අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතාගේ හෝමාගම, හබරකඩ පැවති මැතිවරණ ප්‍රචාරක වැඩසටහනකදී පොලිස් කොස්තාපල්වරයකුට බැන වැදුණු බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සේනසිංහ මහතාගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිසිය කියයි.
‘රෝඩ් ෂෝ‘ නමැති එම වැඩසටහන ජනතාවට හිංසාකාරී ලෙස පැවැත්වෙන බවට 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු ඇමතුමක් අනුව එහි ගිය තමාට නියෝජ්‍ය ඇමැතිවරයා බැන වැදුණු බව අතුරුගිරිය පොලිසියේ කොස්තාපල්වරයකු පොලිසියේ පැමිණිල්ලක් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ව දේශපාලනයෙන් ඉවත් කළයුතුයි. (නි)
මට පෙන්නන්න බැරි කෙනෙක් මේ... (නි)
දැන්නම් හරිම සැරයි වගේ (නි)
අධිකරණ නියෝජ්‍ය ඇමැති උනත් වැරද්දක් කරලා නම් දඬුවම් ලැබිය යුතුයි. (නදී)
සුජීව සේනසිංහ කියන්නේ අවංක රටේ වැදගත් විදිහට දේශපාලනය කරන හොඳ චරිතයක්. (නදී)
කව්රු උනත් කමක් නැහැ, වැරැද්දක් නම් නීතිය ක්‍රියාත්මක විය යුතුමයි (නදී)
ගණන් ගන්න එපා (නදී)
ඕවට නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කරන්න ඕනි. (නදී)
ඉස්සර වගේ නෙමේ දැන් ,හැමෝටම එක නීතියක් ,යහපාලනය හින්දා පොලිසියට දැන් ගට්ස් තියනවා .එකාධිපති පාලනය අවසන් .ප්‍රජාතන්තවාදය මල් පිපිදෙනනවා .(හේ)
නීතිය අකුරට ක්‍රියාත්මක කරන්න. ඇමති කියලා මේ ගොල්ලන්ට අමුතු වරප්‍රසාද නොමැත. (හේ)
අදාළ කොස්තාපල්වරයා ගොඩක් අහිංසක ඇති. මොකුත් නොකිය කටපියන් ඉන්නැති. අනේ පවු.(හේ)
නියෝජ්‍ය ඇමති අත්අඩංගුවට ගෙන විභාග කරන්න . පොලිස්පතිතුමනි ක්‍රියාවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න.(හේ)
ගස් බැඳපු අැමති වගේද ? (නදී)
සුජීව මැතිතුමනි ඔබට හොඳ අනාගතයක් තියෙනවා. ගෙයින් ගෙට යන්ඩ. (නදී)
එතුමා බොහොම අධි තක්සේරුවකින් ලොකු ආඩම්බරයකින් අන් අයගේ මත නොඉවසන ගතියකින් ඉන්න බව රූපවාහිනී විවාද බලද්දී අපිට පෙනෙනවා (නදී)
වෙනසකට මුල පිරුවා විතරයි (නදී)
මෙවැනි ඔලුව උදුම්මාගත් පුද්ගලයන් පක්ෂයට වගේම රටටත් පිළිලයක්. පහුගිය කාලය පුරාම අපි දැක්ක ඔහුගේ විනයක් නැති හැසිරීම. ඡන්ද දායකයා නිසි පිළිතුරක් දෙයි (බ)
පේනවා නේද මේ මහත්වරුන්ගේ තරම.(හේ)
බලයට එන්න තියෙන ආසාව.(හේ)
මේ අයට තවම බලය නැතිව, බලය ලැබුනොත් කොහොම තියෙයිද? (හේ)
ඡන්දෙ කිට්ටු හින්ද වෙන්න ඇති විභාග කරන්නේ ? (නදී)
පොලිස්පතිතුමනි ක්‍රියාවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න. නැවත රටේ නීතිය වල් වැදීමට දෙන්න බැහැ.(නදී)
මේ ඇමතිතුමා ලඟකදී ඉඳලා හරිම චන්ඩිය වෙලා.(හේ)
සුජීව හැකියාව තිබුනට මොලේ පාවිච්චි කරන්න දන්නේ නෑ.(හේ)
පොලිසියට නීතිය රකින්න වගේම ජනතාවගේ දේශපාලන අයිතිය සඳහා නිදහසේ නිර්මාණ කරන්න කතාකරන්න විරෝධතාවය දක්වන්න ඒ කාලේ ඉඩ නොදුන්නට යහපාලනය යටතේ පුළුවන් බව මතක තියාගන්න. (නි)
මෙයා ජනවාරි 8 ට කලින් කොහොමද කතාකළේ? යහපාලනය, පොලිසියට නිදහස්ව රාජකාරි කරන්න, ස්වාධීන උසාවි... ගොඩක් දේ. දැන් පොලිසියට බලපෑම් කරනවා. මේකද යහපාලනය? තවම මාස 6 යි ගියේ. (නි)