පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරද්දී පරිහරණය කළ දෑ නැවත භාරදීමට ඇතැයි සජින් ද වාස් ගුණවර්ධන මහතාගේ නීතීඥවරු අද (11) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වූහ.
ඒ ගැන බන්ධනාගාර රෙගුලාසිවලට අනුව කටයුතු කරන්නැයි මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා දැනුම් දුන්නේය.
ජනාධිපති ලේකම් කාර්යාලයයට අයත් වාහන අයථා පරිහරණය කළැයි රිමාන්ඩ් බාරයේ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා විදේශ අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන ලබන 25 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර ගතකළ කාලය මතක්වෙනකොට දුක හිතෙනවා ඇති (නි)
තමන්ට අයිති නැති දේවල් ඇයි තමන් ළඟ තබාගෙන සිටින්නේ? (නි)
වරදක් කළා නම් දඬුවම් විඳියයුතුයි (නි)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරද්දී පරිහරණය කළ දෑ නැවත භාරදීමට, රිමාන්ඩ් එකෙන් එලියට එන්න ඕනේ නැහැ. , ඒවා එයාගේ පවුලේ අය ලවා හෝ ලේකම් ලවා කරවන්න පුළුවන්. තව මාස 3ක් වත් රිමාන්ඩ් එකේ ඉන්න. කරපු වැරදී මතක් වෙලා දුක් වන්නට (නදී)
ඒ කාලේ පරහරණය කරපු නොයෙකුත් දේ ගැන විස්තර පත්තර වල පහුගිය දවස් වල තිබ්බේ විස්තර ඇතුවම. (නදී)