රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත්කර සජිත් ප්‍රේමදාස මහතා නායකත්වයට පත්කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් දෙදෙනෙක් මාතලේ නගරයේ ඔරලෝසු කණුව අසළ අද උදේ උපවාසයක් ඇරැඹූහ.
තැඹිලිදෙණියේ අජිත් සෙනෙවිරත්න හා පල්ලේපොළ ආර්.ඩී.රාමනායක නම් ව්‍යාපාරිකයන් දෙදෙනා ඇඳක් ද තබාගෙන මේ උපවාසය කරති.
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත් ඔය තරමටම පක්ෂයට ආදරේ නම් මොකද නායකයට සහයෝගය දෙන්නෙ නැත්තේ? (නි)
අනේ මෙහෙමත් ලෝකයක්......තනතුරක් ලබා ගන්න උපවාස කරන්නත් වෙලා.... (ස)
මම නම් කියන්නේ ඔතන ඉන්න හොඳම සංවිදායක රවී කරුණානායක තමා. මංගල නියෝජ්‍ය නායකයා කරමු. (නි)
ඔය කවුරු යු. එන්. පී. එකේ නායකයා වුනත් මහින්ද මහතා සිටිනතුරු දිනනවා බොරු. එස්.එෆ්.වත් දාලා බැලුවනේ. හරි ගියාද?අපි මේ පක්ෂයේ නායකකමට බැරැක් ඔබාමාව දාලා බලමු. (ස)
අද එක්තරා පුවත් පතක පලවු පුවතකට අනුව සියලු දෙනාගේ එකමතික්තවයකින් සහ ආශිර්වාදයෙන් නායකත්වය ලබා දෙන්නේ නම් පක්ෂය ජයග්‍රහනය කරවන බවට සජිත් ප්‍රේමදාස පවසා ඇත. එයාට නායකතවය ඒ විදියට දෙන්න ඕනෑ , සජිත්ට අභියෝගයක් තියෙන පක්ෂයේ ඉන්න සියලුම අය උපක්‍රමිකව ඉවත් කරන්නේ සජිත්. කරු ජයසූරිය මහතාව උගුලේ පැටලෙව්වා. දයාසිරි ජයසේකර අනාගතයේ සජිත්ට අභියෝගයක් වන වග අපිත් දන්න කොට සජිත් නොදැන ඉන්න විදියක නෑ. ඒ නිසා දයාසිරිව රනිල් එක්ක හපපලා ජෝලියේ බලං හිටියා. දයාසිරි ගියා ශක්තිමත් කරන්න. කතාව ඕකයි. (නදී)
රනිල් වික්‍රමසිංහ මහතා බලයට තනතුරු වලට කෑදර කෙනෙක් නොවේ.අප සියලු දෙනාගේ දැන ගැනීම සදහා අපට කියා සිටින්න, එංගලන්තයේ දෙවරකට වඩා මහජන ඡන්දයකින් පරාජයට පත්වී විපක්ෂ නායකකමේ රැදී සිටි එක විපක්ෂ නායකයෙකුගේ නමක්. (නි)
සජිත් ආවත් ඔච්චර තමයි !!! විපක්ෂයක් දැන් නැතෝ... (ස)
දයාසිරි ජයසේකර යු එන් පි නායකයා විදිහට පත් කරන්න.... (ස)
ඇඳ උඩ ඉන්න මුදලාලි මල්ලිලා දෙන්න දිහා බැලුවා.අනේ මන්දා ආණ්ඩුව පැත්තට යන්න පාරක් කපනවා වගේ නේද?නිල් ඉරි රෙදිත් තියෙන්නේ?ඔහොම යන්..ඔහොම යන් .... පස්සේ කියාවි අපි දෙන්න උත්සාහ කලානේ.බැරිම තැනනේ ආණ්ඩුවේ මාතලේ අර ඇමතිතුමාට ලං වුනේ කියලා. (ස)
බය නැතුව සජිත්ට දෙන්න. සජිත් කොළඹට පැමිණිය යුතුයි,සටනක් දිය හැකි, දහදිය සුවඳ අදුනන පුද්ගලයෙකුට පක්ෂය දිනවන්න පුලුවන්. අදක්ෂ සංවිධායකවරු කවුරු වුණත් ඉවත් කළ යුතුයි (නි)
රනිල් එජාපයේ නායකයා විදිහට ඉදිමින් සජිත්ට විපක්ෂ නායකකම එක මැතිවරණයකට දීලා බලන්න තියෙන්නේ (නි)
දැන් දෙවතාවකට වඩා ඉල්ලන්න පුළුවන් නිසා ගරු චන්ද්‍රිකා මැතිනිය සුදුසු නැද්ද. ගොඩක් අත්දැකීමුත් තියනවනේ (නි)
ලෝලිම්බවංශ ගෙන් ඇසු ප්‍රශ්නයට ඔබගේ කැපිල්ලෙන් පාඨකයන්ට හැගී යන්නේ මා රනිල්ට කඩේ යන්නෙකු ලෙසය. මා කිසිම දේශපාලන පක්ෂයකට හෝ පුද්ගලයෙකුට කඩේ ගිහිල්ලත් නැත ,යන්නෙත් නැත.(නදී)
සජිත් විතරයි ඉන්න එකම සුදුස්සා. රනිල් හිටියොත් හැමදාම යුඑන්පී එක පල්ලෙහට වැටෙන එක නවත්තන්න බැ. (ස)
මමත් කැමති දයාසිරි යු එන් පී නායකයා වෙනවට..... (ස)
අපිට නම් ඔය කවුරු ආවත් එකයි. එන්න කලින් පොරොන්දු දෙනවා පාලමක් දානවා කියලා. නමුත් පාලම දාන්න ගඟක් හෝ ඇලක්වත් නැහැ. ඔය දෙන පොරොන්දු ඡන්දෙට කලින්. ආවම, මට මතක නැහැ. (නි)
ජේ ආර් ජයවර්දනගෙන් පසු බිහිවූ ජනාධිපතිතුමා යටතේ විරුද්ධ දේශපාලන මත දැරූ බොහෝ දෙනෙක් ජිවිත පුද දුන්හ. පුවත්පතක් හෝ ගුවන් නාලිකාවක් හෝ රූපවාහිනී නාලිකාවක් ඔවුන්ට විරුද්ධව යමක් කිවුවොත් ඔවුන්ගේ ජීවිතය අවසන්ය. එවන් දෙයක් නොවන්නට අපි රනිල් වික්‍රමසිංහ මහතාට නායකකමේ ඉන්න දෙමු (නි)
හරි හරි මේ දෙන්නට තැඹිලි වතුර පොවන්න එන්නේ කවුද ? මේගොල්ලෝ අපේක්ෂා කරන නායකයාද ? (ස)
යු එන් පි ඉතාම කලකිරීමකට ලක් වෙලා. මෙයට ප්‍රධානතම හේතුව මම දකින්නේ රනිල්ගේ ක්‍රියා කලාපය. නායකයෙක් උනාම දුර දක්කනා, නම්‍යශීලි රටේ ජනතාවට ආදරය කරන මානවයෙක් වෙන්න ඕන. මොනවා කලත් වැඩක් නැහැ ජනතාවට සමීප වෙන්න බැරි නම්. රනිල් මහත්තයා ජනතාවට තියා පක්ෂයේ ඉන්න සාමාජිකයන්ටවත් ලංවෙන්න බැරි කෙනෙක් නේ. පක්ෂය ඇතුලේ අර්බුද ඇතිවෙලා තියෙන්නේ එතුමාගේ පළිගැනීමේ හුදෙක්ම පෞද්ගලික හේතුන් මත. නායකයෙක් තුල මේ ගතිගුණ තිබෙන කොට කොහොමද ඉස්සරහට යන්නේ මොනවා කලත් වැඩක් නැහැ. ජනතාව එයා නායකයා හැටියට ප්‍රතික්ෂේප කරනවා නම් දැනට පක්ෂයට ඉතුරුවෙලා තියෙන ජනතාවට වඩාත්ම ලංවෙලා ඉන්න මානවය සජිත්. ඉතින් සජිත්ට අවශ්‍ය මග පෙන්වීම කරලා උඩට ගන්න එකයි රනිල් කල යුත්තේ. නමුත් වෙන්නේ යන යන තැන සජිත්ට කැපිල්ල දානවා. රනිල් මහත්තයාගේ යාලුවෝ ටික මඩ ගැසීම කරගෙන යනවා. ඉතින් කොහොමද එ ජා පෙ ජනතාව ඉදිරියට යන්නේ (ස)
චන්ද්‍රිකා නායකයා වෙනවට කැමති අය චන්ද්‍රිකා කියලා ප්‍රතිචාර දාන්න. දයාසිරි නායකයා වෙනවට කැමති අය දයාසිරි කියල ප්‍රතිචාර දාන්න. අපි බලමු කාටද කට්ටිය වැඩියෙන් කැමති කියලා. (ස)
අනිවාර්යයෙන් නායකත්වය වෙනස් කල යුතුයි.හොඳට සංවිධානය කලොත් යූඑන්පී යට ජය නියතයි. (ස)
විපක්ෂ නායක රනිල් මහතා ඉවත් කර සජිත් මහතාට නායකකම ලබා දෙන්න. ඊලග ඡන්දය දිනන්න පුලුවන්ද බලමු. ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඡන්දය ලබා දෙන අය ඉන්නවා. ජය වේවා එජාපයට (ස)
අපොයි දෙවියනේ දෙනවක හාමිනේ බේරුනේ පෙර පිනකට. (ස)
බුදු අම්මෝ! සජිත් යු.එඒ.පී. එකේ නායකයා වුනාට නම් කමක් නැහැ. බැරි වෙලාවත් රටේ නායකකමට නම් පත් කර ගන්න එපා. ප්‍රේමදාස යුගය මතක් වෙනකොට බය හිතෙනවා ! (නි)
හිසේ ඇම්මට කොට්ටය මාරු කරලා වැඩක් නැහැ.ඔය පක්ෂය ඔය තරමටම පිරිහුනේ 1977ඉදලා 1994 වෙනකම් පාලනය කරපු කට්ටියගේ කෙරුවාවල් නිසා තමයි. (නි)
මම සජිත් සහ ඔහුගේ පියාව හොඳින් දන්නවා . සජිත්ව මා දන්නේ ඔහු කුඩා කාලයේ එංගලන්තයේ ඉගෙනුම ලබන කාලයේ සිට . ඔහු එකල කල කීදේ සහ ඔහුගේ පියාණන් බලයේ සිටින කාලයේ කල දේවල් දුටුවම මට හිතන්න සජිත් අවන්කවම ලංකාවට ආදරය කරන කෙනෙක් කියා . ඔහුගේ කුඩා කල සිට තිබුන බලයට පැමිණීමේ අරමුණ හැර . මම මාගේ අදහස හැටියට ලියන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බලයට තනතුරු වලට කේදර කෙනෙක් නොව . පක්ෂයක් මහත්මා ගුණයන් ඇතුව පවත්වා ගෙන යාහෙකි කෙනෙක් කියා (අ)
හොද අත්දැකීම් කියන්නේ පදලිලා පැරදිලා ගන්න අත්දැකීම් නෙවෙයි ජය ගත්ත අත්දැකීමක් එහෙම නැතිනම් අර වික්‍රමබාහුට දෙන්න පුළුවන්නේ නායක කම (දී)
මේ වෙලාවේ මොකා නායකයා ආවත් යු එන් පියට දිනන්න බැහැ. රනිල්ගේ නෙමෙයි වැරැද්ද. රනිල් වටා ඉන්න අයගේ වැරැද්ද. අනිත් ප්‍රශ්නය රටේ සිදුවන සංවර්ධන කටුයුතු රටේ ජනතාවට පේනවා . රටේ අන්ද බිහිරි අය හිටියා නම් මොකක්වත් පෙනෙන්නේ නැහැ. ඇහෙන්නේ නැහැ. එහෙම වුණා නම් යු .එන්.පි යට දිනන්න මාවතක් හදා ගන්න තිබුනා. (නි)
නායකයා නෙමේ ඔකේ නමත් එක්කම වෙනස් විය යුතුය.. (ස)
හොද පක්ෂයක්..එත් දැන් නෙමේ ගොඩක් ඉස්සර (අ)
බටහිර ගැති ප්‍රතිපතියෙන් ඈත් වුනොත් රනිල්ට උනත් ඕක ගොඩ දාන්න බැරි කමක් නේ.. (ස)
ඔකේ ඉන්න සියලුම දෙන සුදුස්සෝ වෙන්න හදනවා නේ..එක නේ ප්‍රශ්නේ ..(අ)
ලජ්ජත් හිතෙනවා
රත්තරන් රටකට හොද විපක්ෂයක් ඕනෑ.ඒ නිසා සජිත්ට දෙන්න. (නි)
එක එකකෙනා නැතුව සජිත් මහතාටම තිබුනා මේකේ වාඩි වෙලා උපවාසයක් කරන්න. මේවා පොඩි ළමයින්ගේ වැඩ. රනිල් වික්‍රමසිංහ මහතා වැනි නුවණැති දක්ෂයෙක් නිසා තමා තවමත් එජාපය මෙහෙමවත් තියෙන්නේ. නැතිනම් දැනටම එජාපය වළලපු තැන හොයන්නත් බැහැ (නි)
ප්‍රේමදාස යුගය මතක් වනවිට ,නැවත එයට කැමති අය ඉන්නවද? (නි)
ඇත්ත වශයෙන්ම රනිල් දුර්වලයි. පක්ෂය ගොඩගන්න රනිල් පණ මදි. බලන්න 77 ජේආර්, ඊට පස්සේ ආර් ප්‍රේමදාස ,මොනතරම් රැල්ලක් තිබුනද? (නි)
මේ දෙදෙනා කාගේ හෝ ඉල්ලීමකට මෙය කරනවා වෙන්න පුළුවන්. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වැනි ලෝකයම පිළිගත් බුද්ධිමත් අවංක මහත්මා ගති ගුණ ඇති කෙනෙක්ව පෙරලා අලුතින් පැමිණි දේශපාලනය ගෙන නොමේරු කෙනෙක්ව පත් කරන්න කියන්නේ එජාපයේ අවසානය සහ එහි හරය නැති කරගැනිමටය (නි)
කට්ටිය උපවාස කළාට බඩගිනි වෙනකොට නැගිටලා යයි. (නි)
චමත්, අපි ඉන්නේ එංගලන්තයේ නොව අසිරිමත් ශ්‍රී ලංකාවේ. එනිසා එංගලන්තයේ වෙන ඒවා ලංකාවේ නොවන්නේ ඇයිද අසන්න එපා. (නි)
එකසත් ජාතික පක්ෂය පසුගිය කාලයේ දිගටම පැරදුනේ රනිල් නිසා නොව . ඔහුට කලින් එජාපයේ සිටි නායකයින් කරපු වැරදී නිසාය . ඔවුන් රටේ තිබුණ යුද්ධය වවාගෙන කෑවා . රනිල් මහතා එවැනි දේ කලේ නැහැ . එහෙත් මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය නිම කර රට බේරා දුන් දෙයට තවමත් ජනතාව ඔහුට රටේ බලය ලබා දෙනවා යනු මගේ හැඟිමය . රනිල් වික්‍රමසිංහ මහතා ඉතා නිහතමානී දක්ෂ නායකයෙක් . දෙනාට රට යන විදියට සමහරවිට ලබනවර එකසත් ජාතික පක්ෂය දිනා රනිල් වික්‍රමසිංහ මහතා ජනාදිපති වන්න පුළුවන් . ලබන ජනාදිපති ඡන්දය එන තුරු රනිල් මහතා නායකත්වයේ සිටිය යුතුය . නින්ද නොයනාවට කොට්ට මාරු කිරීමෙන් පලක් නොමැත (අ)
වම් පැත්තේ එන්නේ විමල් අයියා ද (අ)
මම සිතන්නේ සජිත් ප්‍රේමදාස මහතාට හදිස්සි උනාට තවමත් ඔබ දේශපාලන දැනුමෙන් මුහුකුරා ගිය කෙනෙක් නොවේ කියලා . ඉවසීමෙන් සැනසිම ලැබේ . ඔබගේ වාරය එනතුරු කල්ලි ගැසීමෙන් වැලකී පක්ෂය ශක්තිමත් කරන්න. රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඔබට ඉගෙන ගන්න බොහෝ දේවල් තිබෙනවා . ඔහුත් සමඟ සමඟියෙන් එකමුතුව පක්ෂය පෙරමුණට ගේන්න. මගේ ආශීර්වාදය ඔබට (ස)
මට ඇති වන සැකය සජිත් නායකත්වය ගතහොත් ඔහුගේ ක්‍රියා මාර්ගයම පුතා ඉදිරියට ගෙන යාවි කියලා . ඔහුගේ පියාගේ කාලයේ මිනිසුන් ජිවත් වුයේ ඉතාම බියකින් . ටයර් වලට පිළිස්සුනු මිනි ජිවිත. මුහුදු වෙරළේ ගසා ගිය ජිවිත අපමණය. තාත්තා නො කල දේ පුතා නො කලොත් මොකාගේද පුතා කියලා කතාවක් තියෙනවා. (ස)
දෙදෙනාගේ මුහුණු දෙකකම පේනවා කාට හෝ කඩේ යනවා කියල (දී)
අපේ ලේත් කොළ පාටයි (දී)
මට නම් සජිතුත් හරියන්නෙ නැහැ (නි)
මේ ඔරෝලුසු කනුව ප්‍රෙමදාස මහතා කාලයේ දමපු එකක් වෙන්න ඕනි . ඒ කාලයේ පේමදාස මහතා සෑම හන්දියකම ඔරෝලෝසු කණුවක් තැනුවාය.(නදී)
මමත් ඇඳ උඩ උපහාසයක් පටන්ගත්තා. ගෙදර දුවල පුතාල අහල පහල නෝනලා මහත්තයල බක බක ගාල හිනාවෙන්න ගත්ත. මොන පිස්සු බලු බේත් පෙව්නද මන්ද? මාතලේ හිඟුලේ දෙන්නෙක් උපවාස කොලාට කොළඹ ඉන්න රනිල් තුන් වේලටම කනවා.හිනාවෙනවා.(නදී)
දෙන්නගේම්ම මුණ දැක්කම දුකේ බැරුව , නායකත්වය ලබාගන්න සුදුසුමමක් තියන්නවද ? (දී)
මේවා රට හිනස්සන වැඩ (නි)
රනිලුත් හොඳයි. අපි බටලන්ද ගැන අමතක කරමු අනේ! ඕවයින් වැඩක් නැහැ දැන්. (අ)
මෙයාලට දේශපාලනේ තේරෙන්නේ නැහැ. විපක්ෂ නායකයාගේ ඉවසීම මිසක් එතුමාගේ දුර්වලකමක් නොමැත. හැමෝටම හැමදාම බලයේ ඉන්න බැහැ.ආණ්ඩුව එය තේරුම් ගත්තොත් හොදයි. (නි)
මැරෙනකම් යු එන් පි නායකයා රනිල් තමයි අපිට නම් (නි)
ජර්මනිය වගේ දියුණු රටවල අගමැති තෝරණ ඡන්දෙදි එකවරක් පරාද උන අපේක්ෂකයා නැවත වාරයක් ඉදිරිපත් වෙන්නේ නැහැ , මේ විධියට ගියොත් ලබන පාර පලත්සභා ඡන්දයෙන් දකුණු පළාතෙන් ෆොන්සේකාගේ පක්ෂය දෙවෙනි තැනට එනවා , එජාප පාක්ෂිකයෝ විශාල සංඛ්‍යාවක් ඔවුන් වට රැස් වෙලා , නගර සභා , ප්‍රාදේශීය සභ මන්ත්‍රීරිවරුත් ක්‍රම ක්‍රමයෙන් ආණ්ඩුවට සහ ෆොන්සේකා දෙසට නබුරුවෙමින් පවතිනවා , මේ අවරුද්ධ තළ පක්ෂය නායක කම සංශෝධනය කර පක්ෂය ප්‍රති සංවිධානය නොකලොත් , විශාල ප්‍රශ්නයකට මුණ දෙන්න සිදු වේවි (අ)
අලුත්, තරුණ කොටසකට පක්ෂයේ බල දිය යුතුයි. රනිල් මහතා සාමාන්‍යය සාමාජිකයෙක් ,පරිණත දේශපාලකෙයෙක් හැටියට හිටිය යුතුයි. එනවා නම් දයාසිරි ජයසේකර පක්ෂයේ උපනායක හැටියට ගෙන ආ යුතුයි (නි)
මේ ප්‍රශ්නය විසදන්න එකම ක්‍රමය නම්, මිලඟ ජනපති මැතිවරයනට, රනිල් හා සජිත් මහතුන් දෙදෙනාම යු එන පි එක නියෝජනය කරලා බලන්න කව්ද දිනන්නේ කියලා. යු එන් පි එක කොහොමත් දිනන්නේ නැති නිසා.(නදී)
ඔබ දෙපලට අපෙනුත් සහය. ඒත් මේ රනිල් මහත්තයා අයින් වෙන එක නම් හරියන්නේ නැහැ.(නදී)
කව්රු කිව්වත් ප්‍රේමදාස ජනපති කළ නරක වැඩයි කියන ඒවා දැක්කේ කව්ද? (නි)
මං නම් දකින විදියට රනිල් මහතා පක්ෂයෙන් ඉවත් නොවී නායකත්වයෙන් ඉවත් විය යුතුයි.අලුත් නායකයෙකුට ලබා දුන්නොත් මේ පක්ෂය ගොඩ ගන්ඩ පුළුවන්.නැත්නම් එස් එෆ් එනවාමයි. අපිම එයාව පත් කරගන්නවා.ඇත්තටම සජිත් මහතා හොද නායකයෙක් එතුමාට පුළුවන් වෙයි පක්ෂය ගොඩ ගන්ඩ. (ස)
මගේම මල්ලිව මැරුවේ විරුද්ධ දේශපාලනය කරා කියල . ඔය කියන කෙනාගේ පියාණන් ජනාධිපති කාලේ . ඒ අමිහිරි අතීතය නැවත ගොඩ ගන්න එපා . නුවනැතිව ඉන්න නායක තුමාව රැක ගන්න . මගේ මල්ලි බාගෙට පිලිස්සිල දවස් ගානකට පසුව හම්බවුනේ . අතේ පැළඳ සිටි තඹ වළල්ලක් නිසා හෙඳින ගන්ට ලැබුනේ . අනේ දෙවියනි නැවතත් එවැනි යුගයක් බිහි නොකරන්න . රනිල් වික්‍රමසිංහ මහතා ලබනවර අනිවාර්ය ජනාධිපති වරයා අපේ රටේ (අ)
බලාගෙන,ගල්ගමුවේ උපවාස කරන්න ගිහිල්ලා වහල කඩාගෙන වැටුනා වගේ මාතලේ පැත්තේ පොළොවත් එච්චර ෂුවර් නැති නිසා මොකකින් මොකක් වේවිද දන්නේ නැහැ.මේ දවස් වල පාකිස්තානයේත් භූමිකම්පා. (නි)
මගේ අදහස නම් නායකතුමත් මහලේකම්තුමත් දෙදෙනාම වෙනස් කරන්න ඕනෑ. (නි)
එජාපයේ දැන් සිටින අය මේ රටට ආදරය කරන අය නොවේ. පළමුව රට ජාතිය ආගම දේශපාලනය. මේ ගැන නොසිතු විපක්‍ෂය, කළ කී දේ මහජනතාව හොදින් දනී. ආණ්ඩු පක්‍ෂය පමණක් යුද්ධය ජය ගැනීමට ගත් උත්සහයට කොපමණ බාදා කළාද? විපක්‍ෂයක් හැටියට විවධ මත තිබිය යුතුයි. රටක් ඉදිරියට ගෙන දියුණු කිරීමට. රට විනාශ කරන අයගේ පැත්තගෙන ආණ්ඩු පක්‍ෂයට අපහාස නොකළ යුතුයි. විදේශික රාජ‍්‍යයන්ට කේලාම් නොකිය යුතුයි. තම රටට ද‍්‍රෝහී නොවී වැඩ කර ජය ගත හැකිය. (නි)
බන්දුල, කවුරුන් සමග යුඑන්පිය එකතු වුණොත්ද දේශප්‍රේමී වෙන්නේ ? (නි)
කවදාවත් සජිත්ට දෙන්නේ නම් නෑ (අ)
අපි කියන්නේ රනිල් මහත්යා පක්ෂයේ ඉන්න ඕන, ඒත් නායකත්වය සජිත් ඇතුළු කණ්ඩායමට දිය යුතුයි, නැත්නම් ඉළඟ පළාත් සභා ඡන්දයේදී එස්.එෆ් දෙවනි තැනට එනව. (අ)
රනිල් ගියොත් යු එන් පී එකට වැලේ වැල් නැතිව යනවා. ජාත්‍යන්තර පිළිගැනීමක් තියෙන යු එන් පී එකේ ඉන්න එකම කෙනා රනිල්. (ස)
වත්මන් නායකත්වය දුර්වලයි තමයි නමුත් එක්සත් ජාතික පක්සය දුර්වල කලේ නම් මෙතුමාගේ පියාණන්.ලලිත් ගාමිණී වැනි බුද්ධිමතුන් එජාපය හැරගිය එක ලොකු පාඩුවක්.දුර්වල එජාපය එක යම්තරමකට වත්මන් නායකත්වය ශක්තිමත් කල එක අගය කලයුතුයි. එජාපයේ දුර්වලත්වය තමයි තනියෙන් ගේම් ගහන එක.ටීම් වර්ක් නැහැ.වත්මන් නායකත්වය නම්යශීලීත් මදී. (අ)
දැන්වත් අපේ මිනිස්සු හොදට හිතල බලල තීරණ ගන්න, රනිල් ඉන්නකන් පරාජය තමා,ඔය දෙන්නට ජය පතමා (අ)
මට හිතෙන හැටිනම් 18 වන ව්‍යවස්ථාව වෙනස් කරන්න නව පාලන ක්‍රමයක් ගැන ,ජනතාවට අලුතෙන් හිතන්න ක්‍රමයක් , ජනාධි පතික්‍රමය වෙනස් කරන පොරොන්දු දෙන්න ඕනේ. සජිත් ව දැම්මොත් කුජීතයි.(නදී)
ව්‍යාපාරිකයෝ ව්‍යාපාර කරති. පාරිභෝගිකයෝ ව්‍යාපාරිකයන් ජීවත් කරවති. (ස)
දුම්මල ගහල යවන්න බැරි මනුස්සයා.... උපවාස කරලා යාවිද? කවදා හරි යූඑන්පී එක ඡන්ද ප්‍රමාණය එකසීය ගාණන් වලට එනවා මෙතුමා හිටියොත්. (ස)
යු එන් පි නායකයා විය යුත්තේ ලක්ස්මන් කිරි ඇල්ලයි. සංවිධායක රවී නියෝජ්‍ය නායක මංගල. තිස්ස මහ ලේකම්. රනිල් තමයි යූ.එන්.පියේ ප්‍රධානියා.(නදී)
එහෙනම් මේ දෙන්නට ඉතිරි ජීවිත කලේ පුරාම ඉන්න වෙන්නේ මෙතනම තමා. මොකද අපේ නායකතුමා පුටුව දාලා යන්නෙම නෑනෙ. (ස)
රනිල් නායකතුමාගේ නායකත්වයට අභියෝග කල හැකි කිසිවෙකු නොමැත.මේ අය ආණ්ඩුවේ කොන්ත්‍රාත් ඉටු කරන අයයි. 2014 දී රනිල් නිසැකවම ආණ්ඩුවක් හදනවා. (ස)
නායක තුමා කොපමණ උගත් උනත් කොපමණ අවංක උනත් ඡන්ද දායකයෝ එතුමාට ඡන්දය දෙන්නේ නැත්නම් දිනන්නේ කොහොමද? ඔක්කොම කරන්න ඉස්සෙල්ලාම බලයට එන්න ඕනේ , ඒක කරගන්න මෙතුමාට අවරුදු 12 විතර බැරි උනා. එක පාරක් බොහොම අමාරුවෙන් හදාගත් ආණ්ඩුවත් අව්රුදු 2 න් කඩා ගත්තා. මෙතුමාගේ නායකත්වය අසාර්තකයි. බලන්න දයාසිරි ජයසේකර කොපමණ දක්ෂයෙක්ද , උගත්කම , කථිකත්වය , කලාව ගායන හැකියාව , ඔහුට තිබෙන දක්ෂතාවයෙන්. මොන පක්ෂෙට ගියත් මිනිස්සු මනාප ගහනවා. (නදී)
බීරි අලින්ට වීණා වාදනය කරන්නද හදන්නේ .? (ස)
ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩක්. වහාම අත් අඩංගුවට ගන්න. (ස)
දයාසිරිත් කියලා තියෙනවනේ.. නායක තුමාට ඔහේ ඉන්න දෙන්න කියලා. බැරි වෙලාවත් සජිත් ආවොත් ලොකු තරඟයක් තියෙනවනේ. (ස)
අජිත් 2014 ඡන්දෙන් රනිල් පරද උනාම ඔය අයෙත් ඇවිල්ලා කමෙන්ට් එකක් දාන්න 2020 දී රනිල් දිනවමි කියලා. මොනවා කරන්නද අජිත් එහෙමවත් කියල හිත හදාගන්න. හැබැයි ඉතින් එතකොට එ ජ පෙ කියන පක්ෂය අර අද තියෙන වාමාංශික පක්ෂවල තත්වයට වැටිලා මඩ ගොහොරේ ගිලිලා තියෙයි. (ස)
එක එක්කෙනා වාඩි නොකර සජිත් මහත්තයම වාඩි වුනා නම් ඉවර නේ.. (ස)
විපක්ස නායකකම යනු ඉතා බලගතු [දේශීය, විදේශිය පිළිගත් ] තනතුරකි.එහි රස ගැන අවබෝදය රටවැසියන්ට ඇත්තේ මද වශයෙනි. එවැනි රසයෙන් මත්වී සිටින රනිල් මහතා ඔය තනතුර අත් නොහරී. (අ)
මහින්ද මහත්තයා යුද්දේ දින්නා. එතුම ගාව තමයි ආසියා කොලේ තියෙන්නේ.දැනට තියෙනේ අනිත් ප්‍රශ්න විසදන්න කව්රු ආවත් බැ. ඉතින් දන්නා යකා, නොදන්නා දෙවියනට වඩා හොදා.(නදී)
මෝඩ මිනිස්සු. ඔතනට සජිත් තියා ඔය ජනාධිපති ධූරය රටට හදුන්වාදුන් ජේ.ආර්. උන්නැහේ වලෙන් නැගිටලා ආවත් මෙදා කපේදී යු.එන්.පි. එකට බලයට එන්න බැහැ. මොකද දන්නවද ඔය ජනාධිපති ධූරය ඇලඩින්ගේ පහන වගේ. (ස)
සජිත් ආවත්, රනිල් හිටියත් යූඑන්පී එකට නැවත ආණ්ඩු කරන්න බෑ. අලුත් දේසපාලනයක් ගැන ජනතාව සිතනවා නම් තමා හොඳ. (ස)
සජිත්ට දීල බෑ.රනිල් තියලත් බෑ.ඒ දෙන්නවම ඉවත් කරන්න.අලුතින් මඩුල්ලක් පත් කර ස්වාධීන ඡන්දයකින් නායකයා පත් කරගන්න.රටට ඕනේ කොන්දක් තියෙන විපක්ෂයක් නිසා. (ස)
සජිත් ආවොත් වෙන්නේ ඉක්මනින්ම ආයෙත් යුඑන්පිය වලට වැටෙන එක.මොකද පුතාට නටන්න වෙන්නේ අම්මා කියන පදේට නිසා. (ස)
කවුරු ආවත් වැඩක් නැහැ. ඔය දේශද්‍රෝහී ලේබල් එක ගලවා ගන්නකම්..අදටත් ඔය ඉන්න හැමෝම කරන්නේ තව තවත් ලේබල් එක තද කරලා අලවන එක විතරයි.. (ස)
ජේ ආර් මහතුන්ට ඕනේ විදිහට නටන්න පුළුවන් කොලේ හැදුවට යූඑන්පිය හදාගන්න ගන්න බැරි වුනානේ?අනේ මන්දා.. (ස)
උතුරු පළාත ආදර්ශෙට අරන් උගත් පුද්ගලයෙක් පත් කරන්න. මෙයා අර මිනි මරපු තාත්තාගේ පුතානේ... (ස)
මට නම් නියම සුදුස්සා රුවන් විජේවර්ධන...(නි)