IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


සංචරණ සීමා නීති තවත් දැඩි කරන්න

(රංජන් කස්තුරි)

කෙරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව මේ වන විට ඉකුත් කාලයට සාපේක්ෂව සියයට 12ක් සහ කෝවිඩ් මරණ සංඛ්‍යාව සියයට 28කින් වර්ධනය වී ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යවමින් පෙන්වා දී තිබේ.

එම නිසා දැනට ක්‍රියාත්මක සංචරණ සීමා තවදුරටත් දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතු බව ද දිනෙන් දින රෝහල් පද්ධතියට දරාගත නොහැකි වන අයුරින් රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන බව  ද මෙය තවදුරටත් වාර්ධනය වුවහොත්  එම තත්ත්වය රෝහල් පද්ධතියට දරාගත නොහැකිවනු ඇතැයි ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ජනාධිපතිවරයාට යවා ඇති එම ලිපියේ සඳහන් වේ.

තවද එන්නත් කරණ වැඩසටහන විනිවිද භාවයකින යුතුව සිදු කළ යුතු අරත ඒ සඳහා විද්‍යාණුකූල හා සාධාරණ ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු වන බව ද එහි සඳහන් වේ.

ඉදිරියේදී ක්‍රියාත්මක කරන එන්නත් කරණ ක්‍රියාවලියේදී දෙවැනි මාත්‍රාවට අවශ්‍ය එන්නත් ප්‍රමාණය ප්‍රමාදයකින් තොර ලබාගැනීමට ස්ථීරක්‍රමයක් ස්ථාපිත කළ යුතුව තිබෙන බව ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ජානාධිපතිවරයාට යවා ඇති එම ලිපියේ සඳහන් වේ

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු  සහ ලේකම් විශේෂඥ වෛද්‍ය ආර්.ඥාණසේකරම් යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව එම ලිපිය ජනාධිපතිවරයා වෙත යවා තිබේ.
 



අදහස් (9)

සංචරණ සීමා නීති තවත් දැඩි කරන්න

රට වැසියා Wednesday, 09 June 2021 01:24 PM

සංචරණ නීති-රීති දැඩි කීරීම තුළින් වසංගතය පාලනය කළ හැකි නම් නොපැකිලව එය කළ යුතුයි..! ඒ ගැන කිසිදු වාදයක් විවාදයක් අවශ්‍යම නැත..! එහෙත්, ඊට සමගාමිව ජනතාවගේ මූලික අවශ්‍යතා විශේෂයෙන්ම ආහාර සහ සෞඛ්‍ය වැනි දේ සැපයිය හැකි වැඩ පිළිවෙලක් රාජ්‍ය අනුග්‍රහ ඇතිව ක්‍රමවත්ව සංවිධානය කර ක්‍රියාත්මක කරන්න.

:       1       47

waman Wednesday, 09 June 2021 03:32 PM

ආණ්ඩුවේ පඩිය කපලා බන්දුල මාමාගේ 5000දීලා කිව්වා නම් "හරි දැන් කියන්න රට වහන්නද ඕනේ අරින්නද කියලා". එතකොට තේරෙයි කියන්න ලේසියි කරන්න තමයි අමාරු කියලා..

:       6       3

asanka Wednesday, 09 June 2021 04:20 PM

ඔයගොල්ලන්ට මොකද විශේෂඥ මහත්තයෝ? කන්න බොන්න.. අතට පයට වැඩකාරයෝ මාසේ අන්තිමට ස්ථිර වැටුපක් රජයෙන් ලැබෙනවා. චැනල් වලින් මාසෙකට පඩිය වගේ තුන් හතර ගුණයක් හොයනවා. ඒ වගේද එදා වේල හොයාගෙන කන මිනිස්සු මේ වෙලාවේ මොන තරම් ප්‍රශ්න අැත්ද? දවසට කී වේලක් බඩගින්නේ ඉන්නවා ඇතිද? ඊයේ කොළඔ දිස්ත්‍රික්කයේ 603 කොරෝනා හැදිච්ච අය අනිත් දිස්ත්‍රික්ක වලත් 600ට අඩුයි. ඉතින් දිස්ත්‍රික්ක මට්ටමින් සංචරණ සීමා නීති පනවන එක තමයි මේ වෙලාවේ හොඳ... දිස්ත්‍රික්කයෙන් එළියට යන්නත් බැහැ. පිට දිස්ත්‍රික්ක වල අයට වෙනත් ඇතුළට එන්නත් බැහැ. මෙය 30 වෙනිදා දක්වා පනවනවා නම් තමයි හොඳ... එතකොට එදාවේල හොයාගෙන කන මිනිස්සුන්ට සෞඛ්‍ය ආරක්ෂිතව එදා වේල හොයාගන්න පුළුවන්...

:       12       51

jayath Wednesday, 09 June 2021 04:29 PM

රටේ මිනිස්සුත් හැසිරෙන්නේ මීහරක් වගේ මළගෙවල් වල යනවා.. මල්පෝච්චි ගන්න කඩවලට යනවා සාද පවත්වනවා. තව මෙකී නොකී දේවල් ඔක්කොම කරනවා. ආණ්ඩුවත් වාහන වල ස්ටීකර් අලවලා වෙනදා වගේම යන ට්‍රැෆික් එක දිහා බලාගෙන ඇඟලුම් කම්හල් ඇතුළු සියලුම කම්හල් ඇරගෙන කෝවිඩ් පොකුරු හදනවා. මේ රට මීට කලින් වහන්න කියලා මේ වෛද්‍යවරු කිව්වා නමුත් මෝඩකමටද නැත්නම් උන්මත්තක කමටද එහෙමත් නැත්නම් තියන උඩඟු කමටද මන්දා එ්ක කලේ නැහැ... දැන් අලුත්ම බයිලාව තමයි දොස්තරලා කිව්වොත් විතරයි අරින්නේ කියලා..

:       2       107

fairoos Wednesday, 09 June 2021 04:34 PM

මෙයාලා කියයි... ඒත් අපේ වියත් මගේ කට්ටියට කොමිෂන් එක එන්නේ මෙහෙම සංචරණ සීමා තිබ්බොත් විතරයි. ලොක්ඩවුන් කළා නම් ඔක්කොම ඉවරයි.

:       14       6

පුබුදු Wednesday, 09 June 2021 04:58 PM

කොළඹ, ගම්පහ දිස්ත්‍රික්ක දෙකේ අඩුවීමක් නෑ. ඒ නිසා ඒ දිස්ත්‍රික්ක දෙකට සංචරණ සීමා දැඩි කරන්න ඕනේ... මම හිතන්නේ ඇඳිරිනීතිය තමයි හොඳම... දැන් සෙසු දිස්ත්‍රික්ක දෙකෙන් ඔය දෙකට එනකොට අවදානම අනික් දිස්ත්‍රික්ක වලට එහෙම්ම තියෙනවා..

:       3       13

ගමේ එකාලා Wednesday, 09 June 2021 06:09 PM

මෙයාලට නම් මොකද කියන්න ලෙහෙසියි... මොනවායින් කියලා අඩුද? ගම්වල ඉන්න අපි කොරෝනා වලින් වගේම ගංවතුරෙනුත් අසරණ වෙලා ඉන්නේ.

:       2       8

නිවර්තනා Wednesday, 09 June 2021 06:27 PM

කෝවිඩ් දරුණුයි.. බ්‍රසීලයේ එහෙම තවත් රැල්ලක් අැවිත්... අපි වගේ තුන්වෙනි ලෝකේ රටකට පළවෙනි ලෝකේ රටවල් වගේ රෝහල්, බේත්, ඔක්සිජන් මොකවත් නෑ. ඉතින් කෝවිඩ් ඉවර කරන්න ඕන අපි... ඇඳිරි නීතිය දාලා හරි කමක් නෑ කෝවිඩ් මේ රැල්ලෙන්ම ඉවර කරන්න ඕන.. මරණ දෙසීය තුන්සීය වාර්තා වෙන තව රැල්ලක් අපිට නම් එපා... මම හිතන්නේ රජයට ඕනත් නෑ.. එහෙම මානව සම්පත් අහිමි කරගන්න...

:       0       9

bandara Wednesday, 09 June 2021 09:06 PM

ලංකාවේ පළමු රැල්ල පාලනය වුණේ ඇඳිරි නීතිය දැමීම නිසයි. සංචරණ සීමා තදින්ම ක්‍රියාත්මක වුණා. දැන් තියෙන සංචරණ සීමා නාමිකයි. පාරවල් වල යන වාහන වලින් පේනවා. මේවා බලන්න පොලිසියේ ධාරිතාවය මදි. හැකි ඉක්මණින් කොරෝනා පාලනය නොකලොත් අපට දිගු කාලීන ආර්ථික ගැටළු වලට මුහුණදෙන්න වේවි... අජිත් රෝහණ මහත්තයා දවස ගානේ කියනවා අත්අඩංගුවට ගත් සංඛ්‍යාව. කෝ තාම නඩු දාපු කෙනෙක් නෑ. මාර්ග නීතිය වගේ ඒ වෙලාවේම දඩ කොළයක් දුන්නා නම් මේවා පාලනය කරන්න තිබුණා....

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 349 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site