කුඩු හා මැර දේශපාලනය ද සුදු වෑන් සංස්කෘතියද විදේශ ප්‍රතිපත්තිය ද ආවාට ගියාට ක්‍රියාත්මක කිරීමේ පලවිපාක විඳීමට ජනතාවට සිදුවී ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පොල්පිතිගමදී පැවසීය. අපේ රට ගැන විදේශිකයන්ට තීන්දු ගත නොහැකි වූයේ රජයේ බොරු බේගල් විදේශ පිලිවෙත නිසා යැයිද ඔහු කීවේය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රේමදාස මහත්තයත් ඉන්දියාවට බැන්නේ ඔය විදියට නේද ? අන්තිමේදි ඉල්ලලා පරිප්පු හලා ගත්තා මතක නැද්ද ?
අපේ අනාගත නායකයා
තාත්තට පරිප්පු ලැබුනට පුතාට මොනව ලැබෙයිද ? කැමතිනම් කියමු බලන්න.
අපේ විදෙස් පිළිවෙත කීවේ. විමල් වීරවංශයි, මර්වින් සිල්වයි කියන දෙන්නා.
අපේ අනාගතේ එකම බලාපොරොත්තුව ඔබයි. නමුත් ඔබ නැතිනම් අපෙන්ද සහයෝගයක් බලාපොරොත්තු වෙන්න එපා.
ගරු සජිත් මැතිතුමණි, කොහොම හරි මේ පිරිස යවන්න බලන්න.
ජය වේවා..
ඔබ වැනි නායකයෙක් අපිට ඕන ඇයි එක්සත් ජාතික පක්ෂයේ අනික් අයට ඕක තේරෙන්නේ නැත්තේ. සජිත්, රුවන්, බුද්ධික, දයාසිරි, රෝසි, හරින්, තලතා සහ තවත් අය එකතු වී රට ගොඩගන්න.
මොකෝ මාස්ටර් දවල් හීන තවමත් පේනවද ?
සජිත් කොහොමද බොලල්ලා ‘‘මේ පිරිස“ යවන්නේ ??? රනිල් කවදාවත් යවාගන්න බැරිව =.
සුදු වෑන් වලින් නෙමෙයි කලු වෑන් වලින් හරි කමක් නැහැ රටේ අපරාධ කාරයෝ ටික නැති වෙනවනම්. රෝසි අක්ක ටොප්.............
තාත්තගේ ආණ්ඩුව කාලේ 6000 ක් කොල්ලො කෙල්ලෝ මැරුම් කන කොට පුතණ්ඩියා කොහේද දන්නේ නෑ හිටියේ. සුදු වෑන් වලින් යන්නේ අපරාධකාරයෝ. පාතාලයෝ, කුඩුකාරයෝ විතරයි. අහිංසක තරුණයෝ තරුණියෝ නොමෙයි.
ඔබතුමාට අමතක නැතුව ඇති 1987-1989 කාලේ ඔබ ආවත් කරන්නේ තාත්තා කරපු දේම බව අපි දන්නවා.
මොන එකෙන් hari කමක් නැහැ අපරාද කරන උන් ටික ඉවර කරනවානම් ,,,
සුදු වෑන් සංස්කෘතිය ලංකාවට හදුන්වල දුන්නෙ එක්සත් ජාතික පක්ෂය.ඒකාලෙ ඒවායෙ ගියේ අහිංසක කොල්ලො කෙල්ලො.වැඩිම අපරාධයක් සිදුවුනේ ප්‍රේමදාස ජනාධිපතිගෙ කාලෙ.මං හිතන්නෙ නැහැ එතකොට සජිත් කිරි බොනව කියල.ඒ නිසා ඔහුට ඒව අමතකයි කියල අපට හිතාගන්න බැහැ.අනිත් එක අපට අමතක කරන්න හදන්නත් එපා.හොයාගෙන ගියාම දැන් සුදු වෑන් වලින් ගිහින් තියෙන්නෙ දේශද්‍රොහියො,රටට වින කරනවුන්,කුඩු කාරයො,පාතාල ගෙම් කාරයො, වැනි රටට වාතයක් වුන උන්. මුන් මෙහෙම හරි නැතිකරල දාන එක හොදයි.නැතිනම් මෙතුම කියන්නෙ එයාගෙ ගෙදරට ගිහින් බස්සන්න කියල ද.අවුරුදු තිහක් තිබුන යුධය නැති කරපුවම මෙතුමන්ලගෙ නායකය යාපනයට ගිහින් කියනව එහෙ නිදහස නැහැ කියල.මේ අය රටේ නායකයො ද ඒ නිසා සජිත්ගෙ බයිල වලට නටන්න ජනතාව ලෑස්ති නැති බව එතුම දැනගත්තොත් හොදයි.