උත්සාහය බලාපොරොත්තුව හා පාසල කෙරෙහි තැබු විශ්වාසය නිසා මට මේ ජයග්‍රණය ලැබීමට හැකි වුවා යැයි මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් ලංකාවෙන්ම ප්‍රථම ස්ථානය හිමි කර ගත් මාතර සුජාතා බාලිකා විද්‍යාලයයේ එච් ජී හිරුණි උදාරා (19) සිසුවිය පැවසුවාය.
ඇය අපොස සා පෙළ විභාගයෙන් ද ලංකාවෙන්ම පස් වැනි ස්ථානයද හිමි කර ගත්තාය.
ඇයගේ මව එල්.කේ එස් එදිරිසූරිය (52) දන්ත වෛද්‍යවරියකි.පියා එච් ජී චන්ද්‍රසිරි (52) මාතර රම්‍ය මොහොට්ටි ලය චිකිස්තාගාරයේ වෛද්‍යවරයෙක් වන අතර වැඩිමල් සහෝදරිය වන එච් ජී ශ්‍රීමාලි කරාපිටිය වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුවියකි.තමාගේද බලාපොරොත්තුව අනාගතයේ වෛද්‍යවරියක්වීම බව ඇය පැවසුවාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ සුබ පැතුම්! (නි)
අපේ රටේ වාසනාවට උපන් දියණියක් ....ඒ දරුවාටත් , දෙමාපියන්ටත් , අැයගේ පාසලේ විදුහල්පතිනිය ඇතුළු අදුරු මඩුල්ලටත් දැනෙන සතුට අපට හොඳින් වැටහෙනවා. ඒ දියණියගේ සියලු පැතුම් ඉටුවේවා..! (බ)
වාසනාවන්ත පවුලක් ...ජයෙන් ජය ඔබ සියලුම දෙනාට.(බ)
තෙරුවන් සරණයි දුවේ..(බ)
අපි සුබපන්න ඕන මේ දරුවන්ට ඒවගේම නිදහස් අධ්‍යාපනේ වටිනාකම හා එය ආරක්ෂා කිරීම තුලින් රටතුල ඉන්න ඕනෙම කෙනෙකුට මේවගේ තත්වයකට යන්න පුළුවන් කියල හැමෝටම අවධාරණය කරලා දෙන්න ඕන .. ඒකට මේ පවුල හොද ආදර්ශයක්.(දිල්)
සුභ පැතුම්. රට වැඩදායක පුරවැසියෙකු වේවා !(දිල්)
දියණියන් නැති මට කාගේ හෝ දියණියක් මෙසේ මව්පියන්ගේ මුවට සිනාවක් එක කරයි නම් දැනෙන සතුට අප්‍රමාණයි. මගේ දරුවාත් ගණිත අංශයෙන් ඉහළින් සමත් වුණ සතුට සමරමින් අපි මේ සිටින්නේ. සියලුම දරුවන්ට තෙරුවන් සරණයි. (දිල්)
කොහොමත් දක්ෂිණ දේශය උගතුන් බුද්ධිමතුන් බිහි කළ සහ බිහි කරන තක්සලාවක් ලෙස වාර්තාගතයි. උදාරා උදාර ලෙස උසස් උසස් පෙළ ප්‍රතිඵල ලැබීම ගැන වාසනාවන්ත ඔබ ඇතුළු අනෙක් ජයග්‍රාහී නංගිලා මල්ලිලාට උණුසුම් සුභ පැතුම්!(දිල්)
මගේ සුභ පැතුම් . අපේ රටේ ගැහැණු දරුවන් ඉන්දියාවේ ගැහැණු දරුවන්ට වැඩිය ලක්ෂ වාරයක් වාසනාවන්තයි. අධ්‍යාපනය සඳහා පිරිමි දරුවන් හා සමාන ඉඩ ප්‍රස්තා ලැබෙනවා. ගැහැණු දරුවන් බරක් කියල දෙමාපියන් හිතන්නේ නැහැ. සමත් වූ සියලු දරුවන්ට යහපත්කම වේවා.! (බ)
රත්තරන් දුවේ ඔබට මගේ උණුසුම් සුබ පැතුම්. (බ)
දියණියට තෙරුවන් සරණයි. දීප්තිමත් අනාගතයක් වේවා. ! (බ)
ඔබට උණුසුම් සුබ පැතුම් ! (බ)
ඔබ අති විශිෂ්ටයෙකි (බ)
දුව ඔබේ දෙමාපියන්ට පළමුව තුති, දෙවනුව ඔබ ඒ අයගේ සහ ගුරුවරුන්ගේ/වරියන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කළා.ඔබේ ඉදිරි අනාගතයට මගේ සුපැතුම්. (දිල්)
සුභ පැතුම් දුවේ! (නි)
මගේ රටට ඔබ මිණි පහනක් වේවා.! (ර)
නියමයි නංගෝ, ජය වේවා!! (නි)
විශිෂ්ට පවුලක අති විශිෂ්ට දැරියට සුභ පැතුම් !!(දිල්)
මගෙන් උණුසුම් සුබ පැතුම් (දිල්)
අනාගතය පැහැදිලි එකක් බව එක හෙලාම කියන්න පුළුවන්. වාසනාවන්ත දරුවෙක්. හෙට දිනය ආලෝකමත් වේවා.! (ර)
ඔබට උණුසුම් සුබ පැතුම්.! (ර)
අපේ උණුසුම් සුබ පැතුම්. ජයවේවා.! (ර)
සුබ පැතුම් නැගෙණියනි.! (ර)
ඔබේ නොපැකිලෙන උත්සාහයට මගේ තුති (දිල්)
අපිට ඔයා ගැන ආඩම්බරයි සුභ අනාගතයක්. (ර)
සුබ පැතුම්! (නි)
මගෙන් උණුසුම් සුබපැතුම් (බ)
සුබ පැතුම් නැගණියනි (නදී)
උණුසුම් සුබ පැතුම් රටට සේවය කරන්න (බ)
මගෙන් උණුසුම් සුබ පැතුම් (බ)
ඔබට හැමදාමත් ජය ලැබේවා නිදුක් නීරෝගී බව රැකේවා දෝණි (බ)
ඉදිරි අනාගතයට සුභ පතනවා....(දිල්)
සුබපැතුම්. දකුණට පළමුතැන ගෙනාවට.(දිල්)
මගේ සුබ පැතුම්! මම වෛද්‍යවරියක් සහ සුජාතා විද්‍යාලයේ ආදී ශිෂ්‍යාවක්. (නි)