අතුරුගිරියේ හබරකඩදී එජාප ඡන්ද රැළියකදී සැරයන්වරයෙකුගේ රාජකාරියට බාදා කරමින් ශබ්ද නගමින් බැන වැදුනු සිද්ධියක් සම්බන්ධයෙන් අතුරුගිරිය පොලීසිය මහේස්ත්‍රාත්ට කරුණු වාර්ථා කිරීමට තීරණය කර ඇත.
අධිකරණ නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා ඇතුළු වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙස පොලීසිය මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කිරීමට යයි.
මේ අතර පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා බස්නාහිර පළාත් බාර නියෝජ්‍ය ජ්‍යෙෂ්ඨ පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට නියෝග කර ඇත්තේ මේ පිළිබඳව පරීක්ෂණයක් පවත් වන ලෙසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ! මොකද මේ කරගත්තේ. දින 180 ට ඔයාලා මෙහෙම චණ්ඩි වුණා නම් දින 365 කදී ඔයා මොනවා නම් නොකර ඉඳීවිද? (නි)
අධිකරණ නියෝජ්‍ය ඇමතිතුමා වුවද නීතියට ගරුකළ යුතුය. මෙසේ හැසිරුණා නම් ඒ ගැන ලැජ්ජයි (නි)
මෙයාලගේ අවසාන රංගනයට තව දින කීපයයි (නදී)
ඉස්සරනම් ඔහොම නැහැ, පොලිසියට දෙකට නැමිලා කටවහගෙන යන්න වුණා. නමුත් දැන් අධිකරණ නියෝජ්‍ය අමාත්‍යට වුණත් නඩු දානවා. ටිකක් සතුටුයි (නි)
මේ මෑතක සිට සුජීව මහත්තයට හරියට තරහ යනවා. දේශපාලකයෙක් හැටියට එම රෝගය එච්චර හොඳ මදි. ඉක්මනින් සුවකර නොගත්තොත් ජනතාව අවශ්‍ය ප්‍රතිකර්මය කරන්න ඉඩ තියෙනවා. (නි)
මෙයාටත් වෙලා තියෙන්නේ කලින් හිටපු අයගේ උණ හැදිලා වගෙයි. මමත් දැක්කා වාහන පිරිවරාගෙන පාරවල් බදු අරගෙන යනවා. ටික දවසක් යද්දී උන්හිටි තැන් අමතකවෙනවා. මිනිස්සු මොළේ කල්පනා කරලා ඡන්දය දුන්නා නම් හරි. නීතිය වැඩියෙන්ම දන්නා අය තමා වැඩියෙන්ම නීති කඩන්නේ (නි)
රටක රජ්ජුරුවෝ වුනත් පලක් නෑ විනයක් නැතිනම් හැසිරෙන්න දන්නේ නැති නම් (නදී)
මර්වින් සිල්වාගේ ඊලග පරම්පරාව වගේ වේවිද ? (නදී)
කෝප් නඩුවෙන් පසු තවත් නඩුවක් (නදී)
මට නම් මේ සිද්ධියේදී පොලිසියට මෙහෙම ක්‍රියා කරන්න කොන්දක් තිබීම ගැන ඉතා සතුටුයි. ඉස්සර කලේ නම් අධිකරණ නියෝජ්‍ය ඇමති තියා ප්‍රාදේශීය සභා කාරයෙකුටවත් මෙහෙම නඩු දාන්න පුලුවන්ද? දැන් අනාගතය තියෙන්නේ ජනතාවගේ අතේ. මෙහෙම ඉදිරියට යනවද? නැත්නම් දණ ගහපු පොලිසියක්ද ඕනා? (නදී)
දින 100 මෙහෙම නම් නැවත අාවොත් කොහොම ඉදීද ජනතාව කල්පනා කර ඡන්දය පාවිච්චි කරන්න (නදී)
මම ඕකනේ කියන්නේ සුදු වෑන් නැතුව රට පාලනය කරන්න බැහැ කියල. නැත්තන් පොලිස් කාරයත් ඇමතිගේ කරේ.(නදී)
නඩු, අවනඩු වලට කැමති පුතෙක් (නදී)
තවම යහපාලනය ගැන අත් දැකීමක් නැති බවයි පෙනී යන්නේ (නදී)
අදිකරණ ඇමති කෙනෙක්ව පොලිසියේ කෙනෙක් උසාවි අරගෙන යන ප්‍රවෘත්ති අපි ඉස්සර නම් ඇහුවේ පිටරටින්. ගොඩාක් සතුටුයි. (නදී)
යහපාලන ඇමතිතුමාගේ ක්‍රියා කලාපය වැරදි උනත් යහපාලනය මැනවින් ක්‍රියාත්මක වන බවට හොඳ උදාහරණයක් මේක. කලින් ආණ්ඩුවේ අැමති කෙනෙකුට එහෙම මෙහෙම උනානම් පැමිණිලි කරපු පොලිස් නිලධාරියට වෙනදේ හිතාගන්නත් අමාරුයි. දැක්කනේ ඒ කාලේ එක නිලධාරියෙක් දඩ කොලයක් දීල වෙච්ච දේ.(නදී)
සමහරු සිතා සිටින්නේ තමන් නීති වේදියෙක් නිසාත්, ඉංග්‍රීසි බස හැසිරිමට ඇති හැකියාවත් නිසා ඔහුට වැඩිය ලොකු කෙරුමෙක් තවත් නැහැ කියා.(නදී)
කෙහෙල් ගහට කෙටුව වගේ.(නදී)
මනාප පොරයට මොන සිංහයාත් එකයි (නි)
ලංකාවේ නිහතමානිම ඇමතිවරයෙක් වන විජේදාස රාජපක්ෂ මැතිතුමනි ඔබගේ ගෝලයා පොඩ්ඩක් බලලා හදාගත්තොත් කාට කාටත් හොදයි. (නදී)
ඒක හොඳයි. ඉස්සර පොලිසිය ඇමතිවරු ළඟ දණගැහුවා. දැන් ඒ තත්වය නැතිවෙලා. (නි)
සමහර දේශපාලකයෝ හිතාගෙන ඉන්නේ පොලිස් රාළහාමිලා ගෙදර වැඩකාරයෝ කියලා. පොලිස් නිළධාරින්ට සළකන්නේ පහත් විදිහට. පොලිසිය අපිට ආරක්ෂාව සපයන, නීතිය ආරක්ෂා කරන මහජනයාගේ යහපතට තිබෙන ආයතනයක්. (නි)
මෙතුමා තාම දේශපාලනයට මෝරලා මදි වගෙයි. මොකද ළඟදීත් ඔහොම දෙයක් කළ බව මතකයි. රනිල් මහතා වගේ ඉවසා දරාගන්න පුළුවන් වෙන්නත් ,පාඩමක් ඉගෙනගන්නත් එක්ක පරදවලා දාමුද මහත්වරුනි (නි)
දේශපාලකයන්ට පළමුව විනය කියලා දෙන්න වෙනවා (නි)
ඔබ හොඳ උගත් නීතිවේදියෙක් තමයි. ඒ වුණාට කතාව ගැන නම් අපි සතුටු නැහැ. (නි)
නීතිය කාටත් පොදුවිය යුතුයි (නි)
සමහරු හිතාගෙන ඉන්නේ එයාලා තමයි පණ්ඩිතයෝ කියලා. දැන් හරි චණ්ඩියෙක් වෙලානේ! (නි)
දැන් ටිකක් ආතතිය වගේ පෙනෙනවා. ටිකක් විවේක ගන්න. (නදී)
මෙතුමා හොඳ දක්ෂ වැදගත් මහත්මයෙක්, එහෙත් ආතතිය හදා ගත යුතු නෑ. ඔබ තුමා ගෙන් ගෙට ගොස් කුඩා රැස්වීම් මගින් ජනතාව ඇමතුවා හොත් විසාල ජයක් කඩුවෙලින් ලබා ගත හැකයි. වීනිතව ඉවසීමෙන් කටුතු කලොත් කොළොඹ නොම්මර එක. (නදී)
මොකක්ද මේ අයට මේ වෙලා තියෙන්නේ? (නි)