හබරකඩ ප්‍රදේශයේදී ඉකුත් ජූලි 31 වැනි දා නීත්‍යානුකූල මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නිරත වෙමින් සිටියදී තමාට බාධා කළ බීමත් පොලිස් නිලධාරීයාට එරෙහිව විනය පියවර ගන්නා ලෙස ඉල්ලා ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන මාර්තු 18 වැනිදා විභාග කිරීමට අද(14) තීන්දු කළේය.
මෙම පෙත්සම ප්‍රියසාද් ඩෙප්, බුවනෙක අළුවිහාරේ සහ සිසිර ද ආබෘ යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳැවිණි.
මීට පෙර මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට එරෙහිව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු විභාගය තාවකාලිකව අත්හිටුවමින් අතුරු නියෝගයක් නිකුත් කළ අතර මෙම සිද්ධිය සම්බන්ධ වාර්තා අධ්‍යනය කොට ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් නීතිපතිවරයා සිය තීරණය දැනුම් දෙන තෙක් මෙම අතුරු නියෝගය බලපැවැත්වෙන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
අදාළ සිද්ධිය මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව මඟින් සහතික කර ඇති සමාන ලෙස සැලකීමේ අයිතිවාසිකම උල්ලංඝනය විය හැකි පදනම මත මෙම පෙත්සම විභාගයට ගැනේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැවතත් හොරු හා මැරයන් රජකරන කාලයක් එයිද? (බ)
මෙයාගේ ඇමැති බලේ යොදවල පොලිස් නිල දරුවා ගෙදර යවාවි. මේක වෙන්න ඇති යහපාලනය. මෙයා කොහොමටත් කොලේ ඉරාගෙන ඉන්නේ තඹ කන්ටේනර් එකේ ගනුදෙනුවට අතදාල (බ)
මෙයාගේ හැටි අපි හොඳට දන්නවා. (නි)