පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ගවර්ස් කොපරේෂන් හි  සාමාන්‍යාධිකාරි සුජානි බෝගොල්ලාගම කොළඹ අලුත්කඩේ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා  විසින් අද (26) බර  ඇප කොන්දේසි මත මුදා හරිනු ලැබීය.

නාමල්ගේ එන් ආර් කන්සල්ටන්ස් හා ගවර්ස් කොපරේෂන් සමාගම් දෙකේ රුපියල් මිලියන 45 ක වංචාවක් සම්බන්ධයෙන්  ඇය අද අත්අඩංගුවට  ගෙන ඇත.

රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් හා  රුපියල් ලක්ෂ සියය බැගින් වු ශරිර ඇප 4 ක් මත මුදා  හරින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත් ඇගේ ගුවන් විදෙස් බලපත තහනම් කළේය.

සාක්කිකරුවනට  බලපැම් නොකරන ලෙසත් මසකට  වරක් පොලිසියේ පෙනී සිටින ලෙස නියෝග කැරීණි.