නාගරික මධ්‍යම පාන්තිකයන් සඳහා නව නිවාස ලක්ෂ පහක් හා ප්‍රා දේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් නිවාස ඉදිකිරිම් ජංගම සේවා ව්‍යාපෘතියක් ආරම්භ කරමින් ඉදිරි වසර පහක කාල සීමාවේ ඓතිහාසික නිවාස විප්ලවයක් දියත් කරන බව රජයේ නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (14) බත්තරමුල්ල පිහිටි සෙත්සිරිපායේ පිහිටි සිය අමාත්‍යාංශයේ දී ධුරයේ වැඩ කටයුතු ආරම්භ කරමින් ප්‍රකාශ කළේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි ! සම්පුර්ණයෙන්ම තාත්තාගේ අඩි පාරේ යන්න එපා.(ම)
ඔක්කොමලගේ ගමන් වල ඉලක්කය රජ ගෙදරයි. මහජනතාව නම් කවදත් මහ පාරෙයි. (අ)
ඔබට සුබ පැතුම්! (නි)
දුප්පතා ගේ හිතවතා. ඔබට ජයවේවා !!! (ම)
තාත්තාගේ අඩිපාරේ ගෙහින් මිනී මරයිද දන්නෑ (බ)
ඔබතුමාට සුබ පැතුම් (බ)
ඔබ ජයගන්නවා සිකුරුයි (නි)
බොහොම හොඳයි මහත්තයෝ... (නි)
ඔබට කිසිදා වරදින්නේ නැහැ පුතණුවනි (නි)
දුප්පත් අපි වෙනුවෙන් පෙරට ආ ඔබට පින්! (නි)
ඔබ ඔබම වන්න (ම)
තාත්තාගේ අඩිපාරේ යන එක ගැන සතුටුයි.ඔබතුමාට සුබ පැතුම්! (නි)
තාත්තාගේ අඩිපාරේ ගියාට කමක් නැහැ. නිවැරදි දේ විතරක් කරන්න (නි)
මගේ මේ උණූසුම් සුබ පැතුම් ..!! (ම)
දුප්පතාගේ හිතවත, ඔබතුමාට ජයෙන් ජයම වේවා! මගේ දෙමාපියන් තාම ජීවත්වෙන්නේ ඔබතුමාගේ පියා දුන් ගෙයක. අපිට ඔබේ පියා කිසිදා අමතක කරන්න නොහැක.පියා ගිය මඟ යන්නට ඔබට වාසනාව ලැබේවා! (නි)
හැමතැනම ගෙවල් හදන්නේ නැතුව, නගරය තුල හෝ ඊට කිට්ටු කරලා තට්ටු නිවාස සාදා දෙන්න. එතකොට ඉඩම් ඉතිරිවෙනවා වෙන දේවල් සඳහා. යටිතල පහසුකම්, කලි කසල, පාසල්, පුස්තකාල, කාර්යාල, ක්‍රීඩා පිටි, රෝහල්, ආරක්ෂාව ආදිය හොඳින් කළමනාකරණය කරන්න පුළුවන් එතකොට. හැමතැනම ගෙවල් හදන එකෙන් මුදල්, සම්පත් හා ඉඩම් නාස්ති වෙන අතර වගාවන් සඳහා ඉඩම් සිමා වෙනවා. ගොවියන්ට පුළුවන් උදේට තමන්ගේ ඉඩමට ගිහිල්ල වග කටයුතු කරලා හවසට තමන්ගේ තට්ටු නිවසට එන්න. දියුණු රටවල් වල තියෙන මේ ක්‍රමය අපිත් පටන් ගන්න ඕන. නැත්නම් තව ටික කාලයක් ගියාම හැම තැනම ගෙවල් විතරක් තියේවි ගස් කොළ මොනවත් නැතුව. (අ)
තාත්ත වගේම යන්න (බ)
සජිත් මහතා තාත්තා ගිය අඩි පාරේ ගියාට කමක් නැහැ , එහෙත් තාත්තා කරපු සමහර දේවල් කරන්න එපා ,(ම)
මෙයත් තාත්තාගේ අඩිපාරේ යනවා කිව්වම නම් ටිකක් බය හිතුනා. (නදී)