්නේ සිනමාවේ අනාගතය සුබ වෙන සුබ ලකුණු පහළවෙමිත් තිබෙනවා කියලයි.
නීෂා රන්සිත්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
සටන් ජවනිකාවට ලක්ෂ 90ක් පමණ වියදම් වුණා