සජින් වාස් ගුණවර්ධන ජූලි 5 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (27) නියෝග කළේය.
සජින් වාස්ගේ කොස්මෝස් සමාගමට රුපියල් මිලියන 144ක් යෙදවූ ආකාරයත් රිච්මන්ඩ් සෙල්වම් නම් පුද්ගලයකුට තර්ජනය කළැයි කියන සිද්ධියක් ගැනත් රහස් පොලිසිය අධිකරණයට දැන්වීය. තර්ජනයට ලක්වූ බව කියන එම පුද්ගලයාද අධිකරණයට කැඳවන්නැයි මහේස්ත්‍රාත් පොලිසිය නියෝග කළේය.
සජින් වාස් සීඅයිඩී අත්අඩංගුවට 13:36
මහින්ද රාජපක්ෂ රජය සමයේ හිටපු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පමුණුවනු ලැබ සිටී.
ගුවන් යානා මිලට ගැනීම් ජනාධිපති කාර්යාල වාහන අවභාවිතය ආදී කරුණු රැසක් සම්බන්ධයෙන් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය පවසයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතට මාංචු වැටුනම ප්‍රදර්ශනය කරන්නේ ඔච්චමටද. මේක විහිළුවක් වත් සිනා සීමටවත් , ප්‍රදර්ශනයකට කාරණයක් නොවේ . (ර)
දැන් මේක මොකද්ද විහිළුව. කරුණු හොයල බලල විභාග කරලා නීතිය ක්‍රියාත්මක කිරීම විහිලුවක්ද? (ර)
ගන්නවනම් තව කොච්චර අය ඉන්නවද එලියෙ. මේක බොරැ විහිලුවක් විතරයි. බලන් ඉදිමු අවසානෙ මොකද වෙන්නෙ කියලා. (ර)
මෙයාලා හොරකම් කරලා හිරේට යනකොට යන්නෙත් හරියට ජාතික වීරයෙක් වගේනේ (නි)
මේ අය රිමාන්ඩ් එකට යන්නේ වීරයෝ වගේ. (ර)
ජනවාරි 8 දේදුනු විප්ලවයේ ජනතා බලාපොරොත්තු ඉටුකිරීමට නම් සල්ලි වලට ගිජු වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන්ගේ බලපෑම් වලට යට නොවී නීතිය අනුව කටයුතු කළ යුතුය. බලපෑම් වලට යට නොවී නීතිය ක්‍රියාත්මක කරන එෆ්සීඅයිඩී සහ සීඅයිඩී ප්‍රධානීන්ට යහපාලනප්‍රේමී ජනතාවගේ ගෞරවය ලැබෙනු ඇත. (නි)
තව කොපමණ එළියේ සිටියත් කියන එක මෙයාව ඇතුළට නොගැනීමට හේතුවක් නොවෙයි. මෙයා වැරදි කර තිබෙනවා නම් දඬුවම් කරන්න. මේගොල්ලන්ව පසුව නිදහස් කිරීම දඬුවම් ලැබිය යුතු වරදක්. (නි)
බන්ධනාගාර වෑන් රිය ඇතුළේ ඉඳන් අත වනනකොට මේ අය ඔක්කොම හොඳ සුද්දවන්තයෝ කියලා බලාගෙන ඉන්න උදවියට හිතෙනවා කියලා එයාලා හිතනවා ඇති. (නි)
ඔන්න ලොක්කට ආයෙත් වැලිකඩට යන්න ගමනක් සෙට්වෙලා (බ)
මෙහෙමත් විහිළු සපයන කාලයක් කිසිදිනෙක තිබී නැත (බ)
සමහර අය මජනතාව කුපිත කරමින් ගෙන ගිය ,ගෙන යන උද්ඝෝෂණවලින් පෙනෙන්න පුළුවන් මේ පළිගැනීමේ චේතනාවෙන් කරන දෙයක් කියලා,රැවටෙන්න එපා මේ පළිගැනීමක් නොව මේ ක්‍රමවේදය උඩ තමයි අත්අඩංගුවට ගන්නේ,නීතියෙන් ගැලවුණත් කර්මය විසින් ඔවුන්ට හිමි දඩුවම නිසැකවම ලබා දෙනු ඇත (බ)
අනේ පවු . එතුමා එහෙම කළේ රජතුමා නිසානේ . ඔන්න අැප දීල නිදහස් කරන්න (බ)
දාපු ඩීල්,ඔක්කොම කණපිට හැරුන නේ, (බ)
අපේ පිං, පව් රිය සක වගේ අපේ පසුපස එනවා. (ර)
ආණ්ඩුවට හේත්තු උනත් ආණ්ඩුවේ හිටියත් ආණ්ඩු කරලා ගෙදර ගියත් කල වැරදි කරලා තියෙනවානම් දඩුවම් ලැබිය යුතුයි. (ර)
කාට කාටත් හොඳ පාඩම්.(හේ)
අපි රැවටෙයි ඕවට... නාඩගමක කොටසක් මේ... (ර)
දැන් බලේ තිබුණු කාලේ කරපු දේවල් පස්සෙන් එනවා! (හේ)
මෙපමණ චෝදනා තියෙද්දිත් පසුගිය දිනවල පක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුරකටත් පත්කලා නේද? චෝදනා තිබෙන කෙනෙක් මෙහෙම පත්කළේ වෙන කවුරුවත් නැති නිසාමද? එහෙම නැතිනම් ඔහුව අනාගතයේදී නිදොස් කොට නිදහස් කිරීමට සිතාගෙනද? (හේ)
ලෙස්ලි ඕන ඔට්ටුවක් ලොක්ක මෙයාව බලන්න එන්නේ නැහැ මොකද ලොක්කගේ සමහර හොරවැඩ මෙයා වර්තමාන ලොක්කට කිව්වනේ නඩුවලින් ශේප් වෙන්න (බ)
මෙය ගිය රජයෙන් රටට කල සේවය කුමක්ද කවුරු හරි කියන්නකෝ (ම)
මේ රටේ හිටපු දේශපාලකයන්ටත් විවිධ චෝදනා තිබුනා. පරාජයෙන් පසු ඒ අයත් "අර වැරදි, මේ වැරදි" කළා කියා අහගත්තා. අප රටේ මෙතරම් චෝදනා වලට මහින්ද මහත්තයා තරම් කිසිම දේශපාලකයෙක් ලක්වුණේ නැහැ. මීට හේතුව එතුමා වටේ සිටි දුෂ්ට පිරිසයි. මෙය මහින්ද මහත්තයා තේරුම් නොගැනීමත් බරපතල කරුණක්. (නි)
මේක මාර නිතියක්නේ. ප්‍රසන්න රණතුංග කළෙත් ඕකමනේ. මිනිහට ඇප මෙයාට හිර. (බ)
හොඳ වැඩේ. මේ වගේ අය තමයි පහුගිය ආණ්ඩුව කාලා රටත් වැට්ටුවේ (නි)
මහින්ද මහත්තයාටත් හොඳ පාඩම් මේ වගේ අය තියා ගත්තට (නි)
මෙයාට යහපාලනයෙන් සංවිධායක කමකුත් දුන්නනේ. අපුරුවට එලියට ඒවි (අ)
පොදුවේ හැමෝටම එකම නීතියක් තිබිය යුතුයි. (ම)
දිගටම කාපුවා වමාරන්න. පව් පළදෙන කාලය ඇවිල්ලා. කාපු අනෙක් කට්ටියටත් දැන් නින්ද යන්නේ නැතුව ඇති (නි)
දැන් ඉතින් කරන්න දෙයක් නැහැ මහත්තයෝ.(හේ)
ජයන්ත, ඔබ මතු කරන්නේ වැදගත් ප්‍රශ්නයක්. අපි දැක්ක පහු ගිය කාලෙ සමාන වැරදිවලට ඔහොම සමහරු රිමාන්ඩ් වනවා. සමහරු ඇප ලබනවා. විනිසුරන්ට අභිමතය පාවිච්චි කරන්න පුළුවන් බවයි එ්කෙන් පෙන්නේ. අලියා රජයේ දේපලක් කියල සමහරු රිමාන්ඩ් වෙනවා. සමහරු එළියේ ඉන්නවා. සමහර විනිසුරුවරු අලියා රජයේ දේපලක් නොවේය කියලත් අර්ථ කථනය කරනවා. ආචාර්ය කොල්වින් කිව්වේ ඒකයි නීතිය ඔලු දෙකේ බුරුවෙක් කියල. (බ)
හොඳ වැඩේ උඩ පැනගෙන ගියාට (බ)
ඇයි මෙයාට නේද එම්එස්ඩී ආරක්ෂාව දීලත් තිබුනේ. ගාල්ල මැයි දිනෙත් ඉවරයි. දැන් මෙයා මොකටද? (බ)
තාබෲක් සිල්වා හරියටම හරි. මේක නාඩගමක් නෙවෙයි. (ර)
ඇත දෙකට මාංචු වැටෙනවා කියන්නේ මොන තරම් ගෞරවයක්ද ? (බ)
පුදුමය කියන්නේ වැරැද්දක් කරලත් හිරේට යන්නෙත් මහා ලොකු වැඩක් කළා වගේ හැමෝටම ආචාර කරමින්. පුදුම සංස්කෘතියක් ලංකාවේ තියෙන්නේ. ලැජ්ජා නැතිකම...... (නි)
දහම් මොකක්ද විහිලුව මේ යහ පාලනය ඔයාල වගේ අයට තේරුම් ගන්න බැහැ නිතිය හැමෝටම එක වගේ ක්‍රියත්මක වෙන්ව එකතම ඔයාට දැනෙන විහිළුව.ඩීල් නැහැ (බ)
මීළඟ නිව්ස් එක: සජින් ද වාස් අසනීප වීම නිසා මහා රෝහලේ ගෙවන වාට්ටුවට ඇතුල් කෙරේ. (බ)
මහින්ද ළඟ තියෙනවයි කි ෆයිල් ටික රජයට බාරදි වැලිකඩ නොගාස් පුරැදු පරිදි පන්සල් යාම ඒලොවටත් මෙලොවටත් හොද වැඩකි. (බ)