සහනාධාර ක්‍රමයක් යටතේ අඩුආදායම් පවුල් සඳහා ණය ලබා දුන් දිවි නැගුම ප්‍රජාමූල බැංකුවේ මුදල් අයථා ලෙස පරිහරණය කරන ලැදැයි නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව කළ පැමිණිල්ල පිළිබඳ කඩිනම් විමර්ශන පවත්වන ලෙස මූල්‍ය වංචා විමර්ශන ඒකකයට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පොලිස්පතිවරයාට නියෝග කරන ලෙස ඉල්ලා සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරීන්ගේ සංගමය ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නේය.
නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ෙප්‍ර්මදාස, අගමැති, කැබිනට් මණ්ඩලයේ සෙසු සාමාජිකයින් ඇතුළු පෙත්සමේ සෙසු වගඋත්තරකරුවන් හැර එහි පළමු සහ දෙවන වගඋත්තරකරුවන් වන හිටපු දිවිනැඟුම අධ්‍යක්ෂ ජනරාල් ආර් ඒ කේ රණවක සහ වත්මන් දිවිනැඟුම අධ්‍යක්ෂ ජනරාල් එම් සුමනපාල යන වගඋත්තරකරුවන් දෙදෙනා විසින් පෙත්සම්කරුවන්ගේ මූලික අයිතීන් උල්ලංඝනය කිරීමක් සිදුවී ඇත්ද යන්න විමසා බැලීමේ අවශ්‍යතාවය මත මෙම පෙත්සම විභාගයට ගැනීමට තීන්දු කළේය.
ඒ අනුව පෙත්සම ලබන නොවැම්බර් 16 වැනිදා විභාගයට ගැනීමට දින නියම කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
පහුගිය කාලේ ඡන්ද වැඩට ගත්තත් දැන් මේවා ගත්තේ ඡන්ද වැඩ වලට නොවෙයි නේ. (නදී)
හිටපු ඇමැති හිරේ ගියෙත් සමාන මූල්‍ය චෝදනාවකට නේද (බ)
සජිත්ට තියෙන්නේ බැසිල්ගේම චෝදනාව (නදී)
යහපාලනය කියන්නේ තවත් කඩතුරාවක් නොවන බව ඔප්පු කරන්න ජනාධිපති තුමා නීතිය හරියට ක්‍රියාත්මක කරන්න. අදාළ අංශ වලට උපදෙස් දීමට අමතරව ඒ නිලධාරීන්ද ආරක්ෂා කර ගැනීමට පියවර ගත යුතුයි. (නදී)