
(රෝෂන් තුෂාර)
රුපියල් ලක්ෂ 369 ආදායම් බදු නොගෙවීමට එරෙහිව දේශීය ආදායම් කොමසාරිස්වරයා පවරා තිබූ නඩුවකට පෙනී නොසිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනනැයි දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කළේය.
ව්‍යාපාරිකයෙකු වූ වාස් ගුණවර්ධන මහතා 2010-2012 වර්ෂ වලට අදාළව ආදායම් බදු නොගෙවීම් සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස්වරයා 2023 වසරේදී මෙම නඩුව පැවරු අතර පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිට සිටින දිනේෂ් පෙරේරා මහතා සඳහන් කර සිටියේ වගඋත්තකරුට සිතාසි භාරදී ඇති මුත් අධිකරණයේ පෙනී සිට නොමැති බවය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතුරාජ මහත්මිය විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් වරෙන්තු නිකුත් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකරණයටත් සමච්චල් කරන, මහජන ධනය හොරාකාපු අතිශය වරප්‍රසාදලත් ප්‍රභූ පැලැන්තිය.
ජනතා බදු මුදල් කාබාසිනියා කරපු පට්ට හොරෙක්.දූෂිතයෙක්.
මෙයා ගැන කියන්න ,පොතක් ලියන්න ඕනේ
මොකුත් නැතිව ඉදල ප්‍රකෝටිපතියෙක් උනා කිවල අහල තියෙනව. අනික මහින්ද රාජපක්ෂ ජනාධිපති පිටරට ගිය හැම වෙලාවෙම උන්දැත් එක්ක ලෝකෙ වටේ ගිය බවනං දැනගෙන හිටියා.
රාජපක්ෂ ආරක්ෂාව යටතේ උපරිම දූෂණ කල අයෙක්!
ඒ දවස් වල මහින්ද කොතනදමූ එතන .මහිඬගේ හොඬම වඬිභට්ටයෙක් .හබැයි මොනවා නත්තත් හොඬට හම්ම්බ කරපු කම්බ හොරෙක් කියලා නම් දන්නවලු .