ඡන්ද සමයේ ශ්‍රී ලංකා රක්ෂණ භාරය මගින් නිකුත් කරන අග්‍රහාර හැඳුනුම්පත් පොළොන්නරුව ආදී පැතිවල බෙදන බව ලංකා ගුරු සංගමය කියයි.
එම හැඳුනුම්පත රතු පැහැ සාටකය සහිත නිල් පැහැයෙන් යුතු එකකි. එහි යට කොටසේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නෙළුම් මල් සලකුණ ඇත.
ආණ්ඩු මාරු වී තිබිය දීත් සාටකය සහිත හැඳුනුම්පත් බෙදන්නේ ඇයි දැයි නොදන්නා බවත්, හැඳුනුම්පතක් නිසා එහි ඇතුළත් විය යුත්තේ සාටකයක් නොව ප්‍රතිලාබ ලබා ගන්නා රාජ්‍ය සේවකයාගේ ඡායාරූපයක් බවත් ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.
ශ්‍රී ලංකා රක්ෂණ භාරය ඇත්තේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ ය. මේ ගැන විමසීමට ශ්‍රී ලංකා රක්ෂණ බාරයේ නියෝජිතයකු සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් එය අසාර්ථක විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ දෙන්නෙත් කලින් ආණ්ඩුවෙන් කල දේවල් මිසක් අලුත් දෙයක් නෙවේ (නදී)
කලින් අය මෙවැනි දේවලිනුත් දේශපාලන වාසි ගත් බවට හොඳ ශක්ෂියක් නේ (නදී)
අලුතින් කල දේ නැද්ද මඩ-අවලාද මිස (නදී)
දුමින්ද මහතාට මතක් කරන්න කැමතියි කවුරු කවදා කලත් වැරැද්ද වැරද්දමයි. ඒ නිසා පක්ෂ බේදයකින් තොරව කරපු වැරද්දක් තියෙනවා නම් එය පෙන්වා දීමත් , වැරැද්ද නිවැරදි කිරීමත් තමයි කළයුතු වෙන්නේ . මේ රටේ පසුගිය කාලය පුරාවටම කරලා තියෙන්නේ හරි දෙයට වඩා වැරදි දේ . මේවා නිවැරදි කිරීම යහ පාලනයේ කොටසක්ම තමයි. (අ)