සන්ධාන මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන 2011 මාර්තු 31 සිට 2012 මාර්තු 31 දක්වා සිය වත්කම් ප්‍රකාශ බාරදී නැතැයි පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය හමුවේ කියා සිටියාය.
සජින් වාස්ගේ නීතිඥවරු පාර්ලිමේන්තු ලිපි ලේඛන කිහිපයක පිටපත් ඉල්ලූහ. එම පිටපත් කථානායකගෙන් ලබා ගන්නැයි උසාවිය ඔවුනට දැන්වීය. වැඩිදුර විභාගය මැයි 11ට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාට ප්‍රකාශ කිරීමට තරම් වත්කමක් නැති නිසා වෙන්න පුළුවන්. පාර්ලිමේන්තුවෙන් දෙන වැටුපෙන් යැපී රටට සේවය කරන්නේ නම් ඔහු නියම දේශප්‍රේමියෙකි (නි)
මෙතන දාල තියෙන ප්‍රතිචාර දැක්කම හිනායනවා. හොර මුලේ නායකයට සුදුහුණු ගාන ගමන් අපේ රටේ ඇත්තෝ පොඩි හොරුන්ට දෝෂාරෝපණය කරනවා. හිතන්න පුලුවන්න සීමාව එච්චරයි (බ)
රට කාපු වනසපු, ජනතාවගේ මුදල් සොරකම් කළ මෙවැනි අයට තවමත් සුදුහුණ ගාන කොටසක් ඉන්නවා. මතකනේ මෙයා එංගලන්තයේ තානාපති ක්‍රිස් නෝනිස්ට කළ දෙය (නි)
චන්දන, ඒ නිසාමනේ එයාට ඔය වැඩෙත් අමතකවුණේ. (නි)
වැදගත් නායකත්වයක් කෙලෙසා වැනසූ රැලෙන් කෙනෙක් මෙයා. (බ)
හොරුන්ගෙත් හොරෙක්. මහා හොරෙක්. (නි)
රටට ගොඩක් වැඩ කරපු දක්ෂ මනුස්සයෙක් (බ)
චන්දන, ඔබ මෙතෙක්කල් කොහෙද හිටියේ? එයා රටට කරපු වැඩ මොනවාද? (නි)
එලි කරන්නේ කොහොමද දෙවියනේ (ම)
සමීර.මමත් සිංහල. එත් ඇත්ත කියන්න ඕනේ. අපි ගොඩාක් දුර හිතන ජාතියක් නෙවෙයි. අපිට හැමදේම ඉක්මණින් අමතක වෙනවා. පේනවා නේද පාර වාහන පදවන විදිය. එහෙමද ලයිසන් ගන්න පුරුදුවෙන කාලේ පාඩුවේ. ඒවගේ තමයි. බලන්නකෝ ඊළඟ ජන්දේදි ඔය හොරු කියපු හැමදෙනාම උඩින්ම දින්නේ නැද්ද කියලා. (ම) ඔයක් අපේ ලාංකිකයන්ගේ මානසික තත්වේ.
මෙ වගේ අය හිටිය නිසා තමා මහින්ද මහත්තය පරාද වුණේ ...(බ)
ඔය එළියට ආවේ තව කේස් එකක් !!! හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු ....බලන් ඉඳිමු ඉවසිල්ලෙන් (බ)