IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සජිත් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් හමුවෙයි

(නිමල කොඩිතුවක්කු)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා අතර විශේෂ හමුවක්  පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී අද (26) පැවැත්විණ.

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා අතර මෙරට සමාජ ආර්ථික හා දේශපාලන කරුණු රැසක් සමිබන්ධයෙන් දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගන්නා ලදී. 

වත්මන් රජය ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් මෙන්ම ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ද ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා දැනුවත්  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී කටයුතු කරනු ලැබීය.  

පවතින බංකොලොත්භාවයෙන් රට මුදවා ගැනීම සඳහා ඉදිරියටත් සහයෝගය ලබා දෙන ලෙසත් එහිදී විපක්ෂ නායකවරයා ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කළේය.

මෙම හමුව සඳහා මෙරට ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ලලිතා කපූර් මහත්මිය සහ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ දෙවැනි ලේකම් මැතිව් ලෝඩ් මහතා එක්විය.



අදහස් (6)

සජිත් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් හමුවෙයි

වික්‍රම විදුර අසන Wednesday, 26 February 2025 02:59 PM

ලංකාවෙ ඉස්කොල වලට දැං බස් සුහුරු පංති කාමර තියනවා.. ඔස්ට්‍රේලියාවෙ ළමයින්ට තමයි ඔය මුකුත් නැත්තේ සජිත් මැතිතුමා හදන්නෙ ඔස්ට්‍රේලියාවෙ ඉස්කොල වලටත් බස් දෙන්න යි සුහුරු පංති කාමර දෙන්නයි...

:       0       4

මැක්ස් Wednesday, 26 February 2025 03:00 PM

මෙවැනි කොන්ද පණ නැති විපක්ෂ නායකවරුන් ලෝකයේ වෙනත් රටවල නැති බව ප්‍රේමදාස මහතාට කියා දෙන මැන ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස් තුමනි.

:       1       4

පිටරටවැසියා Wednesday, 26 February 2025 03:25 PM

ජපන් භාෂාවෙනුත් අදහස් හුවමාරු කරගෙනද ?

:       3       15

දොන් සේතන් Wednesday, 26 February 2025 03:29 PM

එහෙනම් මෙයා ඕස්ට්‍රේලියන් කාරයන්ටත් ඉංගිරිස් ටිකක් උගන්නන්න ඇති.

:       2       14

කව්ද බෝයි Wednesday, 26 February 2025 04:46 PM

සුද්දට කලිසමේ යන්න ඇති... ලොවෙත් නැති බර ඉංග්‍රීසි වචන වලට...

:       2       12

රුවන් Wednesday, 26 February 2025 06:42 PM

ඕස්ට්‍රේලියාවේ වීසා අයදුම් කරන්නද?

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 716 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site