(බදුල්ලේ පාලිත ආරියවංශ)
සජිත් ප්‍රේමදාස මහතා නොමැතිව දේශපාලනය කිරීමේ තේරුමක් නැති බවත්, අවුරුදු 52ක තරුණයෙක් වන ඔහු රටට තියෙන එකම විකල්පය විය හැකි බව තමා විශ්වාස කරන බවත් විදේශ රැකියා, විදුලි සංදේශ හා ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතා බදුල්ලේද අද (27) පැවැති මාධ්‍යහමුවකදී පැවසීය.
‘‘එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම්කළ යුතු බව මම අගමැති තුමාටත් පැහැදිළි කළා. අපි ජනතාව ඉදිරියේ යම්කිසි ප්‍රමාණයට හෝ පරිහානියට ලක්ව තිබෙන්නේ සමහර තීන්දු තීරණ නොගත් නිසාත් සමහර නායකයන්ගේ ක්‍රියා කළාපය නිසාත් කියා මා හිතනවා.
ඒ වගේම අපි කරපු හොඳ දේවල් මාකට් කරන්න අපිට බැරිවුණා. මේක ඒ යාන්ත්‍රණය තුළ වූ පසු බැසීමක්. අපි සෑම පාසැල් දරුවෙකුටම කිරි වීදුරුවක් දෙනවා. අධ්‍යපන සංවර්ධනයට, සෞඛ්‍ය සංවර්ධනයට අති විශාල මුදලක් වැය කර තිබෙනවා. මේවා හරියට ප්‍රකාශ නොවුනේ නායකත්වයේ යම් යම් අඩුපාඩු නිසයි.
අද පක්ෂයට වැඩකරපු සමහර පාක්ෂිකයන් සමහර තැන්වල කඩාවැටිල තියෙනවා. ඒ නිසා මා විශ්වාස කරනවා අයියා අගමැති මල්ලී ජනාධිපති, එහෙම නැතිනම් මල්ලී අගමැති අයියා ජනාධිපති වෙන්න ඕනෑ රටක් නොවෙයි මේක...
අලුතින් දකින්න පුළුවන්, අලුතින් හිතන්න පුළුවන් කිසිතැන වැරැද්දක් නැති නායකයෙක් ඉදිරියට ගේන්න පුළුවන් නම් පක්ෂය හා රට යම් තැනකට ගේන්න පුළුවන් යැයි තමා විශ්වාස කරනවා‘‘ යැයි ඇමතිවරයා පැවසීය.
සජිත් ප්‍රේමදාස මහතාට විරුද්ධව පක්ෂය තුළම සටනක් දියත් වෙනවා නේදැයි විමසූවිට හරින් ප්‍රනාන්දු මහතා පැවසුවේ එය හුදකලා සටනක් බවයි.
ඒ පිළිබදව ඇමැතිවරයා මෙසේද කීවේය.
‘‘පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී කාගේත් ඉල්ලීම වූයේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා විය යුතු බවයි. වෙනත් නමක්, කිසිම නමක් එහිදී යෝජනා වූයේද නැත. එසේ ඉදිරිපත් වූයෙන් නම් සලකා බැලීමට ඉඩ තිබූණා.. ඒකමතිකව සියළු දෙනා කතාකලේ සජිත් ප්‍රේමදාස මහතා ගැන පමණයි. මේ අවස්ථාවේ ජයග්‍රහණය උදෙසා සියළු දෙනා ඕනවට වඩා කලබල නොවී ඒකරාශිව කටයුතු කරන්න ඕනෑ...‘‘ යැයි අවධාරණය කළේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට විනාශ කරන්න එපා...
තාත්තද කිව්වේ?
අනේ ඔය 226ම එපා. උඹලාගේ අවුරුදු 52 සහනාධාර නායකයත් අරන් තොලොන්ජි වෙලා පලයල්ලා.. අපි ඔය හිටපු එකෙකුටවත් ඡන්දෙ දෙන්නේ නැහැ.
ඔබතුමාලා දැන් අවුරුදු 5ක් රට කළානේ.. තව 5ක් මොකටද..? සජිත් ඇතුලු පිරිවර ඔය ආණ්ඩුවේ හිටියනේ.. මොකක්ද රටට කළ සෙතේ...? දැන් අලුත් පිරිසකට රට දෙන්න ඕනෑ. අපිට වෙනසක් අවශ්‍යයි.
සජිත් එකම විකල්පය ඔබට විය හැකියි.. එය රටට නොවෙයි. කතා කරොත් කියන්නේ පිස්සු කතා..
අවුරුදු 52ක තරුණයෙක්. අහෝ ඛේදයකි. අවුරුදු 28- 30 අයට මොකෝ කියන්නේ මන්ත්‍රීතුමා එතකොට...
හරින් ගොයියෝ සජිත් උන්නැහේගෙන් ඇහැව්වොත් හොඳ නැද්ද කව්ද මැද කොළඹ ඡන්ද ටික ගැන හිතලා ප්‍රසාද ආසනවල ප්‍රතිශතය අඩුවැඩි කලේ කියලා? එහි ප්‍රතිඵල දැන් ඇස් පනාපිට අපි ඔක්කොම භුක්ති විඳිනවා නොවේද? ඔහේගේ තාත්ත තමුසෙට පල්ලි යන්න එපා කිව්වෙත් සජිත්ගේ තාත්තා ඒ කරපු වැඩේ හොඳනරක ගැන හිතලද කොහෙද?
තාත්තා ජනාධිපති වෙලා සිටි පලියට පුතාත් ජනාධිපති වෙන්න ඕනෑ රටක් නොවෙයි මේක... පියාගෙන් පුතාට රජකම මාරු කළ යුගය ඉවර වෙලා බොහොම කල්. එංගලන්තයේවත් මේ ක්‍රමය තියේද මම දන්නේ නැති නිසා ලිව්වේ...
මීට වඩා නරකද පක්ෂය තීරණයක් අරගෙන නමක් යෝජනා කරන එක. එක එක්කෙනා අරය මෙයා යෝජනා කරන එකේ තේරුම මොකද්ද?
ප්‍රේමදාස පිය, පුතු දෙදෙනාම ලංකාවේ සියලුම මාධ්‍ය මඟින් තමන්ගේ ගුණ වර්ණනාව දිනපතා ප්‍රචාරය කරවා ගැනීම කෙරෙහි අසීමිත කුසලතාවක් දැක්වූ දෙදෙනෙක් බවයි අප අසා ඇත්තේ... ඒ අතරතුර සජිත් ප්‍රේමදාස මහතාව උලුප්පා තැබීම සඳහා එක්තරා මාධ්‍ය ආයතනයක් දිනපතා පුදුමාකාර උත්සාහයක යෙදෙන බවත් අප නොදන්නවා නෙවේ. එතුමා වඩාත් සුප්‍රකට උදාගම් වැඩපිළිවෙල යටතේ බෙදා දෙන නිවාස දිගුකාලින ණය ක්‍රමයක් යටතේ සපයන බවටත්, මේ හේතුවෙන් සමහර නිවාස ලාභීන් හට එම ණයමුදල් ගෙවීමේ අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවී ඇති බවටත් සමහර නිවාස ව්‍යාපෘති සඳහා නිසි අයුරින් ජල විදුලි පහසුකම් පවා නොමැති බවටත් සමහරු චෝදනා කරනවා අප දැක තියෙනවා. කාලයක් මෙතුමා කිසියම් මූලධර්මවාදී සංකල්පයකට සම්බන්ධව සිටි බවටත් කතා බහක් ඇතිවී තිබුණා. එක්සත් ජාතික පක්ෂය මෙවර මැතිවරණය සඳහා අපේක්ෂකයෙකු තෝරා ගැනීමේදී පාක්ෂිකයින්ගේ බහුතරය විමසා බලන්නේ නැතුව "කියන්නන් වාලේ" කටයුතු කළහොත් එය ඒ පක්ෂයේ විනාශයට හේතුවනු නොඅනුමානයි. මොකද අනිත් කට්ටිය ප්‍රචාරය සඳහා කිසිවෙකුටත් සමකල නොහැකි කණ්ඩායමක් බව " මාලිංගගේ සමුගැනීමේ නාටකය" නිර්මාණය කරගත් අකාරයෙන්ම පෙන්නුම් කර ඇති නිසාය.
අපිට නම් ඔය කව්රුත් වැඩක් නැහැ. තාත්තා කරපු දේවල් අපි හොඳට දන්නවා.
කිලිමහරාජ සහ ටිරාන් තමයි සජිත් අවොත් මේ රට මෙහෙය වන්නේ.
අවු 52ක කෙනෙක් කොහොමද තරුණයෙක් වෙන්නේ? මෙයාගේ මොලේ නරක්වෙලාද?
අවුරුදු 52 තරුණයෝත් ඉන්නවද ඇමැතිතුමා..? ඒක තමයි අනිත් දේශපාලුවන් ටිකත් තරුණයෝ කියලා හිතන් බලයේ එල්ලිලා ඉන්නේ නේද?
රටේ මිනිස්සු මැරිලා ඉපදිලා නැහැ මහත්තයෝ...
මෙතුමාට මොකක් හරි වාසියක්වත් තියෙනවද? සජිත් ඇමතිතුමාව ඉස්සරහට දාලා ඊළඟට මම හොඳයි කියලා කියයි වගේ... අපි දන්නවා හැරෙනකොට පොල්පැලේ කන්නයි හදන්නේ කියලා. ලංකාවේ ක්රමයේ හැටියට වයසක අයව අමතක කර කටයුතු කරන්න අමාරුයි. සජිත් ඇමතිතුමාට තව කල් තියෙනවා මට හිතෙන විදියට... සජිත් ඇමැතිතුමාත් ඉපදෙච්ච දවසේ ඉඳන් රට භාරගන්නවා හැර වෙනදෙයක් ගැන හිතුවේම නැද්ද දන්නේ නැහැ...
ඕ ලෙවල් වත් නැහැ... රටේ ජනාධිපති කර ගන්න ඕනේ කාටද?
අපි සෑම පාසැල් දරුවෙකුටම කිරි වීදුරුවක් දෙනවා" දරුවන්ට කන්න බොන්න දීලා ඒක දේශපාලනයට මාකට් කිරීම ගැන කතා කරන දේශපාලකයින්ගේ මානසික තත්වය පිළිබඳව විමසිලිමත් වීම කාහටත් හොඳයි. ලෝකයට නැවුම් අත්දැකීමක්... දෙමාපියන් දරුවන්ට කෑමබීම දී පත්තරේට දැන්වීමක්වත් දාන්න! මෙන්න දෙමාපියන්ගේ වැඩ..! යනුවෙන්.
ඊට වඩා හොඳයි.., ඔබේ අප්පොච්චි... මොකද අනාවැකියක් හරි කියන්න පුළුවන්...
සජිත් හරින්ට හොඳ ඇති... ඔහුගේ හෙන්චයියන් සමග එජාපයට විරුද්ධව මුමුණන රහස් නියමෙට වීඩියෝ කර තිබුණා. මේ අයට අහුවෙන්න එපා.
රටට කෙසේවෙතත් ඌවට මොනවද කරලා තියෙන්නේ? බණ්ඩාරවෙල එළවළු තොග වෙළඳපළ දහනඑකේ මුල්ගල් පැළවෙනවා.
සජිත් මේ වෙලාවේ විකල්පයක් වියහැක නමුත් නියම සුදුස්සාවන්නේ සියල්ලන් ගේම කැමැත්ත ආශිර්වාදය ඇතිව පත්කර ගන්නා අපේක්ෂකයා වීමයි . නමුත් සජිත්ට මිනිස්සු මතක නැ, ඇහුම්කන් දීමේ ප්රවනතාවය අල්පයි , සමගිව වැඩකිරීමේ තීක්ෂණ බුද්ධිය බින්දුවයි , සමස්ත සංවිධාන ශක්තිය දුරුවලයි , වැඩිහිටියන්ට හා නායකත්වයට ගරුකිරීම එතරම් සතුටුදායක නැත , රණසිංහ ප්‍රේමදාස මැතිදුන්ගේ හැකියාවන් හා සුදුසුකම් අතින් සසදන විට කනගාටු ගායකයි .මේ ඔවද හා දුවලකම් නිවැරදි කරගත්තොත් කලක් රටට වැඩදායි නායකයෙක් වියහැක .රොහාන් දයාදර පැරිස්
නැති කමට හොදයි .
මම ඒහැටි මනාපයක් නෑ
අධ්‍යාපන සුදුසුකම් නොව උස අය සිකියුරිටි කොට අය කම්කරු මෙහෙම හිතන කෙනෙක් ජනාධිපති කමට ...?
හරින නෑ කමට , සහෝදර කමට, හිතවත් කමට, වෙනත් කමකට, රටක නායකයෙක් තෝරන්න එපා
හරීන් පුතේ අද පල්ලි යන්න එපා
තෙරුවන් සරණයි ...!!!
සමන්ත රටේ දේශපාලන බලය නිර්මාණය කරන්නේ ජනතාව සහ සිවිල් සමාජ බලවේග විසින්. එක එක අයගේ සට්ටබියන්ට ඒක තීන්දු කරන්න බැහැ. කොහොමටත් සජිත් ප්‍රේමදාස වගේ නූගත්, කිසිම වැඩ පිළිවෙලක් නැති , තාත්තගේ කරේ එල්ලිලා ගොඩ යන්න බලන හාල්පාරුවන්ට එන්ට අපි ඉඩදෙන්නේ නැහැ. ආවත් දිනන්න දෙන්නෙත් නැහැ. හොඳයි එහෙම නම් කරලා බලමු...
තනි තීරණයක් ගන්න බැරි අධම දේශපාලකයෝ ඉන්නකම් මේ රට ගොඩ ඒමක් නැහැ.එකාට එකා කකුලෙන් අදින කුහකයන් ඉන්න දේශපාලනයකින් කොහෙන්ද රටට සෙතක්.
ප්‍රේමදාස යුගයක් යලි ඇති කරමු කියන්නේ කවුද .. පුලුවන්නම් සජිත්ගේ මස්සිනාට ප්‍රේමදාසගේ පාලනයේදී මල් වවන්න අනවසරයෙන් දීලා තිබෙන රජයේ වටිනා ඉඩම් පරීක්ෂා කර නැවත රජයට පවරා ගන්න කටයුතු කරන්න . නංගී හොර නෝට්ටු බැංකු ගිණුමට දමන්න ගිහින් මාට්ටු වුන සිද්ධිය විභාග කරන්න .. ඒ වගේම වෛරී සහගතව අම්ම නංගි මස්සිනා බුදුදහමට පිටුපා අන්‍ය ආගමකට සම්බන්ධ වුනා. මේ වගේ පවුලකට රටේ බලය අරන්දෙන්න කටයුතු කරනවා කියන්නේ තමන්ගේ ගෙල තමා විසින්ම සිඳ ගැනීමක් .
අනේ කාටත් අමතක වෙච්චි කාටත් වරදක් නොකළ ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ අහිංසක කොල්ලෝ ටික මට මතක් වුණා...
මේවා තවම මදි ජනාධිපති කමකට...
නැතිකමට ඉතින් කමක් නෑ...සජියා. අපි බලමු අවුරුදු 5ක් නෑවොත් නාමල්ටත් දීලා බලමු... 48 ඉඳන් අපි දිදී බැලුවා විතරයි.