‘කොවිඩ්-19’ වසංගතය මධ්‍යයේ අත්‍යවශ්‍ය බැංකු සේවා පවත්වාගෙන යන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
බලපත්‍රලාභී වාණිජ බැංකුවල සහ බලපත්‍රලාභී විශේෂ බැංකුවලවලට අත්‍යවශ්‍ය බැංකු සේවා පවත්වාගෙන යෑම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහ පොලිස්පතිවරයාගේ අවසරය ලබාගත් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ඒ අනුව ‘කොවිඩ්-19’ වසංගතය පැතිර යෑම පාලනය කිරීමේ සෞඛ්‍යාරක්ෂිත පියවර සහ සංචරණ සීමා දැඩි ලෙස අනුගමනය කරමින් අත්‍යවශ්‍ය බැංකු සේවා පවත්වාගෙන යන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව, බලපත්‍රලාභී වාණිජ බැංකුවල සහ බලපත්‍රලාභී විශේෂ බැංකුවලවලට උපදෙස් ලබා දී ඇත.
ඒ අනුව බලපත්‍රලාභී බැංකුවක සේවක සංඛ්‍යාව 15 නොඉක්ම විය යුතු අතර බැංකු විවෘත කළ යුත්තේ අත්‍යවශ්‍ය බැංකු සේවා පවත්වාගෙන යෑම සඳහා පමණි.
මූල්‍ය, භාණ්ඩාගාර මෙහෙයුම්, නිෂ්කාශන, විශ්‍රාම වැටුප් සහ වැටුප් ගෙවීම්, සහ පාරිභෝගිකයන්ගේ හදිසි අවශ්‍යතා/ඉල්ලීම් යනාදී අත්‍යවශ්‍ය බැංකුව සේවා සඳහා පමණක් බැංකු විවෘත කළ යුතු වේ.
වැඩ වාර සටහනකට අනුව සේවකයන් ගෙන්විය යුතු වන අතර ඒ ඒ බැංකු ශාඛාවේ බැංකු පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා අනුව නිශ්චිත දිනවලදී බැංකු විවෘත කළ යුතු වේ.
බැංකු කළමනාකරුවන් ළඟම පොලිස් ස්ථානයෙන් පූර්ව අනුමැතිය ලබා ගත යුතු අතර බැංකුවේ සේවකයන්ට ගමනා ගමනය කිරීම සඳහා අවසර ලිපියක් ද ලබා දිය යුතු වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැඩි සංචරණ සීමා යනු."අරිනවා.. වහනවා... වහනවා අරිනවා කියන එකද? මේ දවස් වල පෙන්වනවා සංචරණ සීමා විහිලු...
යකෝ, බැංකුවක් වහන්න හදනකොට අරින්න කියනවා. එතකොට කොරෝන පැතිරෙන්න පාර කපන්නේ ආණ්ඩුවනෙ. මිනිස්සුන්ට ගෙදර ඉන්නම දෙන්නේ නෑ.
බැංකු ඇරියාම මොකෝ ඔහෙලා ගෙදර ඉන්නකෝ...!!! මොකෝ ඔහෙලා ගෙදර හිටියා කියලා අපිට අමාරුද? බැංකුවට අමාරුද? වෙළෙන්දෝ බඩු ගෙදරට ගෙනාවට නිකන් දීලා යන්නේ නැහැ. ඒ හින්දා අපි යනවා සල්ලි ගන්න බැංකු....