භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය ගැන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා වාර්තාව (කෝප්) ප්‍රසිද්ධ කිරීම වළක්වන ලෙස අධිකරණයට පෙත්සමක් ගොනු කළ අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා නැවත ඉල්ලා අස්කරගැනීමෙන් මනාප ක්‍රමයෙන් වාසි ගැනීමට ගිය ඔහු අදාළ සිද්ධිය හත්පොළේ ගාගෙන ඇති බව පැහැදිලි වන බව කෝප් කමිටුවේ හිටපු සභාපති ඩිව් ගුණසේකර මහතා කොළඹදී අද (23) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේ වරප්‍රසාද තීරණය කළ හැකිවන්නේ මහාධිකරණයට නොව ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් බවත් ඔහු පැවසීය.
භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය පිළිබඳ කෝප් වාර්තාව පසුගියදා එළිදැක්වූවා නම් එය දැනට මහජනතාව අතට පත්වී තිබෙන බවත් එජාප ප්‍රාඥයා වන අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව කටයුතු කරන්නට ගිය සුජීව සේනසිංහ මහතා පඹගාලක පැටලී ඇතැයිද කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ සුජීව මහත්තයට බනින්න එපා. ඔහු හරිම උගත්. ඕගොල්ල දන්නේ නැද්ද? මෙයා තමයි රටේ ඉන්න පුදුම විදියට ඇන ගත්ත බුද්දිමතා. (අ)
මේ අපේ නියෝජ්‍ය අධිකරණ අමතිතුමනේද? බොරු නඩු දාල බොරු ප්‍රකාශ කරලා යසයි යහපාලනයේ රඟ! (අ)
ඔතනින් තුන්දෙනෙක් 17 න් පස්සේ අනිවාර්යයෙන් ගෙදර. (ර)
ඉන්දු, රසික, ඔයගොල්ලෝ ලංකාවේ හිටපු අය නෙමෙයිද අර බෝම්බ පුපුරන කොට. (ර)
කම්බ හොරු අලුත් තරුණ පරපුරේ හොරුත් එක්ක තරහයි. නැඟී එයි කියල බයයි. හැබැයි ජනතාවට මේ කොයි හොරාත් එකයි. (නි)
ඔය මහත්වරුන්ගේ පැටිකිරිය ජනතාව දන්නවා, (ම)
දේශපාලනිකයින් නොවන ආර්ථික විශේෂඥයින් ගෙන්වා ප්‍රසිද්ධ මාධ්‍යය සංවාදයක් හරහා ඉක්මනින් ම ජනතාවට සත්‍ය පහදා දෙන්න. (ර)
සරත් හරි අසාවෙන් වගේ ඉන්නේ. (ර)
කැලුම්ගේ අදහසට මමත් එකඟයි. (නි)
හරිම විද්වතෙක් තමයි මේ වැදගත් වාර්තාවක් ගැන කතා කරන්න වම පැත්තේ වාඩි වෙලා ඉන්නේ . (ර)
රටට ආදරේ මිනිස්සු ජය වේවා.! (ර)
දේශපාලන මහා වීරයෝ, සැබෑ ලෝකෙ පල් හොරු. රටේ අවාසනාවට පහලවූ අය. (ස)
මොනවා නමුත් ඔය හත් පොළේ ගා ගත්ත පුද්ගලයා හිතන් ඉන්නේ එයා ප්‍රාඥයා අන් අය මෝඩයන් ලෙස . දකින්න අකමැති චරිතයක් , එකටත් එක්ක රුවන් විජේවර්දන වගේ නිහතමානි උගත් පුද්ගලයෝ කතා කරනවා අහන්නත් ප්‍රියයි. (ස)
පවතින දේශපාලන පද්ධතිය තුළ බිහි වුනු විකෘති දේශපාලන වෘත්තාන්ත... සියලු පද්ධති සර්ව සම්පූර්ණ නොවන්නාක් සේම, මෙවැනි විකෘතිතා ද සැමදා පවතී. විකෘතිතා අඩු පරමාදර්ශී යයි කිවිය හැකි උත්කෘෂ්ට නායකත්වයක් මෙවර තෝරා පත් කර ගැනීමට, බහුතර නොවූ, සුලුතර වූ, විචාර බුද්ධියෙන් යුතු ලක් පැටවුන් ට පුලුවන් වේවි ද? උපේක්ෂා සිතින් බලා සිටිමි. (ර)
මෙතන ඉන්න මහත්වරුන්ගෙන් කවුද දවසකට හරි හොරකම් කිරීමේ චෝදනාවට වරදිකාරයවී සිරගත උනේ කියල කියන්න පුලුවන්ද. (බ)
සුජීවටත් දේශපාලන රස දැනෙන්න පටන් අරන් වාගේ බලමු 17 පසුව (බ)
මේ මිනිස්සුන්ගේ දේශපාලනේ තියෙන්නේ මඩ විතරයි. සුජීව සේනසිංහ කියන්නේ මේ රටේ තරුණ දේශපාලකයන්ගෙන් උගත් ම චරිතයක්. ඒ මනුස්සයඑක්ක විවාදෙකදී හැරෙන්න වත් ඔතන ඉන්න කට්ටියට බෑ. එ්ක නිසා පාලු ගෙයි වලං බිඳිනවා. (බ)
උගත් කම තිබුණාට එක පාවිච්චි කරන්නේ නැත්නම් එකත් වැඩක් නෑ...(ම)
ආ මේ විමලුත් ඉන්නේ. මේ වගේ මිනිස්සු ඉන්න දේශපාලන ප්‍රවෘත්ති සාකච්චාවකින් මේ විදිහේ මඩ ප්‍රචාරයක් අරුණු කොට, වැදගත් දෙයක් කියයි කියල බලාපොරොත්තු වෙන්න අමාරුයි... (ස)
මෙයා කතාකරන්නෙ හැම දේම දන්න විදියට. කතා කරනව අහන්න අප්‍රියයි. (ස)
රනිල් මහත්තයට කඩේ යන්න ගිහින් ගොඩක් කට්ටිය අනාගෙන වගේ...(බ)
දීපාල්, බෝම්බ පුපුරන්න කලිනුත්, පුපුරනවිටත් හා ඉන් පසුවත් මම ලංකාවෙ තමයි. කරපු හොඳ වැඩත්, කප්පරක් වූ හොරකම් ගැනත් මායිම් ගමක උපන් කෙනෙක් විදිහට හොඳ අවබෝධයක් තියනව. මේ ෆොටෝ එකේ ඉන්න හතරදෙනාගෙන්, තිදෙනෙක් ගැන කිසිම පැහැදීමක් නෑ. (බ)
කව්රුත් එකයි. (ර)
සුජීව් ස්මාර්ට්,කඩුවෙල ගල් කරයෝන්ගෙන් සල්ලි ගන්න එකෙක්. (බ)
හුගක් නළු බට්ටෝ. හත් පොළේමම නෙවි දාහතර පලක විතර ගාගන්නවා.(අ)
අනෙ මන්දා වගකිම භාරගන්න කිසිවෙකු නැද්ද හැමදේම ඔහොම තමා.නමුත් මෙි අය තමා රට පාලනය කරන්නේ.මොනවා හරි දෙයක් වුණාම ඊට වගකිව යුත්තෙක් ඉන්න ඔන.මාධ්‍යට අැවිල්ලා මොනවාහරි පටලල කියනවා.මෙ අය හිතන්නේ රටවැසියො මොඩයො කියල.අාණ්ඩුවෙ වෙනසක් වුණ නිසා මෙවා අපි දන්නේ.(අ)
මෙම අයට වඩා සුජීව බුද්ධිමත් මහත්මයෙක් (අ)
රසික ඔයාගේ රනිල් බාප්පා ගිය ආණ්ඩුවේ වංචා තාම ඇල්ලුවේ නැනේ එයාගේ කොමිසම මුකුත් ඇල්ලුවේ නැහැනේ (බ)
ගුරාගේ ලනුවක් ගිලලා (ම)
මේගොල්ලෝ කතාකරන්නේ තොරතුරු දැනගැනීමේ පනත ගැන. කරන්නේ වෙන දේවල්.(ම)
සුජීව නම් ගාගෙන තියෙන්නෙ හත්පොලේ විතරයි. මේ ෆොටෝඑකේ ඉන්න මහත්තරු, ඇඟපුරාම ගාගෙන ඉවරයි. 17 න් පස්සෙ මෙයාලට ගෙදර යන්න වෙනවා නියතයි. (ර)
මෙයාලා මේ අද ඊයේ ඉපදුන අය වගේ කථාව. කලින් ආණ්ඩු කාලේ වුණ වංචා ගැනත් ඔහොමම කථා කරන්නකෝ මහත්තයෝ. (ම)
17 න් පස්සේ යථාර්තය පෙනේවි. කොළ කන්නාඩියෙන් බැලුවම ඔහොම තමයි. (ස)
සමහර අදහස් දැක්කහම මට නම් හිනාත් ගියා (නි)
අනේ ඉන්දු, අනේ රසික, ඔන්න ඔහොම කතාකරන්න. (ස)
ඔය පුද්ගලයා හත් පොලේ නෙවෙයි මුළු සර්වාංගය පුරාම ගාගෙන ඉන්නේ (ම)
ජනප්‍රිය වෙන්න මෝඩ වැඩ කරන්න එපා එජාපයට හොඳ නැහැ (ම)