අදට යෙදී ඇති ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් ජාතික උත්සවය නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මාළිගාවත්ත ප්‍රදීපා ශාලාවේදී පැවැත්විණි.
කෙන්යාවේ නයිරෝබී නුවරදී ලෝක ජනාවාස දිනය ප්‍රකාශයට පත් කෙරුණේ හිටපු ජනපති ආර්.ප්‍රේමදාස මහතා එක්සත් ජාතීන්ගේ සමුළුවෙන් කළ ඉල්ලීමක් අනුවය. ‘සැමට සෙවණ‘ සංකල්පය යටතේ අඩු ආදායම් ලාභීන්ට නිවසක් ලබාගැනීමේ හීනය සැබෑ කිරීමට තමන් ඇප කැප වන බව ප්‍රේමදාස මහතා එම උත්සවයේදී පැවසීය.
මෙගා පොලිස් හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාද එහිදී අදහස් දැක්වීය.
කොළඹ හතේ ඉහළ පැළැන්තියේ විතරක් සංවර්ධන කටයුතු කළ පසුගිය රජය නිදහස් චතුරස්‍රය අසල ඉදිකළ "ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ්" නමැති සුපිරි පන්තියේ වෙළඳ සාප්පු සංකිර්ණයේ මාළු ටැංකිය හැඳිමට ගෙනා වීදුරුවට විතරක් රුපියල් කෝටි තුන හමාරක් වැය කර තිබෙනවා . ඒකට දාපු එක මාළුෙකු මිලට අරන් තියෙන්නේ රුපියල් හැට දහස ගාණේ . මේ වගේ ජනතාවගේ බදු මුදල් නාස්ති කිරිම ගැන ජනතාව දැන ගන්න ඕනෑ යැයි රණවක මහතා පැවසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා! (නි)
රණසිංහ ප්‍රේමදාස යන නම අපිට කවදාවත් අමතක නොවේ (නි)
අනේ අර කුණ්ඩසාලේ ගම්උදාවට හදපු පිළිම ගෙනත් මොකක් හරි කියන්නකෝ රණවක මහත්තයා (බ)
ඔයාල කව්රුත් එකයි අනේ ..එකම රොටියේ දෙපැත්ත..කියන්න බලන්න කොහෙද ..? කාටද මේවෙනකොට බාගේටවත් හදාගෙන යන ගෙයක් ඔයාල විසින් හදන්න පටන්ගත්තේ කියල ..? එකක්වත් නැහැ .? බඩවල් දික්කරගෙන කොඩි උස්ස උස්සා.. ගමක් නගරයක් ගානේ ගිහින් මහජන මුදල් නාස්තිකරන්න..? (බ)
අනේ අැයි අපේ ළමයින් ව මෙතරම් බාල්දු කොරන්නේ. ඇමෙරිකන් ළමයිව ආදර්ශයට දෙන්න. එයාල කාටවත් වදින්නේ නැත. (බ)
සජිත්ට දුර්ලබ අවස්ථාවක් ලබාගන්න පුළුවන් 2020 දී මහින්දගේ සහයෝගයෙන් පොදු අපේක්ෂකයා වුණොත් (බ)
දුප්පත් අපේ හිතවතා! (නි)
ඉදිරියටම යන්න හැකිවේවා! (නි)
ළමයින් ලවා දේශපාලකයින්ට වැන්දවීම නම් මහා ගොන්කමක්... මේවා මේ අය කරන්නෙත් අපේ බදු සල්ලිවලින් නේ..(බ)
ඔබතුමා මේවා කිවුව එක හොඳයි. (නි)
ඔබ ඇත්තෙන්ම වාසනාවන්තයෙක් (නි)
ලෝක ආහාර දිනයටත් තව දින 11 යි. මොන මොනවායේ ගණන් අඩු වෙයිද කියල අපි ඉතා ඕනෑකමින් බලන් ඉන්නවා. (ම)
චම්පික රණවක ඇමතිතුමනි, එම මසුන් ලංකාවේ අභිජනනය කොට සැපයුම්කළ ආයතනයේ බිල් පත රු. 364000.00 (තුන්ලක්ෂ හැට හතරදාහකි.) ජපානයෙන් ආනයනය කළ බව පවසා අතරමැදියන් ලබාගත් මුදල රු. 21400000.00 (දෙකොටි දාහතර ලක්ෂයකි ) (බ)
අපිට සජිත් මහතා විශ්වාසයි. (බ)