හබරකඩදී ඉකුත් ජූලි 31 වැනිදා නීත්‍යනුකූල මැතිවරණ ප‍්‍රචාරක කටයුතු වල නිරත වෙමින් සිටියදී බාධා කළ බීමත් පොලිස් නිලධාරීයාට එරෙහිව විනය පියවර ගන්නා ලෙස ඉල්ලා අධිකරණ නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට එරෙහිව හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවතින නඩු විභාගය තාවකාලිකව අත්හිටුවමින් අද(16) අතුරු නියෝගයක් නිකුත් කළේය.
නීතිපති සිය තීරණය දැනුම් දෙන තෙක් මෙම අතුරු නියෝගය බලපැවැත්වෙන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
අදාළ සිද්ධිය මඟින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව මඟින් සහතික කර ඇති සමාන ලෙස සැලකීමේ අයිතිවාසිකම උල්ලංඝනය විය හැකි පදනම මත ලබන දෙසැම්බර් 14 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
මෙම සිද්ධියෙන් තමාගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවත්, ඒ වෙනුවෙන් රුපියල් මිලියන පහක වන්දි මුදලක් ලබා දෙන ලෙසද පෙත්සම මඟින් ඉල්ලා තිබේ. අතුරුගිරිය පොලීසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක මහානාම, පොලිස් සැරයන් ගාමිණිවංශ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේන් ගුණසේකර, නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර , පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිකම වැරදි නේද ? (ම)
මම මෛත්‍රීපාල මහත්තයටයි මේ ආණ්ඩුවටයි ජන්දෙ දීපු එක ගැන අවංකවම පසුතැවෙනවා (ම)
මහ ලොකුවට කියන්නේනම් රටේ නීතියට ගරු කොරනවා කියලා.බලාගෙන ගියාම හැමෝම කරන්නේ තමාගේ වාසිය ගැන විතරයි.කවුරැවත් රටට ආදරේ කරන කෙනෙක් නැහැ.(ම)
අනේ මේ රුපියල බහින එක නවත්තන්න කෙනෙක් නැද්ද? (බ)
අනේ මේ රුපියල බහින එක නවත්තන්න කෙනෙක් නැද්ද? (බ)