ජනාධිපති ලේකම් කාර්යාලයයේ වාහන අයථා පරිහරණය කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන ලබන අගෝස්තු 04 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද නියෝග කළේය.
අසනීප තත්ත්වයෙන් පසුවන නිසා ඇප දෙන්නැයි ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු ඉල්ලූහ.
ඇප ලබා දීමේදී සැලකිලිමත් වන්නේ සැකකරුට ජීවිත අවධානමක් ඇති රෝග තිබෙනවා නම් පමණක් බවත්, වෛද්‍යවාර්තා අනුව සැකකරුට එවැනි රෝග නොමැති බවත් කී මහේස්ත්‍රාත් ඇප දීම ප්‍රතික්ෂේප කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදිකරුවන්ට දැඩි දඬුවම් දියයුතුය. නමුත් ඡන්දයක් ළංවන විට පමණක් ඇයි මෙවැනි දේවල් කරන්නේ? (නි)
මේ චෝදනාවත් නරකම නැහැ හැබැයි ඔප්පුකරලා දෙන දඬුවම ගැන අප නොඉවසිල්ලෙන් බලා ඉන්නවා. (ර)
ඉහෙන් බහින රෝගයක් නැහැ. හොඳට පෝෂණ ආහාර හම්බවුනානේ පහු ගිය ආණ්ඩුවෙන්. (ම)
ඡන්දෙ ඉවර උන ගමන් මෙයා එළියේ, නැවත සියලු බල තල සමග. (ර)
හෙට අනිද්දා වෙනකොට මෙයාගේ තනියට තව කීප දෙනෙක් එවි....(ම)
17 දා පසුව තව එන්න ඉන්නවා කට්ටිය (ම)
ගුවන් යානා ගිලපු චෝදනා බොරුද ? (නදී)