‘රට පාලනය කර ගැනීමට නොහැකිව අවුරුදු දෙකකට කලින් ඡන්දයට ගොස් මහජනතාව විසින් එළවා දැමුණු මහින්ද රාජපක්ෂ කොළඹ හයිඩ් පිටියට පැමිණ යළිත් රට පාලනයට ඉල්ලා සිටිනවා. ඔහුට ඒ සඳහා ඇති සුදුසුකම් මොනවාද? ‘යැයි නිවාස ඇමැති සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොට පැවැති රැස්වීමකදී පැවසීය.
‘නොරොච්චෝලේ නොතිබුණානම් විදුලි අර්බුදය තවත් දරුණු බව ඔහු කිව්වා. නොරොච්චෝලේ බලාගාරය ඉදිකළේ ඔහුගේ ආණ්ඩුව කාලේ. එය පනස් වතාවකට වඩා කැඩී ගියා. අධික පොලියට ණය ගෙන බර කොමිස් ගසා ඉදිකළ නොරොච්චෝලේ බාලම බලාගාරයයි. එවැනි ඉතිහාසයක් ඇති මහින්දයි රටේ පාලනය ඉල්ලන්නේ. එයාට දුන්නොත් හොඳට හිටීවි. නොරොච්චෝලේ අද අඳුරේ බලාගාරයයි. ඊට වියදම් කළ මුදල් කන්දරාව කොපමණද ? කොමිස් ගැහුවේ කවුද ? ඒ බලාගාරය ඉදිකිරීමට කලින් ඒ වෙනුවෙන් රට සවාරි ගැසූ එදා සිටි මැති ඇමැතිවරුන් කවුද ? මේ සියල්ලම ගැන පරීක්ෂා කිරීමට නොරොච්චෝලේට පමණක් ජනාධිපති කොමිසමක් පත් කරන්න ඕනෑ බව මේ රජයට යෝජනා කරනවා.‘ යැයිද නිවාස ඇමැතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රොහාන් ඔය තරමට කුහක වෙන්න එපා. (ර)
ඔය කවුරු කයිවාරු ගැහුව්වත් එතුමා හදපු නොරච්චෝලේ හින්දා නේද මේගොල්ලන් අද බේරුනේ? (නි)
රොහාන් හරි. හමුදාව මෙහෙයවන්නේ හමුදාපති මිස රටේ නායකයා නෙමෙයි. (නි)
මෙහෙම මිනිස්සු ඉන්න කල් කොහොමද රටක් විදිහට හැදෙන්නෙ? කුහක කුම්මැහියො. තමන්ගෙ හිතේ තියෙන මතේ අනිත් අයත් පිළිගත යුතුයි කියල හිතන් ඉන්නෙ. තමුන් කැමති දේශපාලකයො මොනව කළත් සාධාරණීකරණය කරනව. රටකට ඕනි ස්වාධීන මිනිස්සු. (බ)
කොන්ද කෙලින් තිබ්බ එකම නායකයා මහින්ද මහත්තය.කුහක කම් අතහැර රට පාලනය පෙන්වන්න (බ)
බන්දුල පෙරේරා මහත්තයෝ, මේ යුද්ධය අවසන්කර දුන් ඒ මහා රණවිරුවාට සරත් මහත්තයාට අපහාස කරන්න එපා. කොහෙවත් හිටපු අය යුද්ධය ඉවර කළා කියලා කියන්න ලැජ්ජා නැද්ද? (නි)
මහින්ද නෙමෙයි යුද්ධය කළේ. අපේ එඩිතර හමුදාව. සරත් ෆොන්සේකා බෝම්බ වලට තුවාලවෙලත් හමුදාව දාලා ගියේ නැහැ. මහේෂ්, ඔයා හරියටම හරි. හොඳ අවංක නායකයෝ මිනිසුන් රවටන්න ඒ ආකාරයට බොරු කරන්නේ නැහැ. දරුවන්ට එපමණම ආදරේ නම් (මහින්ද) යුද්ධය ඉවර වුණාට පසුව කිරිපිටි මිලවත් අඩුකළාද?? (නි)
එල්.විජිත් ප්‍රසන්න, ඉතින් හමුදාව මහින්ද එන්න කලිනුත් හිටියනේ? ෆොන්සේකාට වඩා දක්ෂ කොබ්බෑකඩුව වගේ අයත් හිටියනේ? ඉතින් මොකද යුද්ධය ඉවර නොවුණේ? මහින්ද මොනවා කළත්, කරපු දේ හරි කියලා පිළිගන්න. ඔහොම කුහක වෙන්න එපා! (නි)
ඒ අතීත යුගය අපිට හොඳට මතකයි (නි)
බන්දුල පෙරේරා, නොරොච්චෝලේ හැදුව එකවත් යුද්ධය ඉවර කරපු එකවත් නෙමෙයි ප්‍රශ්නය. නොරොච්චෝලේ ප්‍රමිතියකට හැදුවා නම් අද විදුලිය නවතින්නේ නැහැ. (නි)
හැමදාම මහින්ද මහතාට ඇඟිල්ල දික් කරමින් ඉන්නවා මිසක් මොනම වැඩක්වත් කරලා නැති ආණ්ඩුවක් අපිට මොකටද? මන්ත්‍රී දීමනා නම් වැඩිකර ගත්තා. අපිට බදු වැඩි කළා. එයාලට රජ සැප, අපිට අපා දුක්. (නි)
මරදානේ මතකද හොදට කරපු නිසා (බ)
මංජුල සහෝදරයා, ඒ දවස්වල රජයේ සහ අනෙකුත් මාධ්‍ය වලින් මහින්ද රාජපක්ෂ ළඟ නැති ගුණ ගොඩාක් මවලා පෙන්නුවා. කොහොමද කොන්ද කෙලින් තිබුන නායකයෙක් බව කියන්නේ ටීවී එකේ සැරට කතා කරනවා දැක්ක නිසාද? සමාජ විද්‍යාව හදාරනකොට දැනගන්න පුළුවන් දරුවෝ වඩා ගැනීම හා වයසක අම්මලාගේ ඔලුව අතගාන එකේ ඉඳන්ම තියෙන නායකත්වයේ කපටිකම. හැබැයි ඒ නැතත් නියම දේශපාලන සවිඥානායක් තියෙන කෙනෙකුව ඔයාලව වගේ රවටන්න බෑ (බ)
අනේ මන්ද රොහාන් ඔයාල කන්නේ පුන්නකුද ? (බ)
කතාව රගපෑම අතින් හැකියාව තිබ්බට වැඩ බැරි බව පිළිගත්තා නේද ?(හේ)
තාත්තාගේ කාලේ වුණ දේවල් වලටත් කොමිසන් ඉල්ලන්නකෝ (නි)
රජයත් කියනවා විදුලිය නැතිවුණේ කැළණියේ ට්‍රාන්ස්ෆෝමරය පිපිරුන නිසා කියලා. දැන් එ්කත් මහින්දට දාලා ජනතාව මුලා කරන්න හදනවා. (නි)
ඔයාලත් කීපාරක් රට පාලනය කළාද ඒකාලේ බලාගාර හදන්නත් තිබුනනේ ඒ මනුසය හදපු නිසා අද එළියේ. අනික හදන කල් ඔබතුමා විපක්ෂයේ නිදාගෙන හිටියද (බ)
අපරාදේ මහින්ද මහත්තය යුද්ධේ ඉවර කලේ.. අපරාදේ මහින්ද මහත්තය නොරොච්චෝලේ හැදුවේ.. මේ අයට ඇවිත් ඔය ටික කරන්න ඉතුරු කරලා ගෙදර ගියානම් ඉවරයි. (ර)
රොෂාන් රුවන්වැලි සැය හැදුවේ කවුද ඔයා ගොඩක් බුද්ධිමත් (බ)
තාමත් යුද්දේ ඉවර කළේ සරත් ෆොන්සේකා කියන මිනිස්සු ඉන්න රටක් කවදා සංවර්ධනය වෙයිද කියල හිතා ගන්න බැහැ. එ්කවත් හිතන්න බුද්ධිය නොමැති වීම ගැන ඇත්තටම දුකයි (බ)
මහේෂ්, ඔයා හිතාගෙන ඉන්නේ අපි කොන්ඩේ බැඳපු චීන්නු කියලද? (නි)
මහින්ද මහතා හැමදෙයක්ම අඩුනැතුව කළා. නමුත් කිසිමදෙයක් හරියට කළේ නැහැ (නි)
බන්දුල පෙරේරා නොරොච්චෝලේ හැදුව එකවත් යුද්ධේ ඉවර කරපු එකවත් නෙවේ ප්‍රස්නේ නොරොච්චෝලේ ප්‍රමිතියකට් හැදුවනම් අද විදුලිය නවතින්නේ නැහැ යුද්ධේ කලේ මහින්ද නෙවේ ඒක කලේ හමුදාව ඒක නිසා වැඩි ගෞරවය හමුදාවට. (ර)
හැරෙන හැරෙන පැත්තට කතාකරන අය නම් ඕනෑතතරම්. සත පහක්වත් හොරාකෑවේ නැත්නම් කොහොමද මේ රට මේ තරම් ණයවුණේ. (නි)
කතාව දෝලාවෙන්, ගමන පයින්.... නොරොච්චෝලෙත් නොතිබුනා නම් රටම අද වරුවක් අඳුරේ, මහින්දගේ සුදුසුකම් විමසන්න මෙතුමාට තිබෙන සුදුසුකම මොකද්ද කියන එකයි මට නම් ප්‍රශ්නේ. (නි)
රොහාන්, වැඩි ගෞරවය හමුධාවට දුන්නට හමුදාව මෙහෙයවූවේ සේනාධි නායකයා බව කුහක නොවී හිත හදා ගන්න. හමුදාව සුදුසු විදියට මෙහෙයවපු නිසා ජයගන්න පුළුවන් උනා. (ර)