
(ෂේන් සෙනෙවිරත්න)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර මධ්‍යම වෙළඳපොළ ඉදිරිපිටදී පැවති සමගි ජන බලවේගය ප්‍රචාරක රැළිය අවස්ථාවේදී රතිඤ්ඤා තොගයක් පුපුරා පුද්ගලයන් හත් දෙනකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි .
එම අනතුරින් පොලිස් නිලධාරීන් පස්දෙනකු ඇතුළු හත් දෙනකු තුවාල ලැබූ අතර ඉන් පොලිස් නිලධාරියකු බරපතල ලෙස පිළිස්සුම් තුවාල ලබා ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .
මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් එම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැට්ටෙ ඉඳන් ගොම නේද
මාලිමාවෙ වැඩක් කිව්වොත් පුදුම වෙන්න එපා
මේකෙන් පෙන්වා නේද සජිත්ගේ රැස්වීම් බලන්න එන අයගේ බුද්ධි මට්ටම