සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ "දැවෙන විහඟුන්" (Burning Birds) චිත්‍රපටය ලොව ප්‍රමුඛතම සිනමා උලෙළක් වන 21 වැනි බුසාන් අන්තර්ජාතික සිනමා උලෙළේ තරගකාරී අංශය සඳහා තේරී පත්ව තිබේ.
දැවෙන විහඟුන් චිත්‍රපටය සංජීව පුෂ්පකුමාරගේ දෙවැනි වෘත්තාන්ත චිත්‍රපටය වන අතර, එය ශ්‍රී ලංකා, ප්‍රංශ, දෝහා කටාර් සහ නෙදර්ලන්තය යන රටවල සම නිෂ්පාදනයකි. දැවෙන විහඟුන් තිර රචනය කාන් සිනමා උලෙළේ 2012-2013 වසරේ සිනේ ෆොන්ඩේෂන් නේවාසික අංශයට තේරුණු අතර, පසුව චිත්‍රපටයේ තිර රචනය වැඩිදුරටත් සංවර්ධනය කිරීම සඳහා 2014 දී ඊශ්‍රායලයේ, ජෙරුසලම් තිර රචනා ඇකඩමියට තෝරාගන්නා ඇත. එහිදී සංජීව විසින් ප්‍රංශ ජාතික තිර රචනා උපදේශක ජාක් අක්කොතිගේ උපදෙස් මත දැවෙන විහඟුන් තිර රචනය වැඩිදුරටත් රචනා කරන ලදී. ප්‍රංශයේ නියෝන් ප්‍රඩක්ෂන් වෙනුවෙන් අන්තොනා දෙදේ සහ ඩොමිනික් විලෙන්ස්කිත්, ශ්‍රී ලංකාවේ සපුෂ්ප එක්ස්ප්‍රෂන්ස් වෙනුවෙන් සංජීව පුෂ්පකුමාරත් දැවෙන විහඟුන් චිත්රපයේ නිෂ්පාදකයන් ලෙස කටයුතු කරති.
මහේන්ද්‍ර පෙරේරා, සමනලී ෆොන්සේකා, අනෝමා ජනාදරී, චාන්දනී සෙනවිරත්න, ලියෝනි කොතලාවල, ශ්‍යාම් ප්‍රනාන්දු, දසුන් පතිරණ, පුබුදු චතුරංග, ධර්මප්‍රිය ඩයස්, තිස්ස බණ්ඩාරනායක, ප්‍රියංකා සමරවීර, දර්ශන් ධර්මරාජ්, සංජීව දිසානායක ඇතුළු පිරිස රංගනයෙන් දායක වන දැවෙන විහඟුන් චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය කාලිංග දේශප්‍රියගෙනි. ඇඳුම් නිර්මාණයෙන් අජන්ත අලහකෝන්, කලා අධ්‍යක්ෂණයෙන් පියතිස්ස අකුරම්බොඩ සහ වේශ නිරූපණයෙන් ප්‍රියන්ත දිසානායක ඒ සඳහා දායක වෙති.
සංස්කරණය අජිත් රාමනායක සහ කැතරිනා වර්තේනා, වර්ණ සංයෝජනය එළි අකෝකා, ශබ්ද පරිපාලනය ප්‍රියන්ත කළුආරච්චි සහ නිකොලා දාහලින්ද, පළමු සහය අධ්‍යක්ෂණයෙන් අරුණ තිලකරත්න විසින්ද සිදුකර ඇති එම චිත්‍රපටයේ, දෙවැනි සහාය අධ්‍යක්ෂණය නිරෝෂන් එදිරිමාන්නගෙන් වන අතර, සහ නිෂ්පාදන කළමනාකරණය හැරල්ඩ් කරුණාතිලකගෙනි.
අරුණ ජයවර්ධනගේ 'නිකිණි වැස්ස' සහ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ 'අනන්ත රාත්‍රිය' චිත්‍රපටවලින් පසු ශ්‍රී ලාංකේය චිත්‍රපටයක් බූසාන් සිනමා උලෙළෙහි තරගකාරී අංශයට තෝරා ගැනුණු පළමු අවස්ථාවද මෙය වීම විශේෂත්වයකි.
21 වැනි බුසාන් සිනමා උලෙළ දකුණු කොරියාවේ බුසාන් නගරයේදී එළඹෙන ඔක්තෝබර් 06 වැනිදා සිට 15 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
සමිත් බෝධිපක්ෂ
ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
සංජීව පුෂ්පකුමාරගේ 'දැවෙන විහඟුන්' බුසාන් සිනමා උලෙළට