මහින්ද රාජපක්ෂ රජයේ හිටපු මන්ත්‍රීවරයකු වූ සජින් වාස් ගුණවර්ධන ලබන සිකුරාදා (8) තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
කොස්මෝස් නම් ආයතනය මගින් රුපියල් කෝටි 61ක මුදල් අවභාවිතය සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ මේ නඩුව පවරා ඇත.
සජින් වාස්ගේ ද කොස්මෝස් ගණකාධිකාරී ද රහස් පොලිසියට දුන් ප්‍රකාශ පරස්පර විරෝධී බව රහස් පොලිසියට අධිකරණයට දැන්වීය. මේ දෙදෙනාම එකවර කැඳවා ලබන 7 වැනිදා කටඋත්තර ගන්නැයි මහේස්ත්‍රාත් රහස් පොලිසියට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ අම්මෝ කෝටි 68 ක්! කෝටි 68 ලියන්න හැට අටේ අගට බිංදු කීයක් දාන්න ඕනිද? (බ)
මෙයාට නම් හොඳ වැඩේ. ගියා ඒ පැත්තට හේත්තු වෙලා බේරෙන්න. හිරේටම දාන්න ඕනෑ මේ වගේ අය දැඩි දඬුවම් එක්ක (නි)
මේවට අනුබලදුන්, නොදැක්කා වගේ සිටිය අයටද දඬුවම් දියයුතුය. පන්සල් ගොස් දේශපාලනය කරනවට වැඩිය තමුන්ගේ ගෝල පිරිසට හොඳ මඟ පෙන්වමු. (නි)
සාක්ෂාත් කළ හැකි වුවද නැති වුවද ජාතියේ ධනය සොරකම් කළේ කවුරුන්දැයි රටවැසියා දනී.වේදිකාවල වැඩිම කෑ මොර තබනුයේ ඔවුන්ය.(බ)
මේවා ඔක්කොම අහිංසක මිනිසුන්ගේ සල්ලි. නීතියෙන් සාධාරනයක් ඉෂ්ට නොවුණත් සොබාදහමෙන් හරි විඳවන්න වෙයි. (නි)
අම්මෝ! මට කලන්තේ වගේ... (නි)
අනේ! මෙයා අර පැත්තේම හිටියා නම් පුදුම ආරක්ෂාවක් හා නීති උපදෙස් ලැබෙනවනේ මේ දේවල් වලින් බේරෙන්න. (නි)
නාමල්ගේ ඩුබායි රටේ තිබෙන ගිණුම් 9 යේ මුදල් රුපියල් කෝටි 46,500 ගැන පරීක්ෂණය කරන්නේ කවදද? (බ)
මහින්ද රාජපක්ෂ රජයේ හිටපු මන්ත්‍රීවරයකු වූ සජින් වාස් ගුණවර්ධන ගේ ගැහිලි මෙහෙමනම් අනික් ගැහිලි කොහොම වෙන්න ඇතිද කියල හිතා ගන්න පුළුවනි. (බ)
මේවා කවුරුහරි අමතකවෙලා දාලා ගිය සල්ලි වෙන්න ඇති. මම කියන්නේ බොරුයි කියලා හිතෙනවා නම් අර හාමුදුරුවන්ගෙන් අහලා බලන්න (නි)