(රෝෂන් තුෂාර)
අපරාධ කල්ලි නායක ගනේමුල්ලේ සංජීවට අධිකරණයේදී වෙඩි තැබූ හිටපු කොමන්ඩො සෙබළ සැකකරු හා ඔහුගේ රියදුරු දින 90ක් පොලිස් භාරයේ රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය කොළඹ අපරාධ කොට්ඨාසයට අද(24)අවසර ලබා දුන්නාය.
සැකකරුවන් පැය 72 ක් රඳවා ප්‍රශ්න කළ බවත්,තවදුරටත් විමර්ශන සිදු කරන හෙයින් ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් පරිදි දින අනූවක් රඳවා ප්‍රශ්න කිරීමට නියෝග ලබාගෙන ඇති බවටත් කොළඹ අපරාධ කොට්ඨාසය කළ කරුණු දැක්වීම්වලින් පසුව මෙම අවසරය ලබා දුන්නාය.
සැකකාර වෙඩික්කරුට ආධාර අනුබල දෙමින් නීතිඥවරියක ලෙස අලුත් කඩේ අධිකරණ භූමියට පැමිණි සැකකාර කාන්තාවට පලායෑමට සහාය දුන්නේ යැයි කියන සැකකරුවන් තිදෙනෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
ඝාතනයට ලක් වූ ගනේමුල් ලේ සංජීව සම්බන්ධයෙන් මරණ පරීක්ෂණ සාක්ෂි විභාගය ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ අද උදෑසන පැවැති අතර ඉන් අනතුරුව මෙම නියෝග නිකුත් කෙරිණි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
සංජීවට වෙඩි තැබූ බව කියන හිටපු සෙබළා රඳවා ප්‍රශ්න කරන්න අවසර
fairoos Monday, 24 February 2025 06:35 PM
ආයුධ පෙන්නන්න එක්කන් යනවා නම් මාංචු පිටින්...!