(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් මෙන්ම ඊට සම්බන්ධ සියලූ පිරිස තම රජයක් යටතේ විනිවිදභාවයකින් යුතු ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් හරහා නීතිය හමුවට ගෙන එන බවට කාදිනල්තුමා ට ලිඛිත පොරොන්දුවක් අද ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය.

සමගි ජන බලවේගය ලෙස එම පොරොන්දුව ලබා දෙන බව කී විපක්ෂ නායකයා එම පොරොන්දු පත්‍රය  සභාගත කරන බවද සඳහන් කළේය.

"පාස්කු කොමිසමේ සියලුම වෙළුම් ටික පාර්ලිමේන්තු වෙබ් අඩවියට ඇතුළු කරන්න.ආණ්ඩුව ජනතාවට එය පදිංචි ඉල්ලන කරන්න අවස්ථාව ලබා දෙන්න.තොරතුරු සඟවන්නේ නැතිව සියලු දේ එළියට දාන්න රජයෙන් ඉල්ලා සිටිනවා.සියලු දේ එළිපිට විභාග කරන්න."යනුවෙන්ද සජිත් පේමදාස මහතා කීය.