(නිමල කොඩිතුවක්කු)
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා සමගි ජන බලවේගය අපේක්ෂක අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇතැයි පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
තරුණ ප්‍රජාව, වෘත්තීයවේදීන්, සමාජ පිළිගැනීමට ලක්වූ පිරිස් සඳහා මෙවර පළාත් පාලන මැතිවරණය අපේක්ෂකත්වය සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන බවත් මහ ලේකම්වරයා සඳහන් කළේය.
ඒ අනුව අපේක්ෂක අයදුම්පත් "පළාත් පාලන මැතිවරණ අපේක්ෂක අයදුම්පත" යන ශීර්ෂය යටතේ මහ ලේකම්, සමගි ජන බලවේගය, අංක 592, බංගලා හංදිය, කෝට්ටේ පාර පිටකෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑල මඟින් හෝ [email protected] යන විද්‍යුත් ලිපිනයට යොමු කරන ලෙස මහ ලේකම්වරයා ඉල්ලීමක් කරයි.
මේ පිළිබද වැඩිදුර තොරතුරු 011 287 0211 හෝ 011 287 0212 ලබාගත හැකියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ඉතුරු ඉල්ලම් ටික ලබාගතහැකි කට්ටියක් තෝරාගන්න . ඊට ඉස්සෙල්ල සංස්කෘතික අරමුදලේ මුදල් රජයට බාරදෙන්න, මේ අමාරු අවස්ථාවේ .
ඔක්කොම හොරුන්ගේ සල්ලි ආපසු දීලා ඡන්දෙට යන එක හොඳයි.