පක්ෂ නායකත්වයට පැමිණිම සදහා තමාට ඇති එකම සුදුසුකම ජනාධිපතිවරයෙකුගේ පුතෙක් වීම පමණක් බව රවි කරුණානායක මන්ත්‍රිවරයා එසැණට කළ ප්‍රකාශය තමාට දැකගන්නට ලැබුණු බව සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ සිට එසැණට පැවසීය. එක එක්කෙනාගේ මති මතාන්තර මට වැඩක් නැහැ.
රටේ ජනතාවගේ තිරණය මොකක්ද එකට මම හිස නමනවා. ඔවුන් දන්නවා මට ඈති එකම සුදුසුකම ප්‍රේමදාසගේ පුතෙක් වීම පමණක්ද කියලා. දුප්පතුන්ගේ හද ගැස්ම තේරුම් ගන්න ඔවුන්ගේ දාඩිය සුවද හදුනගන්න මගේ පියාට වගේම මටත් පුළුවන්.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රවී සතොස ගිල්ලේ මොන සුදුසුකම ඇතිවද? අහන්න,(නදී)
ඔබ කවුද කියල රටම දන්නවා. රවී කවුද කියලත් රටම දන්නවා. ඔබ මේවයින් නොසැලී ඉන්න. පුලුවනිනම් මිලඟ සැරේ කොළඹට සහ හම්බන්තොට දෙකටම තරඟ කොට ආර් ජි ගේ වාර්තාව සම කරන්න. (ස)
අපි ඉන්නේ ඔබ තුමා එනකන්. රවී කියන්නේ ජනතාවගේ හිත ගන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ඔබ එනකම් මඟ බලන් ඉන්නේ. ඉවසන්න මැති තුමනි. (ස)
ඔව් තත්වය ඇත්ත තමයි.(නදී)
සජිත් පොදු ජන දුක හඳුනන ජන හද හඳුනන ඔවුන් අතර ඉන්න අංක එකේ දේශපාලකයා බව රටම දන්නවා . ජනතාව එක්ක නැති කොළඹට විතරක් දේශපාලනේ කරන අය පුලුවනිනම් ගමකට ඉල්ලලා දිනලා පෙන්නන්න. නිකම් පුර සාරම් නොදොඩා. (ස)
සජිත් මහත්තයට තවත් සුදුසුකම් තිබෙන බව නම් අපිත් දන්නවා. ඒවා ගැන ජනතාව කොහොම හිතයිද කියන කාරණේ උඩ තමයි එතුමා ජන නායකයෙක්ද නැද්ද යන්න තීරණය වෙන්නේ. (නදී)
මේ කතා දුරකතනයෙන් දෙන්නා විසඳ ගත්තා නම් නේද හොඳ. (ස)
"දුප්පතුන්ගේ හද ගැස්ම තෙරුම් ගන්න ඔවුන්ගේ දාඩිය සුවද හදුනගන්න මගේ පියාට වගේම මටත් පුළුවන්." ලස්සන පැහැදිලි උත්තරය. - මට මතක් උනා මීට ගොඩ කාලෙකට ඉස්සර අපේ තාත්ත ඡන්දෙකට ඉදිරිපත් උන කාලය. අපේ අම්ම ලියල දීපු අපේ තාත්තගේ සටන පාඨය උනේ "දුප්පතාගේ දුක දන්නා (තාත්තගේ නම)ගේ අලියට ඔබේ වටිනා ඡන්දය දෙන්න කියන එකයි."(නදී)
ඔබ හරි මැති තුමනි. අපිත් ඔබ එනතුරු බලා හිදිමි.(නදී)
මොනවා උනත් අවංකවම සජිත් හොඳයි. බලන්නකෝ මෙතනම ඡන්ද කීයක් තියෙනවද කියලා. (ස)
එහෙමනම් පෙට් සහෝදරයා, වැරදි ඡන්දදායකයෝ නොව ඔබේ දෙමාපියන් නොවේද? (නි)
නිදන් වස්තු,නිදන් වස්තු (නදී)
චමි, අපි නම් 'මු' වලින් ඉවර වෙන්න ඕනේ...(නදී)
තමන් හට නොසමයන් වන කලට සම, මුවින් නොබැන ඉවසනු සුදන යුතුකම . සජිත් මහතාණනි ඕවට වචන නාස්ති කරන්න එපා. ඔය යන ගමන් හිමින් හිමින් ඔහොම යමු. (ස)
එයාගේ දුක හැඳිනීම කෙසේ වෙතත් එයා නිසා දුක් උණු අය ගැන නම් 89-89 කාලේ දැක්කා ...... (ස)
උපාලි කියන්නේ සර්ව අසුබ වාදියෙක්ද? (ස)
සජිත්ට එහෙම හරි තියනවා රවිට මොනවද තියෙන්න අපේ පැතුම ඔබයි සජිත් ....ජය !!!(නදී)
ඔබට ජය සජිත් මැතිතුමනි. අප සැමදා ඔබ සමඟයි.ජනතාව බලා සිටිනවා ඔබ එනකන්. (ස)
හැමතැනම රවී වැරදි උනත් මෙතැනදී හරි. (ස)
සජිත් , ඔබගේ පියාටද මෙවන් කෙනහිලිකම් කොතකුත් සිදු උනා. හැබැයි ඔබේ තාත්තා ඉන්ද්‍ර කීලයක් වගේ නොසැලි හිටියා. ඔබටත් ඒ ඉවසීම ශක්තිය නොපසු බස්නා උත්සාහය තියෙනවා. ඒ නිසා කලබල නොවන්න කවුරු මොනවා කීවත් සුදුසු දේ වෙලාවට ඔබ ළඟටම එනවා සත්තයි. (ස)
මේ අය කව්ද කියලා මුළු රටම දන්නවා.(නදී)
ඔබ තුමා කියන දේ සම්පුර්ණයෙන් ඇත්ත , ඔබතුමා ඉක්මනින් එජාපයේ නායකයා වෙනකන් අපි හැමෝම බලාගෙන ඉන්නේ. ජය වේවා !!! (ස)
සජිත් ඒ.ජා.පක්ෂයට නිකම්ම අලියෙකු නොව දල ඇතෙක් දැන්ම නොව ඉදිරියට ඔබගේ හැකියාවන් ජනතාව තේරුම් ගනීවි ඔබට ජයෙන් ජය (නදී)
සජිත් ඔබ නායකත්වයට පත් උන දවසට එජාප ආණ්ඩුවක් සහතිකයි.... (ස)
මෙන්න නියම නායකයෙක්. (නදී)
මට නම් පේන තෙක් මානයක හරි හමන් නායකයෙක් නෑ. (ස)
සජ්ත් ඉක්මන් ගමනක් යන්නෙපා ඉවසීමෙන් වැඩ කරන්න හරියට හිටපු ජනාදිපති ජයවර්දන මැති තුමා වගේ ඔබට ජය (නදී)
ඔබ එනතුරු අපි බලාගන්න ඉන්නවා.අපි කොළඹ. ඔබට ජය !! (ස)
පිටබැද්දර ජයාගේත් මොලේ සමහර වෙලාවට කොලොප්පන් වෙලා යනවා වගේ. මේ මනුස්සයා ගිය සතියෙත් හොදට හිටිය කියල මට මතකයි.(නදී)
ප්‍රේමදාසගේ නමට සලකන මෝඩයෝ දැන් ලංකාවේ නැහැ.(නදී)
ඔබ පක්ෂයේ නායකයා වෙලා රටේ නායකයා වෙනතුරු අපි බල සිටිනවා ඔබට ජය. කකුලෙන් අදින මහදැනමුත්තලගේ කතා වලට කාලය නාස්ති කර ගන්න එපා ජයවේවා ජයවේවා! (නදී)
ස්තුතියි ඔබ එසැන බලන සියලුම පාඨකයන්ගේ අදහස් නිවැරදිව තේරුම් ගන්න නිසා (නදී)
ඔබ යන පාර හරි, අපි ඔබ සමඟයි... (ස)
රවී හරි. පක්ෂයේ තව ජේෂ්ඨයෝ ඉන්නවා. ඉවසන්න වාරය එනකන්. (ස)
ඔන්න අද නියම කතාවක් කියල තියෙනවා. (ස)
අපි ඉන්නෙත් සජිත් නායකයා වන තුරු ,එතැන් සිට ජවයෙන් වැඩ කරමු. මම ඉන්නේ පාමංකඩ, අපේ ලොක්කෝ ගිහිල්ල තියෙන්නේ අලිමංකඩ කියල පාමංකඩ ,අනේ මෙහෙමත් විහිලු කාරයෝ.(නදී)
රනිල්ට ලංකා විශ්ව විද්‍යාල උපාධියක් තිබෙනවා. අනිත් අයගේ පිටරට උපාධි ගැන දැනගන්න ආසයි. (නි)
අනේ ඔව් රවී ට හොදටම සුදුසුකම් තියනවා ජනාධිපතිකම දෙන්න සතොස ටකරන් රස හොදට දන්නවා . ගණන් ගන්න එපා සජිත් මහතයෝ බල්ලෝ බිරුවට කඳු කඩා වැටෙනවද? (නදී)
පරිස්සමින් ඔන්න පිටිපස්සේ ඉඳන් පිහියෙන් අනින්න බලාගෙන ඉන්න කට්ටිය. (ස)
තිලක් ඔබ හරි (නදී)
හොද වෙලාවට ජෙනරල් සරත් ෆොන්සේකා ඉදිරිපත් වෙලා ලක්ෂ 42ක්ක ඡන්ද ප්‍රමාණයක් අරගත්තේ (නි)
ප්‍රේමදාස මහත්තයා මියගිය වෙලාවේ මුළු රටේම පත්තු වුණ රතිඤ්ඤා වලින්ම තේරුණා එතුමා රටේ මිනිසුන්ගේ හද ගැස්ම හොදින් දැන හිටිය නායකයෙක් කියලා (නි)
සජිත් ප්‍රේමදාස මැති තුමා ගේ ජය රටේ ජනතාවගේත් ජයම තමයි (දිල්)
සජිත් ප්‍රේමදාසට රට හදන්න වැඩපිළිවෙලක් තිබෙනවද? (නි)
අපිට නම් රනිල් වික්‍රමසිංහ මහතා හොඳයි අපේ රටේ නායකකමට (නි)
ඔබ හරි මැතිතුමනි. දුප්පතාගේ හිතවතා ඔබයි (නි)
තිලක් ඇත්ත කතා කරනවා. (නි)
සජිත් මහත්යෝ, අලුත්කඩේ අපි සැමදා ප්‍රේමදාස මහතා සමගයි.අපි කළගුණ දන්නෙමු. ඔබට සුපිරි ජයක් නුදුරු අනාගතයේදී ලැබේවා! ජයවේවා !! (නි)
අපිට නැවතත් අතීතයට යන්න ආසයි (නි)
දැන් කිවුවා නේද අර්බුදය අවසන් කියලා? (නි)
ඔබ යන ගමන හරි. සජිත්, ඔය පක්ෂය ආගාධයට තල්ලු කරන කට්ටිය තමයි ඔබ වැනි අයෙකුට අවමන් කරන්නේ. අපි හදවතින්ම ඔබ ගැන පැහැදී සිටින මහජනතාවයි. ඔබ විරුද්ධ පක්ෂයේ හිඳගෙන දුප්පත් ජනතාව වෙනුවෙන් කරන මෙහෙය අනර්ඝයි (නි)
පුලුවන් නම් කොච්චර හොදද? (නි)
තිලක් හරියට හරි. තව කීදෙනාද අතීතය මතක? අනික අර නිදන් වස්තු වලට ජීවිතය බිලිදීපු අහිංසක කෙලිපැංචියන් ගැන කාටවත් මතක නැද්ද? (දිල්)
දකුණු කොළඹට තරංග කරලා උඩින් දිනන්න පුළුවන්කම තිබියදීත්, ඔබ හම්බන්තොට වෙනි දූෂ්කර පලාතක ඡන්දය ඉල්ලල්ල දිනපු එකම ඔබ මහජනයාට බොහොම සමීප බවට හොදම උදාහරණයි.(දිල්)
සජිත් මහත්මයාට අමතකද දන්නෙ නැහැ 88 සහ 89 කාලය? (නි)
රටට ආදරයක් ඇත්නම් හැමදාම ඔය නායකවරු බේද බින්නවෙලා ඉන්න එකම හොදා නැතිනම් කෙනෙකු මේ තත්වයෙන් රජ වුවොත් ඒ .ජ. පයේ එක් එක්කෙනාගේ ආධාර කරුවන්ට දෙවියන්ගේම පිහිටයි (දිල්)
"දුප්පතාගේ දුක දන්නා (තාත්තගේ නම)ගේ අලියට ඔබේ වටිනා ඡන්දය දෙන්න කියන එකයි." කියල පත්‍රිකාවක් දැකල අනික් අපේක්ෂකයා "දුකත් - පවත් හඳුනන ( අපේක්ෂකයාගේ නම) අතට ඔබේ වටිනා ඡන්දය දෙන්න." කියල පත්‍රිකාවක් බෙදුවා...අන්තිමට අලියා පරාදයි..අත දිනුම්..අපේ තාත්ත පැරදුනා...(නදි)
මමනම් තවම දකින්නේ නැහැ හොද නායකයෙක් ඒ.ජ.ප සජිත් හොදට වැඩ කරනවා ඇති නමුත් නායකකම නම් ප්‍රශ්නයක් (දිල්)
එදිරිසිංහ, ඔය සියල්ල කරන්න,පළමුව ජන්දෙන් බලය ලබාගන්න ඕනෑනේ.පක්ෂයේ මුලික ප්‍රශ්නය එයයි. (නි)
"ඉගිල්ලෙන්න ඇයි දගලන්නේ" (නි)
රවීට ජනාධිපතිකම දීලා, සජිත්ව අගමැති කරලා, කරු මහතාව කතානායක කොට, රනිල්ව බස්නාහිර මහා ඇමති කරමු (නි)