(අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගයට එක්වූ එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් 69 දෙනාම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව පක්ෂයෙන් එලවා දමන බව‘‘ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම වලකන ලෙස අදාළ පළාත් පාලන මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවෙන් පසුව ඉහත පියවර ගන්නා බවද රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.
පක්ෂයෙන් පලවා මහ නගර සභා, නගර සභ ප්‍රදේශීය සභා හරින මන්ත්‍රීවරුන් වෙනුවට නවක මන්ත්‍රීවරුන් වහාම පත් ලෙස පක්ෂ එජාප නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේයැයි ද‘‘ මහලේකම්වරයා වැඩිදුරටත් පවසයි.
පක්ෂයට විරුද්ධව යන අයට නීතිය පැත්තෙන් අත්වන ඉරණම ඉහත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් හොඳින්ම පෙන්නුම් කරන බවද පක්ෂ මහලේකම්වරයා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එළවා දමන්න නෙමෙයි එකතු වෙන්න ඕනෑ කාලයයි මේ...!!! නැත්නම් රාජපක්ෂලා එක්ක අපිට කියලා ඉන්න රටක් නැතිවෙනවා...
ඉදිරියේදී පාර්ලිමේන්තුවේ විශාල පෙරළි සිදුවිය හැක. පළපුරුදු විපක්ෂ නායකයෙක් නැවත එම පදවියටම පත් විය හැක. ඒ ගැනත් සිතන්න...
එතකොට පාර්ලිමේන්තු මන්ත්‍රි වරුන් එලවන්නේ නැද්ද? මොකද්ද ඒ " ඩීල්" එක?
ඔය බහුබූත නායකයා ආපු දවසේ සිට කලේ පාක්ෂිකයන් පැන්නීම....
ඡන්දෙන් කැත විදිහට පරාද වුණු මනුස්සයෙක් ඡන්දෙන් පත් වූ පිරිසක් එළවනවා කියලා පාරම් බෑවා...
තවමත් රනිල්ද නායකයා?
පක්ෂෙන් එලවපු එක ගැන කියනවා නම් එ්කට බැස්සා, ඊළඟ සැරේ ඔය එකත් නෑ, ඒ තරම් වටිනා පක්ෂය කෑවේ කවුද ?
පළපුරුදු රනිල් විපක්ෂ නායක කරමු. ටිකක් හරි මොලයක් ඇතිව වැඩ කරන කෙනෙක්ගේ අවශ්‍යතාව එතනට මතුව තිබෙනවා. රටේ වත්මන් තත්ත්වය අනුව විපක්ෂ නායක කාර්යභාරයක් ඉටුවෙන්නේ නැහැ. පුතානෝ බහුබූත කියවමින් ඉන්නවා. ඒ නිසා ආණ්ඩවත් බයක් හිරිකිතයක් නැතිව ඕන දෙයක් කරනවා-අභියෝග නැති නිසා.