ජනාධිපති ලේකම් කාර්යාලය සතු වාහන අයුතුලෙස පරිහරණය කළැයි රිමාන්ඞ් බාරයට පත් කිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීරණය කර ඒ වෙනුවෙන් රුපියල් කෝටි 50ක වන්දියක් ඉල්ලා හිටපු පාර්ලිමේනතු මන්ත්‍රී හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ප‍්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨධිකරණය අද(24) තීන්දු කළේය.
එම චෝදනා සම්බන්ධයෙන් පෙත්සමකරුට එරෙහිව නඩුවක් කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයෙහි විභාග වන හෙයින් ඔහු අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩවී නොමැති බැවින් මෙම පෙත්සම විභාගයට ගැනිමට අවසර දීමට තරම් ප‍්‍රමාණවත් කරුණු නොමැති බව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම නිෂ්ප‍්‍රභ කළේය.
අගවිනිසුරු කේ.ශ්‍රී පවන් , චන්ද්‍ර ඒකනායක සහ උපාලි අබේරත්න යන ශ්‍රේෂ්ඨධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳැවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ මෙයාගේ ඒ දවස්වල තිබුන උෂ්ණත්වය?දැන් ...? (නි)
මොහු ( සජින් වාස් ) සහ මම කාලයක් ඩුබායි වල සුළු සේවකයෙක් ලෙස රැකියාව කළා. එකළ මොහු ඉතා හොඳ මනුස්සයෙක් ,දැන් නම් වෙනස් වෙලා , මාවත් අඳුරන්නේ නැහැ. (ස)
මේ අයට නඩු කියන්න මුලික අයිතිවාසිකමුත් තියනවානේ. හොරකම් කරන කොට ජනතාවගේ මුලික අයිතිවාසිකම් ගැන නිකමටවත් හිතිලා නැහැ. අධිකරණයට ජය වේවා! (නදී)
මේ අය සොරකම් කරේ වංචා කලේ මහජන මුදල් , ඒවායින් මුලික අයිතිවාසිවසිකම් කැඩුනේ අහිංසක දුප්පත් මින්සුන්ගේ , දහදිය මහන්සියෙන් හම්බ කරලා බදු ගෙව්වේ රජයට , මේ අය හරිනම් කොටි ගණන් ආපසු ගෙවිය යුතු , රටේ අහිංසක ජනතාවට (අ)
උගත්, රටට විශාල වැඩ කොටසක් කල ලන්ඩනයේ හිටපු මහා කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් මහතාට මොහු කටු කන කාලයේ විශාල ලෙස අපහාස කළා.(නදී)
කිසි කෙනෙක් දන්නේ නැහැ මෙයා කව්ද කියලා..?...මෙයා අතේ පරණ ලොක්කගේ සල්ලි තියෙනවා. හැබැයි ලංකාවේ නොවෙයි පරණ ලොක්කගේ පුද්ගලික දේවල් ඔක්කොම මෙයා දන්නවා (නදී)
විකිපීඩියාව තුලින් සොයා බලන්නෙකුට මෙතුමාගේ පැටිකිරිය හා කැරැට්ටුව ගැන හොඳ අවබෝධයක් ලැබිය හැක. (අ)
මූ හොරා කාල මදිවට, තව නඩු දාලත් සල්ලි ගන්නද හදන්නේ. පල් හොරා. (ස)
ඩුබායි වල මුට්ට කරගහපු කාලේ දැන් අමතක වෙලා වගේ නේද...?(නදී)
මැතිවරණ වියදම් සඳහාද රුපියල් කෝටි ගණනක් ඉල්ලලා නඩු දැම්මේ ? (නදී)
කම්බා හොරු වන්දිත් ඉල්ලති. (නදී)