
(සුජිත් හේවාජුලිගේ)
සමග ජන බලවේගයේ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බව හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.
නායකත්වයට සුදුසු සැලකිය යුතු පිරිසක් එම පක්ෂයේ සිටින බවද ඔහු සඳහන් කළේය.
මැතිවරණ පරාජය වීම පිළිබඳව සජිත් ප්‍රේමදාස මෙන්ම එහි සෙසු සාමාජිකයන්ද වගකීම බාරගත යුතු බව පැවසූ දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ පරාජයට රනිල් වික්‍රමසිංහ මහතා වගේම තමා ඇතුළු සියලු පිරිසද වගකිවයුතු බව ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම , දේශපාලන පලපුරුදක් සහ දෙස් විදෙස් ආර්ථිකය පිලිබඳ හසල දැනුමක් ඇති හර්ෂ ද සිල්වා වැනි කෙනෙක් එකේ නායකයා වෙන්න ඕනේ , නමුත් එකේ තව පැත්තකුත් තිබෙනවා. එහෙම වුනොත් දිසානායක මහත්මය ඔබ වැනි පුද්ගලයන්ට යන එන මන් නැතිවෙනවා ,
අනේ ඔයා එජාපෙ වැඩක් බලා ගන්න. සජබෙ පාක්ශිකයෝ සජබෙ ගැන බලාගනි.
රනිල් මෙන්ම ඔයගොල්ලෝ ඔක්කොම මැතිවරණ පරාජයට වගකිවයුතු විතරක් නෙමෙයි, රට බංකලොත් කරලා විනාස කරපු එකටත් වගකිවයුතු නිසා තමයි ඔය ඔක්කොම කට්ටියව රටේ ජනතාව විසින් ගෙදරටම ගාල් කරේ.
ඔයා ලංකා විදුලිබල මණ්ඩලයට හිඟ මුදල් ගෙවල ද ඉන්නේ?
අනුන්ගේ රෙද්දවල් හොයන්නේ, තමන්ගේ පක්ෂෙට හොඳ නායකයෙක් හදා ගන්නකෝ.
ඩඩ්ලි මැතිතුමාගෙ කාලයේ පක්ෂයට විනයක් කලේ කවුද ජේආර් දෙවැනිවර බලයේ සිටිද්දි රටේ ප්‍රශ්න නොවිසදා තැනින්තැන සැඟවී උගුල් ඇටෙව්වේ කවුද එජාපයේ මුදුන්කණු දෙකක් වගේ හිටපු ලලිත් ගාමිණී දෙදෙනාට විනකලේ කවුද අන්තිමේ අවිගත්තෝ අවියෙන්ම නසි වගේ එහෙම කල කෙනත් යන්නම ගියා දුටුගැමුණු කුමාරයා එළාර සමග යුද්ධයට යන්න ඉල්ලුවාම කාවන්තිස්ස රජතුමා ඉඩ නොදුන්නෙ කාලය සුදුසු නැතිනිසා ඒත් එජාපයේ කුමාරයා අප්ප කලදේ පුතා නොකලොත් ......වෙන නිසා මෝඩයින්ට හසුවෙලා ඉක්මනින් රජවෙන්න (සජිත් මද්දුම )බලවේගය හදල එජාපය කඩා විනාශ කලා ඔබේ කතාවෙ හැටියට සජිත්ට වගේම ඔබටත් මුල් තනතුරුවල ඉන්න අයටත් අමාරුයි කියල කතාවෙන් පේනවා...
නවිින්, මගුලක් ද කියන්නේ? අනුන්ගේ මගුල්වලට අත නොදා තමන්ගේ පාටි එක හදාගන්න. මේ කතාවත් රනිල් නේද කියන්න කිව්වේ? ගාමිනි දිසානායක ට තිබු අති විසිස්ට හැකියාවෙන් 5ක් නවිින්ට නැ. මහින්ද කරපු දේ නිසා මිනිස්සුන්ට අනෙක් සියලුම පක්ෂ එපාවිම සහ මාලිමාවේ බොරුව ඇත්තක් ලෙස ,එකම විකල්පය මාලිමාව ලෙස ජනතාව පිලිගත්තා. ඒ නිසා සජිත් නොවෙයි කව්රු ආවත් එදා මාලිමාව දිනනවා..
අනුන්ගේ කබර නො සොයා තමන්ගේම කබර සුව කර ගත්තොත් කොහොමද? ඔය සදාකල් නායක එයා ගැන බලාගන්නකෝ...!
එතකොට කවදාවත් තමන්ගේ ශක්තියෙන් ඡන්දයක් දිනලා නැති එජාප නායකයා ඉන්න ඕනේද?..
සජබ නායකයා වෙනස් වෙන්න ඕනෑ නම් එම තනතුර නවීන් දිසානායක ඉතාම සුදුසුයි. ඔහුත් දිගු කාලයක සිට පක්ෂයක නායකයකු වීමේ සිහිනයක සිටිනා කෙනෙකි. එක්සත් ජාතික පක්ෂයේ නායකයා ඉවත්විය යුතු බවට පුතුන් දෙදෙනාම දැඩි සටනක නියැලී සිටියේය...
තමන්ගේ පක්ෂයේ නායක ප්‍රශ්න විසඳා ගන්න බැරුව අනුන්ගේ පක්ෂවල නායක ප්‍රශ්න විසඳන්න යන එක නම් කේතලේ මුට්ටියට උඹ කළුයි කිව්වා වගේ තමයි...
ප්‍රේමදාස කියන්නේ ගෙම්බෙක් නෙවෙයි...
නවීන් අත්තෙන් අත්තට පනිනවා. මොනවා.කනවා.ගිනි තියනවා.කට පියාගෙන් ඉන්නෙ නැතූව.ගාමීණිව අමූවෙන් වළදල බණ දෙසනවා.අරහං.
මෙයාගේ පියා එක්ක බලද්දී මෙයා දූවිලි අංශුවක්.
එහෙම කොහොමද...?? මාලිමාවට ඉන්න හොදම විපක්ෂ නායක තමයි සජිත් [...මොකෝ, ඉතින් හිටියත් වැඩක් නෑ වගේ නේ....!!]. අඩු ගානේ හර්ෂ ට වත් ඔය පක්ෂේ දුන්න නම් හොඳයි නේ..??
ඔලුව මාරුකරලා බලන්න වගේ යන්නේ?
අම්මෝ මෙයාව ඔහොම තියන්න වෙනස් කරන්න යන්න එපා. සදාකාලිකව විපක්ශ නායක වෙලා ඉන්න ඕනෙ පුද්ගලයෙක්. අනුර බණ්ඩාරනායක මහතාගේ විපක්ශ නායක වර්තාව මෙයා පසුකරයිද දන්නේ නැහැ.
ඔබතුමාට අනිවාර්යයෙන්ම රනිල් මහත්තයා කියන්න ඇති පුළුවන් නම් සජබේ නායකයා මාරුකරලා එජාපයට එකතු කරගන්න කටයුතු කරන්න , නායකකම දෙන්නම් කියලා. ඔය ලනු කන්න ගිහිල්ලා ඔබතුමාට තිබෙන තැනත් අහිමි කරගන්න එපා. මෙතෙක් යොමු කර ඇති කොමෙන්ට් ටික ප්‍රමාණවත් තමන් කවුද කියා තමන්ට තේරුම් ගන්න, මුට්ටිය කුඩුවෙලා තියෙන්නේ ඔලුවනම් දාන්න තියා හිතන්නවත් එපා. ඔබතුමාගේ පියතුමා කෘතහස්ත දේශපාඥයෙක්. එතුමන් කළ විශිෂ්ඨ සේවය නොවන්නට අද අපේ රටේ විශාල පිරිසක් අඳුරේ, මහවැලිය තුලින් රට මොනතරම් තැනකට ගෙනාවද, ඔබතුමා මේ වනවිට එතුමා සක්‍රීය සේවය කළ විය ඉක්මවා ඇත. ඔබතුමා පියාගේ අඩිපාරේ යනවා නම් මෙතෙක් රටට කළදෙයක් කියන්න බලන්න. ප්‍රේමදාස, ලලිත්, ගාමිණි වගේ දේශපාළඥයින් අහිමිවීම කිසිදා පුරවන්නබැරි මහ විශාල පාඩුවක්. සජිත් මහත්තයා නම් මොනවා හරි කරලා තිබෙනවා සහ නායකයා වෙන්න ඕනෑ කවුද කියා සජබේ තීරණය කරාවි, රනිල් මහත්තයාට වගේ බාහිරව ගැටළුවක් සජිත් මහත්තයාට නැහැ. හැකිනම් රනිල් මහත්තයා විවේක ගන්වලා එතුමාගේ සහචර කිහිපදෙනා පසෙකින් තබා පක්ෂ දෙක එකතු කර මේ රටට දැවැන්තම සංවර්ධනය අත්කර දුන් එජාපය නැවත නඟා සිටුවන්න.
ඔව්, ඒ විතරක් නොවේ. අප්පා පොල් කැඩුවානම්, පුතාත් පොල් කඩන්න ඕන කියලා හිතන සිතිවිල්ලත් වෙනස් වෙන්න ඕන. හොඳ වෙලාවට රනිල් මහතාට දරුවන් නොහිටියේ
අනුන්ගේ පක්ෂවල රෙදි හෝදන්නේ නැතිව, තමන්ගේ වැඩක් බලාගන්න ලොක්කා.